අපේ රට

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    21 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ‍අපේ රටේ සිංහල බොහෝදෙනා සිංහලුන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවා අනෙක් ජාතීන්ට කේවල් කිරීමට තිබෙන අයිතිය අහෝසි කළ යුතුයැයි හඩ නගනවා. ඒත් අපි කාවද විශ්වාස කරන්නේ.මෙච්චර කාලයක් පාලනය දැරී කිසි කෙනෙක් මේ රට ගොඩගන්න පුළුවන් සාර්ථක වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවද? වසර පහෙන් පහට පක්ෂ දෙක රට පාලනය කරනවා. නමුත් අපි ලෝකේ අනික් රාජ්‍යයන් එක්ක සසදද්දී අපි ඉන්නේ පහතින්. යම් යම් ක්ෂේත්‍රවලින් ඉදිරියෙන් සිටියත් රටක් හැටියට අපි ඉන්නේ පහළින් කියලයි මට හිතෙන්නේ. ඊළග මැතිවරණයේ දී අපි කාටද ඡන්දය දෙන්නේ. නඩු තොගයක් තියෙන අපේක්ෂයෝ තමයි ජනාධිපතිවරණයට/මහ මැතිවරණයට/පළාත් සභා මැතිවරණයට එන්නේ. (කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ චෝදනා දේශපාලනිකයි කියලා. නමුත් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒවායින් නිදහස්වීමක් හෝ වැරදිකරුවකු වීමක් පේනතෙක් මානෙකත් නැහැ) මේ රට ගොඩනග්න පුළුවන් වෙයිද? කාටද පුළුවන් කියන ගැටලුව මට දරුණුවටම තියෙනවා.