අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ...........

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Hamoma me sinduwa Bodu giyak kiyala hitanne..(Dansal wala, Bodu uthsawa wala danawa) But its not.. :no:
    download.php
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113

    හිම කඳු අතරින් පාවී එන්නේ
    නීල වලාවේ පැහැය දරා
    දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
    බලන්න මා දෙස මඳහස පාලා
    බලන්න මා දෙස මඳහස පාලා

    මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
    ලැසි ගමනින් පා සළඹ සලන්නේ //
    මුව සඟවා ලූ සළුව මුදා හැර
    බලන්න මා දෙස මඳහස පාලා
    බලන්න මා දෙස මඳහස පාලා

    එරන්දතී සුකුමාල ළඳුන්නේ
    දිගු වරලස සුදු මල් ගවසන්නේ //
    දෑත නඟා නිල් වරල උනා යළි
    බලන්න මා දෙස මඳහස පාලා
    බලන්න මා දෙස මඳහස පාලා

    හිම කඳු අතරින් පාවී එන්නේ
    නීල වලාවේ පැහැය දරා
    දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
    බලන්න මා දෙස මඳහස පාලා
    බලන්න මා දෙස මඳහස පාලා

    ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
    ගී පද - සරත් අමුණුගම
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මොරටුවේ වඩු පවුලක ඉපදුණ ඇල්බට් පෙරේරා

    ලංකාවේ සංගීත ක්ෂේත‍්‍රයේ අග තැන්හි වැජඹුණ ආචාර්ය ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ ආරම්භය ගැන පැරණි පරපුර දැන සිටියත් අලූත් පරපුර දන්නේ අඩුවෙනි. ඇල්බට් පෙරේරා යන උපන් නම ඇතිව වඩු කාර්මිකයෙකුගේ පුතෙකුව ඉපදී පසුව ජනතා අරමුදලකින් සංගීතය හදාරා ඔහු ඉහළට ආ හැටිත් පසු කලෙක ඇල්බට් නම වෙනස් කර අමරදේවයන් වී සිංහල සංගීත ක්ෂේත්‍රය දිග්විජය කළ හැටිත් සමහරුන් නොදනී.
    අමරදේවයන් විසින්ම තම අතීත පුවත මින් වසර හතරකට පමණ ඉහත 2012 දී මෙසේ හෙළි කර තිබේ.
    ‘මගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඒ නිසා නිතරම අලූත්වැඩියාව සඳහා වයලින් 10 ක් 15 ක් විතර ගෙදර තිබෙනවා. මම ඒවා වාදනය කරලා. සංගීතය ගැන කිසියම් ප‍්‍රාථමික මට්ටමේ දැනුමක් ලබාගෙන තිබුණා. අවුරුදු හතේ, අටේ ඉඳන්ම මම බඹර තත්, කොවුල් තත් ගැන යමක් කමක් දන්නවා. නමුත් හොඳ සංගීතඥයෙක් වෙන්න නම් සංගීත සම්ප‍්‍රදාය පිළිබඳ ශාස්ත‍්‍රාලයීය දැනුමක් තිබිය යුතුය කියන හැගීම මගේ හිතේ මුල ඉඳන්ම තිබුණා.

    මමත් අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් වගේම පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායම්වලින් බිහිවූ ගායකයෙක්. ඇත්ත වශයෙන්ම. මගේ පියා බෞද්ධ වුණාට මගේ මවු මෙතෝදිස්ත. ඒ නිසා මම ඇයත් එක්ක පල්ලි යනවා. ඒ ආගමික පසුබිම තමයි මට පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායමට බැෙක්‍ෂන්න හේතුවුණේ. දන්නවද, මමත් නත්තල් කැරොල් සින්දු කියලා තිබෙනවා.
    ආනන්ද සමරකෝන්ගේ ඇසේ මධුර ජීවනයේ ගීතා සින්දුව ඇහුවයින් පස්සේ තමයි මටත් හිතුණේ ඒ වගේ නිර්මාණය කළ හැකිය කියලා. සුනිල් සාන්තට තිබ්බේ පල්ලියේ කන්තාරු සංගීත ආභාසය. සමරකෝන්ට බලපෑවේ රබින්ද්‍ර සංගීතය.
    1953 දී මය සංගීතය හදාරන්න ඕන වුණා.. මට ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගන්න සල්ලි තිබ්බෙ නැහැ. මහා පත‍්‍රකලාවේදී ඞී.බී. ධනපාල සූරීන් තමයි ලංකාදීප පත්තරෙන් අරමුදලක් පිහිටුවලා මට ඉන්දියාවට යන්න මුදල් සොයා දුන්නේ. ඒකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රත් එක් වුණා. අපේ රටේ සමහර ගායකයන්ට කියනවනේ ජනතාවාදී ගායකයා, පොදුජන ගායකයා කියලා.

    ඇත්ත වශයෙන්ම මම තමයි පොදු ජනතාවගේ ගායකයා. මොකද මේ රටේ සංගීතකාමි ජනයාගේ රුපියලෙන් දෙකෙන් තමයි මම ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගත්තේ. මම ඔවුන්ට මගේ හිස නමා ආචාරය පුදකරනවා. ඉන්දියාවෙදි මට මාසයකට වියදම් වුණේ රුපියල් 200 යි. ඒ මුදල මට ලැබුණේ මේ අරමුදලෙන්. අවුරුදු හතරක්ම මම හිටියේ ඒ මුදල් ආධාරයෙන්.

    මට ලක්නව්වලට ගියේ ධනුස්කොඩියෙන් බැහැලා කෝච්චියෙන්. මොකද, ඒක මගේ මුල්ම විදේශීය සංචාරය. තනිව රටින් බැහැරව ගිය මුල්ම ගමන. ඒ නිසා ඒ ගමන මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයට ඇතුළු වන තැනම සිහින් සිරුරකින් යුතු පුද්ගලයෙක් සිටිනු මම දැක්කා. මට හිතුණේ ඔහු පියන් කෙනෙක් වෙන්න ඇති කියලා. මම ඇහැව්වා ඔහුගෙන් කවුද විදුහල්පතිතුමා, එතුමා කොහෙද ඉන්නේ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මම තමයි විදුහල්පති කියලා.
    ඒ තමයි පණ්ඩිත් ක‍්‍රිෂ්ණ නාරායන රතන් ජංකර්. ඊට කලකට ඉහත එතුමා ලංකාවට පැමිණියා. ඒ අපිව වර්ගීකරණය කරන්න. මා ගායකයෙක් හා වාදකයෙක් විදියට විශිෂ්ට ශේණියට වර්ගීකරණය වුණේ ඒ අවස්ථාවේ. ගායන ක්ෂේත‍්‍රයෙන් විශිෂ්ට ශ්‍රේණිය ලැබුවේ කෝකිල දේවි වීරතුංගත් මමත් විතරයි. එතුමා මාව විද්‍යාලයේ

    හොඳම වයලින් ගුරුවරයා වූ ශ‍්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වෙත යොමුකළා. මම විද්‍යාලයේත්, විෂ්ණු ගෝවින්ද් තුමාගේ නිවෙසේත් වයලින් වාදනය ප‍්‍රගුණ කළා. අවසානයේ මට එතුමාගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වුණා.

    එතුමා මා ගැන කොයිතරම් පැහැදුණාද කිවහොත් එතුමා ගේ මුණුබුරෙකුට තිබ්බේ මගේ නම. ඒ අමරදේව විජය ජෝග් යනුවෙන්.
    මගේ මුල් නම ඇල්බට් පෙරේරා අමරදේව කියා මහාචාර්ය සරච්චන්ද්‍ර නම වෙනස් කරා.
    ගුණදාස අමරසේකරත් මට නමක් දැම්මනේ. මේඝවර්ණ කියලා. එදා අමරදේව නම නොයෙදුණානම් අද මගේ නම ඩබ්ලිව්. ඞී. මේඝවර්ණ.

    මම කවදත් ධනය රැස් කරපු කෙනෙක් නෙමෙයි. කෑමට මුකුත් නැත්නම් කැඳ උගුරක් හරි බීලා ජීවත්වෙන්න පුළුවන්කම මටත් මගේ බිරියටත් තිබුණා.
    මම මැරෙන තුරා නිර්මාණකරණය හමාර කරන් නැහැ. අපේ මොළේ සෛල ඔක්කොම අපිට ප‍්‍රයෝජනවත් වෙන්නේ නැහැ වගේ මම මෙතෙක් ප‍්‍රයෝජනයට අරන් තියෙන්නේ මගේ ප‍්‍රතිභා ශක්තියෙන් ස්වල්පයක් පමණයි. කළ දේට වඩා නොකළ දේ වැඩියි. මගේ හොඳම නිර්මාණ බිහිවන්නේ ඉදිරියේදි.
    ඕනෑම කෙනකුට කිසියම් අරමුණක් තියෙන්න ඕනැ. එහෙම නැතුව කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ.
    අනිත් දේ බුදු හාමුදුරුවෝ දේශනා කර වදාළ මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ජීවිතය ගෙනයාම වැදගත්.
    උන්වහන්සේ ඔය ධර්මානුශාසනාව කළේ සෝන තෙරුන්ටයි. සෝන තෙරුන් කලින් හොඳ වීණා වාදකයෙක්. වීණාවේ තතක් වැඩිය තද කළොත් හොඳ හඬක් එයි ද? වැඩිය බුරුල් කළොත් ඒත් හොඳ හඬක් එයි ද? නැහැ. ඒක සුභාවිත රසයක් වන්නේ නැහැ. ඒක කළ යුත්තේ මධ්‍යම ප‍්‍රමාණයෙන්. නියම නාදය බිහිවන්නේ එතකොටයි. වැඩි වෙන්නත් හොඳ නැහැ අඩුවෙන්නත් හොඳ නැහැ. ඒක තමයි ජීවිතය.‘

    උපුටනයකි..
     
    • Love
    • Like
    Reactions: Lovtus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,579
    113
    Colombo, Sri Lanka

    Thanks Bro (y)
     
    • Like
    Reactions: ElaBaba

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    sandakath.jpg

    ම්ම්ම්..
    සඳකත් පිණි දිය දියවී ගලනා
    සීතල කඳු අතරේ
    හද ගොළුවී ඉකිබිඳ
    ඔබ හඬනා හඬ
    මා සවනේ පෑරේ...

    නිසංසලේ රෑ අහසේ
    නිසංසලේ රෑ ඝන බොල් අහසේ
    මිලාන වූ තරු එළියේ
    ඔබේ ණුවන් මිණිපහන් නැඟී
    ඇවිළේ මා දෑසේ...

    සුසුම් හෙළන තුරු ලතා ළපල්ලේ
    සිහිල් සුළඟ හා වෙළී
    ම ගේ කවුළු දොර තුලින් එබී
    ඔබ සොයා ඇදේ...
    --
    ගීපද: මහගම සේකර
    තනුව: ලයනල් අල්ගම
    ගායනය: පණ්ඩිත් අමරදේව
     
    • Like
    • Love
    Reactions: NRTG and ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ම්ම්ම්..
    සඳකත් පිණි දිය දියවී ගලනා
    සීතල කඳු අතරේ - හද ගොළුවී ඉකිබිඳ
    ඔබ හඬනා හඬ - මා සවනේ පෑරේ...

    නිසංසලේ රෑ අහසේ - නිසංසලේ රෑ ඝන බොල් අහසේ
    මිලාන වූ තරු එළියේ - ඔබේ ණුවන් මිණිපහන් නැඟී
    ඇවිළේ මා දෑසේ...

    රෑ දුරු රට මේ...
    හිම වරුසා - සීත පාළුවේ
    මූදු සතකින් ඈත දේසේ - මා තනිවේ

    ගීතය මතකයට නැගේ....
     
    • Love
    Reactions: NRTG and Lovtus