අපේ කාලයේ වීරයෙක්. ඇත්ත Superman කෙනෙක්.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Kim-Jong-un.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කියන්න දෙයක් නෑ එලමකිරි :yes::yes:
    සිරාවටම අපේ ගොඩක් උන් පොරවල් කරන් ඉන්නෙ මුක්කුද මේ මිනිස්සු එක්ක බලද්දි :dull:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේ වගේ මිනිස්සුන්ගේ නම් මිට වැඩිය මිනිසුන් අතරේ සැරි සරන්න ඕන.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    shavarsh Karapetya කියන්නේ සෝවියට් රුසියාවේ මෙතෙක් පහල උන හොඳම පිහිනුම් ශුරයා.

    shavarash2.jpg



    70 දශකයේදී මෙයාගේ නම ලෝකයේ හැමතනක්දීම අහන්න ලැබුන. මොකද 1976 වෙනකොට Shavarsh පිහිනීමේ ලෝක වාර්තා 11 කට, ලෝක කුසලාන ශුරතා 17 කට, යුරෝපා කුසලාන ශුරතා 13 කට හා සෝවියට් රුසියා ශුරතා කුසලාන 7 කට හිමිකම් කිව්වා.

    මේ තියෙන්නේ මෙයාගේ පදක්කම් සෙට් එක.:shocked:

    1345727983_7ylveq9xplq.jpg


    Shavarsh ට බොහොම දීප්තිමත් අනාගතයක් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තිබුන. සියවසේ හොඳම ක්‍රීඩකය වීමට අවස්ථාවකුත් මෙයාට තිබුන. නමුත් 1976 සැප්තැම්බර් 16 වෙනිදා මේ සියල්ල වෙනස් උනා. වෙනදා මෙන් shavarsh හා ඔහුගේ සහෝදරයා අර්මෙනියාවේ එරෙවන් වේල්ල මත සුපුරුදු උදැසන දිවීමේ යෙදෙමින් සිටියදී මගී බස් රථයක් පාලනයෙන් තොර වී ජලාශයට අද වැටෙනවා දුටුවා.

    sharvarsh_karpetyan_trolleybus_pulling_out.jpg


    මේ ජලාශයේ උෂ්ණත්වය අයිස් මිදෙන තරමට අඩු උෂ්ණත්වයකින් පැවතියේ. පුරුදු නැති කෙනෙකු මෙවන් ජලයකට එකවර වැටුණු විට ඇතිවෙන ගැස්මට සිහි නැති වනවා. අනෙක සාමාන්‍යයෙන් එවන් සිතල ජලය තුල මිනිසුන් විනාඩි 5ක් පසුවන විට මිය යනවා.

    වතුරට වැටෙන විට මෙම බසයේ මගින් 92 ක් සිටිය. කිහිප දෙනෙකු හැර අනෙක් සැමගේ සිහිය එකවර නැති වී තිබුනා. මේ ගැන මනාව දැන සිටි sharvarsh දෙවරක් නොසිතා මගීන් බේරා ගැනීමට සිතල වතුරට පැන්න. බසය මීටර් 10 ක් ගැඹුරේ තිබුණු අතර ඔහු තම කකුලෙන් ගසා බසයේ විදුරු කඩා මගින් එක්කෙනා බැගින් වෙරළට රැගෙන ආව. සහෝදරයා වෙරළේ සිට රැගෙන එන අය ප්‍රථමාධාර ලබා දුන්න. sharvarsh හැර අනෙක් කවුරුවත් වතුරට යාමට අකමැති වුයේ එය පැහැදිලි සියදිවි නසාගැනීමක් වන නිසා. විදුරු මගින් දරුණු කැපුම් තුවාල ඔහුගේ කකුලට හා පිටට සිදුවී තුබුණත් තමන්ට සිහිය නැති වනතෙක් විනාඩි 20ක් තිස්සේ 30 වරක් කිමිදී මිනිසුන් 29 දෙනෙකු ගොඩට ගෙන ආවා. ඉන් 20 දෙනෙකු ජිවත් වුවා. පසුව රෝහලේදී ඔහු පැවසුවේ එක්වරක් ඔහුට වැරදි බසයේ ආසනයක් මිනිසෙකු කියා සිතා උඩට ගෙන ආ බවත් ඔහුගේ එම වැරැද්ද නිසා තව ජිවිතයක් බේරා ගැනීමට නොහැකි වීම ගැන තම මුළු ජීවිතයේම පසුතැවෙනු ඇති බවත්ය.

    “I knew that I could only save so many lives, I was afraid to make a mistake. It was so dark down there that I could barely see anything. One of my dives, I accidentally grabbed a seat instead of a passenger... I could have saved a life instead. That seat still haunts me in my nightmares.”

    Sharvarsh ද වහාම රෝහල් ගත කෙරුණු අතර දරුණු නිවුමෝනියා තත්වයකට, කැපුම් තුවාල හා ජලාශයේ අපිරිසිදු ජලය නිසා රුධිර ආසාදනයකට ලක් උනා. ඔහු සිහි නොමැතිව දවස් 46ක් රෝහලේ සිටි අතර සියලු දෙන සිතුවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බවයි. පසුව ඔහුගේ තත්වය සුව අතට හැරුණත් යලිත් ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහුට අහිමි වුවා.:( වර්තමානයේදී නවීන තාක්ෂණයත් අනුව විද්වතුන් තවම පවසන්නේ එම ක්‍රියාව Sharvarsh හට පමණක් කල හැකි බවයි. විනාඩි 5න් මිය යා යුතු පුද්ගලයා විනාඩි 20ක් තිස්සේ මිනිසුන් බේරා ගැනීම තවමත් පැහැදිලි කලා නොහැකි ක්‍රියාවක්.

    0_82e31_79327e33_XL.jpg



    ඔබ සිතන්න ඇති Sharvarsh ගේ කතාව මෙතනින් ඉවර බව. නැහැ.

    1985 පෙබරවාරි 19 වෙනිදා ඔහු ගිනිගන්න ගොඩනැගිල්ලක් දුටුවා. එහි මිනිසුන් තවමත් සිරවී සිටින බව දුටුවිට දෙවරක් නොසිතා සිරවී සිටි මිනිසුන් බේරා ගැනීමට ක්‍රියා කලා. ඉන් ඇති වූ දරුණු පිළිස්සුම් තුවාල නිසා දීර්ඝ කාලයක් රෝහල්ගත වී සිටිමට ඔහුට සිදු වූවා.

    sharvarsh_karpetyan_today.jpg


    වර්තමානයේදී Sharvarsh මොස්කවූ නගරයේ කුඩා සපත්තු කඩයක් පවත්වාගෙන යමින් සරල ජිවිතයක් ගත කරනවා. මේ වගේ මිනිස්සුන්ගේ නම් මිට වැඩිය මිනිසුන් අතරේ සැරි සරන්න ඕන.:yes:


    කට්ටිය මේකට කැමතිනම් මේ තියෙන්නේ මේකට පොඩ්ඩක් සමාන මම දාපු තව thread එකක්.​

    මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS​

    good post! :):):):)

    Rep5+ Whizzkid
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    සියවසේ ක්‍රීඩකය කියල කිව්වට පාඩු නැ