අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ...........

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    අන්තර්ජාලයේ සරිසරන විට හමුවුනී ඉස්සර් ඇහුනු ගීතයක් සිතුනෙමි පලකරන්නට මෙහි ඔබත් කැමති වේයයි සිතා.

    118275552_343186450186200_6748777769333289716_n.jpg

    117923354_199055014981233_806644651517243118_o.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    indexf.jpeg
    indexfc.jpeg


    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහ කඳුළු රැඳි පෑනෙන්...
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ...
    එයා පැලැන්දූ මංගල මුදුවේ
    ආඩම්බරකම මම දුටිමී...
    ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
    මංගල මාලය මම දුටිමී...
    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ...
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ...
    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනව ලියන්නද මීට වඩා...
    මේ ගැන අන් කිසිවෙකු නෑ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා...
    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ...
    කියවා හැඬුවත් මට නම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ...
    ගායනය : ටී. ෂෙල්ටන් පෙරේරා
    පද රචනය : ඩෝල්ටන් අල්විස්
    තනුව : ටී. ෂෙල්ටන් පෙරේරා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    indexff.jpeg


    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්...
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්....
    සයුර ඉම ලත් සිතිජ රේඛාවේ...
    මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ...
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා ........ අද
    තනිවෙනා මොහොතින්...
    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ....
    උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්...
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
    ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
    යදින්නම් ........ ඔබ
    මැකී යනු මතකෙන්...
    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ....

    ගායනය : සුනිල් එදිරිසිංහ මහතා
    පදරචනය. : කුමාරදාස සපුතන්ත්‍රී මහතා
    සංගීතය : රෝහණ වීරසිංහ මහතා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    View attachment 90990

    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්...
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්....

    තමා හැරදමා ගිය පෙම්වතියගේ රුව තම සිතෙහි පැලපදියම් වී ඇති අයුරු පෙන්වා දෙනව.
    තනිවන සෑම මොහොතකම ඇගේ හසරැල් මතකයට නැගී සිත විඩාවට පත්වෙනව.


    සයුර ඉම ලත් සිතිජ රේඛාවේ...
    මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ...
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා ........ අද
    තනිවෙනා මොහොතින්...

    ලොවම අඳුරුකරමින් ඈත ක්ෂිතිජයේ සැඟවී යන සූර්යා සේ මාගේ ලෝකය අඳුරුකර මා හැරගිය ඔබේ මතකයන් මා තනි වන සෑම විටකම මා දවාලනව.

    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ....

    උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්...
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
    ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
    යදින්නම් ........ ඔබ
    මැකී යනු මතකෙන්...
    හදේ ‍කොතැනක හෝ හිදී ඔබ....

    පිවිතුරු ප්‍රේමයේ නාමයෙන්, මා සිතෙහි හටගත් දුක, තුනී වී යන්නට මත්තෙන් සිය දහස් වාරයක් මා පැතූ ලෙසින්ම ඔබේ මතකයන් මා සිතින් මැකී යන්න....


    ගායනය : සුනිල් එදිරිසිංහ මහතා
    පදරචනය. : කුමාරදාස සපුතන්ත්‍රී මහතා
    සංගීතය : රෝහණ වීරසිංහ මහතා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    indexk.jpeg


    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ
    ඔබෙ සුවඳ මා ළඟින්......//
    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියා දෝ..//
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ....
    තනිවෙන්නට..................
    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ..//
    සෝ ගීයකි දුක් බර වූ
    සැනසුම කොහි වේ දෝ...
    තනිවෙන්නට.....................

    ගායනය -: වික්ටර් රත්නායක
    පද රචනය -: බුද්ධදාස ගලප්පත්ති
    සංගීතය -: රෝහණ වීරසිංහ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සුදු නෙළුම කෝ සොර බොර වැවේ

    මල් සුවඳ කෝ මහියංගනේ

    පුන් පෝයදා පාළොස්වකේ

    මල් නෙළා විකිණූ පන්සලේ


    වැවට කලුවර යා වුනා

    සංසාර දුක බෝ වුනා

    නෙළු මල් මිට ඉහිරුනා

    එහා ඉවුරට පාවුනා


    සුදු නෙළුම කෝ....


    සිහින් සිරිපොද වෑහුනා

    ඉවුරු දෙකොපුල සේදුනා

    සුදු නෙළුම් මල දෑස පියවී

    මෙහා ඉවුරට පාවුනා


    සුදු නෙළුම කෝ...


     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම අහල තියෙනව මුල් පද රචනයෙ තියෙන්නෙ ''සඳ හොරෙන් බලා - වලා රොදක සැඟවිලා'' යනුවෙන්ලු. සංගීතය කරන්න කේමදාස මාස්ටර්ට දුන්නම - 'මෙහෙම බෑ.. හොරෙන් කියල 3න් වතාවක් කියන්න' කියල කිව්වලු.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අන්තර්ජාලයේ සරිසරන විට හමුවුනී ඉස්සර් ඇහුනු ගීතයක් සිතුනෙමි පලකරන්නට මෙහි ඔබත් කැමති වේයයි සිතා.

    View attachment 90983
    View attachment 90984

    සෙක්සි තේරුමක් තියනව නෙහ් මේකට