අපේ පට්ට පොරවල්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ පට්ට පොරවල්

    ආණ්ඩුව වෙනස්වූ සැනෙකින් අපේ සමහරක්ගේ ජාතියට තිබෙන ආදරය දෙකොනින් බේරෙනවාය .. රටට තිබෙන ආදරය ජීවිතය හා සමානය.. සමහරක් වෙලාවට රටට ජාතියට තමුන්ගේ මවටත් වඩා ආදරය කරන බව පෙන්වනවාය..ආගමටද එකසේම එසේමය.. රට, ජාතිය, ආගම පන හා සමානය.. එහෙව් රටට ජාතියට ආගමට ආදරේ කරන අපේ පට්ට පොරවල් මාරම මාරය.. රටට ආදරේ කරන එහෙව් අපේ පට්ට පොරවල්, පාලකයින් රට උගසට තබා ගිනි පොලියට විදේශ වලට ණය වී ඒ මුදල් කොමිස් ගසා වංචාවෙන් යටිමඩි ගසන විට අපේ පොරවල් වලට රට ගැන තිබෙන්නාවූ කැක්කුම කොහේදෝ නැතිය..

    යුද ජයග්‍රහණයට කරට කර දායකවූ ත්‍රිවිද හමුදාපති තුමා සිරගත කරනා විට ජාතිය , ආගම , රට ගැන තිබෙන්නාවූ ආලය තිබුනේ පස්ස දොරෙන් පලාගියා වාගේය ...හමුදාවේ දහස් ගණනින් ඝාතනය කරනු ලද්දාවූ ත්‍රස්තවාදී කණ්ඩායම් නායකයින් ඇමතිකම් දරනාවිට ජාත්‍යාලය, රට ගැන තිබෙන ආදරය කොහේදෝ නැතිය.. තම ජාතියට පන මෙන් ආදරේ කරන අපේ පට්ට පොරවල් අල්ලපු ගෙදර එකා සමග වැට ඉන්නට මිනී මරාගන්නේය..ජාත්‍යාලය වෑහෙන මාර පොරවල් වාහනයක ගමනක් යනවිට බස් නැවතුමේ ඉන්නා අසල්වැසියා අඳුනන්නේද නැතිය..එහෙව් ජාත්‍යාලය තිබෙන අපේ පට්ට රටේ පාලු තැනකදී ඇහැට කනට පෙනෙන තරුණියක් සෙට් වුවහොත් ඇය දුෂණය කිරීමට උත්සහ දැරීම මාරම මාරය.. එත් අපේ එවුන් රටට ජාතියට මාර ආදරේය ..

    එහෙව් රට ගැන කැක්කුමක් තිබෙන පොරවල් චන්දයක් ආ කල ලංගම බස් රථයේ පටන් සියලුම පොදු දේපල වල පෝස්ටර් අලවනවාය..8 වසර දක්වා හෝ අද්‍යාපනය නොලද හොර තක්කඩියන් උත්තරීතර පාර්ලිමේන්තුවට රැස්වී රට සුඛිත මුදිත කරනා තුරු මලා සේ ජීවත්වීමට සිටීමට ජාති මාමකයින් පසුභට නැත්තේය.. පොල් ගෙඩිය සොරකම් කල දැරියට රුපියල් පනස්දාහට ඇප ලබාදෙන රටේ ස්ත්‍රී දුෂකයින්ට ඇප ලබාගැනීමට වියදම් වන්නේ රුපියල් දහදාහක් පමණක් වුවත් ජාති මාමකයින් කල් ගතකරන්නේ එව්වා නොදන්නා ගානටය..

    ජාතිය සුරැකීමට පන වුවද දීමට කැමතියි කියනා අපේ පට්ට පොරවල් පාරේ සිටිනා හිඟන්නෙකුට රුපියලක් දෙන්නට තරම් වත් පරිත්‍යාගශීලී නැතිය...එහෙව් රටට ජාතියට ආදරේ පොරවල් බස්රථයක දුම්රියක ගමන් ගන්නා විට බසයට ගොඩවෙන වයසක ලොක්කෙකු හෝ ලොක්කියකු දුටු කල වාඩිවී සිටිනා අසුනේ ඉබේටම නින්දට වැටෙනවාය.. මේ තරම් රටට ජාතියට ආදරේ කරන අපේ පොරවල් හොර තක්කඩියෙකු මැතිවරණයට ඉදිරිපත් වූ කල එම හොරගෙඩියාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතිරය ගසන්නට දෙවරක් සිතන්නේද නැත. මෙකි නොකී බොහෝ ජාතිමාමක ක්‍රියාවන් මෙහි ලියන්නට ගියහොත් ලියන්නට ඉඩ මදිවෙනවාය. ඒ කීවේ ජාතිය ගැනය..

    ආගම ගැන බොක්කෙන්ම ජීවිතය පුජා කරන්නට දඟලන අපේ සමහර පොරවල් නොනගතය වෙලාවටවත් පන්සලට ගොඩවන්නේ ද නැත. පෝය දවසට තැබෑරුම වසන බැවින් පෝය දවසේ පානය සඳහා මධුපාන රැගෙන එන්නේ පෝය දවසට කලින් දවසේය.. එහෙව් ආගම ගැන කැක්කුම තිබෙන මාර පොරවල් පාද යාත්‍රාවෙන් වඩිනා ස්වාමින්වහන්සේ නමක් තම රථයට ගොඩකරගන්නේ ද නැත..ආගම ගැන පන දෙන්නට දත කන අපේ එවුන් අරන්තලාවේ ඝාතකයන් ඇමතිකම් දරනාවිට පෙනුනා නොපෙනුනා ගානය..

    එහෙව් ආගම ගැන බොක්කෙන් සිටිනා පොරවල් සමහරක් ඉතිපිසෝ ගාථාවවත් කටපාඩමින් දන්නේද නැත..එහෙව් සමහරක් පොරවල් පන්සලට සලාක දානය රැගෙන යන්නේද නොදී සිටීමට බැරි නිසාය..එත් අපේ පොරවල් මාරය.. ආගම වෙනුවෙන් ජීවිතය වුවද පුජා කිරීමට එකෙන්ම ඉදිරියට එන්නේය.. එහෙත් බුදුරජානන් වහන්සේ දේශනා කරන ලද්දාවූ කිසිදු සීලයක් රකින්නේ තියා පෝයට සිල් ගන්නේද නැතිය...මෙකී නොකී සියලු දුර්වලකම් තිබුනද රටට , ආගමට, ජාතියට ෆුල් බොක්කය..මේ කියනාවූ රටට , ජාතියට, ආගමට ආදරේ කරන්නාවූ පොරවල් ජීවත්වන්නාවූ ආශ්චර්යමත් රටේ අපරාධ පිරිලාය..උසාවි, පොලිසි වල ජාති මාමකයින් වැට ඉන්නට මිනිමරාගෙන නඩු හබ වෙනුවෙන් පොලිමේය.. එත් කට ඇරියොත් රටට, ජාතියට, ආගමට බොක්ක වුවද දෙන සුළුය..අපේ එවුන් ජාතියට තිබෙන ආදරය දෙකොනින් බේරෙනවාය ..

    (කිසියම් පුද්ගලයෙකුට පුද්ගලිකව කරන ලද්දාවූ මඩ ප්‍රහාරයක් නොවන බව කරුණාවෙන් සලකන්න.)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Mahindaya + Wimal la moda minissunge brain wash kala ban. ganan ganna epa, oka week ekakin dekakin nethi wela My3 ta wadinna patan gani. (modakama)
    Molen newei me rate bahutharaya weda karanne.