මම මෙහෙම අදහසක් දෙන්නම් උබ පිළිගනීද දන්නේ නෑ..මන් හිතන්නේ මෙහෙම මේ t20 matches ඒ කියන්නේ පන්දු තියෙන්නේ 120 .. ඒකෙන් අදහස් කලේ අපේ ඉන්න හොදම සෙට් එක ඔය පන්දු වලින් ගොඩක් මුහුන දෙන්න ඕනා එතකොටයි හොද ලකුණු ගානකට යන්න පුලුවන් එහෙම නැතුව පන්දු ගිහින් විකටුත් එක්ක උන්ට සෙට් උනාම කොහොමත් මුකුත් කරගන්න බෑ..
මට හිතෙන විදියට technically correct හොදට t20 ගහන්න පුලුවන් batsman ලා ගත්තොත් එතන අනිවා චරිත්, බානුකයි චාමිකයි ඉන්නවා ඒ කියන්නේ උන් අනිවා ball 20 - 30 ගහන්න ඕනා ඒ කිව්වේ උන් ටිකක් උඩින් ගහන්න ඕනා කියන එක..එහෙම කියලා මන් කියන්නේ නෑ බානුකයව , චාමිකයව open එවන්න කියලා මන් කියන්නේ දැන් චාමික ගහන තැන බොරු වැඩක් ඌ හොදට සෙල්ලම් කරන නිසා ඌ උඩින් එවන්න ඕන අඩුම බානුකට යටින්..එතකොට උන් දන්නවා උන්ට යටින් වනිදු,දසුන් එහෙම එනවා කියලා..මන් තාමත් පිලිගන්නේ නෑ අවිශ්ක technically correct කියලා pressure handle කරන්න අමාරුයි, experience අඩු නිසා වෙන්න ඕනා..අනිත් මැච් වල ගැහුවේ ඒවා පැරදුනත් අවුලක් නෑ (warmups) එහෙම දැන් එහෙම බෑ expectation , pressure එක වැඩී..චරිත් උනත් බානුකත් out උන ගොඩක් වෙලාවට ඒකයි උනේ හැබැයි උන් දෙන්නගේම විශේශය එකක් දෙකක් සෙට් උනොත් ටග්ගාලා සෙට්ල් වෙලා ගහනවා..අවිශ්කට අමාරු ඌ ගොඩක් වෙලා ගන්න එක..එතකොට චාමික ගත්තොත් උබ දැක්කනම් කොයිවෙලෙත් ඌ එන්නේ හෙනම ගැම්මෙන් ඌ pressure එක වැඩක් නෑ..ආපු වෙලේ ඉදන් අනිත් උන් වගේ නෙමෙයි බැට් එකේ middle එකටම සෙට් වෙන්න ගහනවා..ඌව හදන්න ඕනා Batting allrounder කෙනෙක් විදියට මන් දකින්න උගේ බැටින් ඉස්සරහ තියෙනවා බෝලින් වලට වඩා.
දසුන් ඕමාන් වල ගැහුවා තමා ඒත් උගේ බැටින් නම් අවුල්..උබලා කොහොම දකිනවද දන්නේ නෑ ඌ ගහන්න හදන්නේ කෙලින් විතරයි ඒ කිව්වේ shots අඩුයි..එතකොට ඌ චාමිකටත් කලින් එන එකේ කිසි වාසියක් නෑ..ඒ කියන්නේ වැදුනොත් වැදුනා නැත්නම් නෑ වගේ..වනිදුත් එහෙමයි එකක සාර්තක උනා කියලා හැම එකේම ඌව උඩින් එවන එක බොරු වැඩක්..මොකද ඌ ගොඩක් වෙලාවට බලන්නේ attack කරන්න..ඒත් ඒක හැමතිස්සේම හරි යන්නේ නෑ..
උඹේ කතාව ඇත්ත මචන්.
දසුන් pinch hitter කෙනෙක් විදියට අවුලක් නැහැ. හැබැයි එහෙනම් ඌ බෝල් කරන්න ඕන (genuine බැට්ස්මන් නෙවෙයි නිසා )
අසලංකගෙ technique එකත් එක්ක ඌට ටෙස්ට් / 50 ඔවර්ස් / T20 තුනේම 1 down ගහන්න පුළුවන් වගේ
චාමික middle order බැට් කලාට අවුලක් නැහැ. බැහැයි ඌ Dhoni type. ඌව අන්තිම ඔවර්ස් 2 එවල වැඩක් නැහැ. උඹ කිව්ව වගේ ඌට හරියට ෂොට්ස් ගහන්න වෙලාව දෙන්න ඕන.
අවිශ්ක ඕපනින් බැට්ස්මන් කෙනෙක්. ඌව middle order ගස්සන එකෙන් ඌට වැඩකුත් නැහැ . ටීම් එකට වැඩකුත් නැහැ
ඌගෙ technique එකේ අවුල් තියනව. හැබැයි power play එකේදී ඌට වදින්න චාන්ස් එකක් තියනව. ඌට power play එකේදී වැදුනොත්, ඊට පස්සෙ බොලර්සලා ඩිෆෙන්සිව් බෝල් කරන නිසා ඌට ගැම්මෙන් ගහන්න පුළුවන්
භානුක දැන් ටිකක් විතර responsibly ගහනවා වගේ මොලේ කල්පනාකරල. ඒ නිසා ඌගෙන් ලොකු අවුලක් නැතිවෙයි
වනිදුට ඌගෙ නැචුරල් ගේම් එක ගහන්න දෙන්න ඕන. හැමදාම ඌව උඩින් එවන එක තේරුමක් නැහැ