අපේ කාලයේ විහාරමහාදේවි කෙනෙක්
අපේ කාලයේ විහාරමහාදේවි කෙනෙක්
රට වට බැඳි පවුරු ගලනා අයාලේ
රට වෙඩි දමා නිදහස සොයමින් ඉගිලේ
නුඹ පුත සොහොන් කොත බිඳ පෙන්නා එඩි ලේ
ආයෙත් වරෙන් බත් කට තවමත් උකුලේ
ලේ බිඳුවකට දරු දුක පාවන්න එපා
සොහොන් කොතට අවනඩුවක් වෙන්න එපා
ගංගා දියට කඳුලැලි මුසු කරනු එපා
මව් ගිනි අවුලුවා රජ කම් කරනු එපා
මාලන් විදානපතිරණ
(කොළඹ විශ්ව විද්‍යාලයීය හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ 2015.03.10 වැනිදා පැවැති තෙවැනි වසර Verbal Art විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණයට නිර්මාණයවුණු ජන කවියේ එන වැළපුම් ගී ඇසුරින් නිර්මාණය වුණු සංගීතමය නිෂ්පාදනයෙන් අවසන් මොහොතේදී ඉවත් වුණු මා නිර්මාණය කළ කවි දෙකකි.)