අපේ කාලයේ විශාඛාවක්...

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපේ කාලයේ විශාඛාවක්...

    1.jpg


    ශ්‍රී ලංකාවේ දානපතිනියක්‌ විසින් මෙතෙක්‌ රෝහලක්‌ සඳහා සිදු කරන ලද විශාලතම ධන පරිත්‍යාගය මහර කඩවත පදිංචි හේමලතා මාලනී ආරියරත්න මහත්මිය විසින් රාගම ශික්‌ෂණ රෝහලට කර තිබේ. ඇය විසින් රාගම ශික්‌ෂණ රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්‌ථාවේ එම රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජී. විඡේසූරිය මහතා හමුවී ඇය සතු රුපියල් කෝටි 46 ක්‌ පමණ වටිනාකමකින් යුත් ඉඩම්, නිවාස හා ගොඩනැගිලි ඇතුළු සියලුම දේපොළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව කියා සිටියාය.

    ඒ අනුව ඊයේ (23 දා)) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ඇය තෑගි ඔප්පුවකින් ඇය සතු සියලුම ඉඩකඩම් හා නිවාස ඇතුළු සියලුම දේපොළ රාගම රෝහලේ සංවර්ධනය සඳහා ලියාදීමට පියවර ගත්තාය.

    විශේෂයෙන්ම රජය විසින් නොමිලේ රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට වැය කරන අතිමහත් ධනස්‌කන්ධය මෙන්ම රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ගේ අසරණභාවය සලකා තමන් මෙම තීරණය ගත් බව ඇය කියා සිටියාය.

    මෙම පරිත්‍යාගය මෙතෙක්‌ ශ්‍රී ලාංකිකයකු විසින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දුන් දැවැන්තම පරිත්‍යාගය වන බව මෙම අවස්‌ථාවට සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ අතර හෙතෙම කියා සිටියේ බෝධිසත්ව ගුණෝපේත විශාඛාවන්, බන්ධුල මල්ලිකාවන් වැනි මව්වරුන් තවමත් අපේ රටේ සිටින බව මෙම පරිත්‍යාගයෙන් පෙනී ගිය බවයි. මහජන දේපොළ සූරාකමින්, හොරමැරකම්වලින් ධනය ඉපයීමට වෙහෙස දරන පුද්ගලයන් රැසක්‌ සිටින මෙවන් යුගයක හේමලතා මාලනී මහත්මිය සුසමාදර්ශයකැයි ද අමාත්‍යවරයා කියා සිsටියේය.

    මෙම ගොඩනැගිලි උපයෝගී කර ගනිමින් මේ වනවිට ආබාධිත පුද්ගලයන්ට රෝදපුටු සකස්‌ කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන අතර එමගින් රාගම පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම වැඩිහිටි, ළමා රෝගීන්ට නොමිලයේ රෝද පුටු ලබාදීමට කටයුතු කරයි. එමෙන්ම ඉතිරි ගොඩනැගිලිවල රාගම ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර ඒකකයක්‌ ඇරඹීමට දැනටමත් පියවර ගෙන තිබේ.

    http://www.divaina.com/2011/03/24/news02.html
     

    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    නියම චරිතයක් .. ලංකාවේ මෙහෙම මිනිසුන් ඉන්න එක අපිට ආඩම්බරයක්....