apema ekek wenuwen deyak karanna hitana unta man hitanne meka thama hodama uaduwa apita moko set wemuda machan?
අනිවා සෙට් වෙමු
apema ekek wenuwen deyak karanna hitana unta man hitanne meka thama hodama uaduwa apita moko set wemuda machan?
කොල්ලගේ වාසනාවයි උඹලගේ කැපවීමයි නිසා හැම දේම හරියයි මචං.
හිතේ ඒ ගැම්ම තියාගෙන ඉදපං.
ජේසු පිහිටයි,බුදු සරනයි
වැදගත් ජොබ් එකක් හම්බ වෙලා, වැදගත් විදියට රස්සාව කරගෙන ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
කෙරෙන දෙයක් තියේනම් කියන්න....
රණ්ඩු වෙලා මරාගත්තට මෙතන ගොඩාක් ඉන්නේ කරදරේකදී උණු වෙන පිරිසක්...
සුභ පතනවා ඉදිරි අනාගතේ දරුවාගේ වාසනාවෙන් ඔයාලට සතුට සමාදානය මිල මුදල් යාන වාහන ඉතිරිලා යන්න ලැබේවා කියල....
බුදු සරණයි...
ජේසු පිහිටයි...

ජිවිත කතාව බොහොම ලස්සනයි, හිතේ හයිය තියෙන නියම කොල්ලෙක් උබ වාසනාව ජය සතුට පතනව,ඔතන තියෙන්නේ බොහොම සුළු කතාවක් විතරයි.
ජොබ එක නැති වෙලා මුල් ටිකේ ජොබ් බැලුවා , ඉන්ටව් ගියා එත් හරි ගියේ නැ .. මාස දෙකක් ගියාට පස්සේ තීරණය කරා කුලී වැඩ වලට හරි යන්න ....





ඔතන තියෙන්නේ බොහොම සුළු කතාවක් විතරයි.
ජොබ එක නැති වෙලා මුල් ටිකේ ජොබ් බැලුවා , ඉන්ටව් ගියා එත් හරි ගියේ නැ .. මාස දෙකක් ගියාට පස්සේ තීරණය කරා කුලී වැඩ වලට හරි යන්න ....
ටොයිලට් වලවල් කැපුවා
බදාම ඇනුවා
අත්තිවාරම් කැපුවා
අන්තිමට වැඩ කරේ සිමෙන්ති ආකෘති හදන තැනක
මුල ඉදන්ම ඔෆිස් වල වැඩ කරපු මට මේවා අලුත් .. කරලා තිබ්බත් ඉදලා හිටලා ගෙදර වැඩ වලට විතරයි. එත් එක්කම මගේ කකුලේ සහ අත් දෙකේ අමාරුව වැඩි වෙන්න ගත්තා ... ඒ කලින් උන අනතුරු දෙකක් නිසා ඉතුරු උන තුවාල නිසා
අන්තිමේදී බර වැඩ දිගටම කරන්න බැරි වීම නිසා එකත් නවත්තන්න උනා .............
ඔය තව සිද්දියක් විතරයි .. තව ඕනා තරම් දේවල් උනා බන් ..... සැබෑ ජිවිතේ අත්දකින්න මේවා වෙන්නම ඕනේ ඉතින්
අදටත් මම මගේ වයිෆ් ට ගරු කරන්නේ මගේ අතේ සතේ නැති වෙලා ඉද්දිත් මාව දාලා නොගිය නිසා .. පොඩ් දේවල් වලටත් රණ්ඩු වෙලා කසාද කැඩෙන මොහොතක හැම දෙයක්ම ඉවසීමෙන් විද දරාගෙන හිටියා මාත් එක්ක .... ඉවසීම පැන්න වෙලාවලුත් තිබ්බා එයා හිටපු තත්ත්වෙත් එක්ක .... එත් ඒ හැමදෙයක්ම මම විද දරාගෙන හිටියා එයා එච්චරටම මට වටින නිසා
මම දැන් පාවිච්චි කරන 4G ඉන්ටර්නෙට් එකත් මස්සිනාගේ. හැමෝගෙම උදව් තිබ්බා නිසා කොහොම හරි ගෙට ගහගන්නවා.. එත් දැන් අන්තිම අන්තිම හරියේ ඉන්නේ ..... ගොඩ යන දවස එනකං අසාවෙන් බලාගෙන වැඩ කරගෙන යනවා

ගමයටයි, පුංචි පුතාටයි, පුතාගෙ අම්මටයි, පුතාගෙ තාත්තටයි හතර දෙනාටම උණුසුම් සුභ පැතුම්!!!
කොහොම උණත් දැන් වගකීම් වැඩියි. සතුටින් සමගියෙන් පිරුණු සාර්ථක පවුලක් වේවා!!
:sorry