bone tumer එකක්
නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
අස්ථිය බොල් වෙලා
ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
Last edited:

