අපේ ලංකාවේ කැන්ටිම

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපේ ලංකාවේ කැන්ටිම

    රජයේ පාසල්වල, දෙපාර්තමේන්තු සංස්‌ථා වල, විශ්වවිද්‍යාලවල සහ පෞද්ගලික ආයතනවල බොහොමයක 'කැන්ටින්' නමින් වහරන ආපන ශාලා තිබේ. බොහෝ විට රජයේ සේවකයන් පාසල් ළමුන් උදේ දිවා ආහාර වේල ගන්නේ කැන්ටිමෙනි. එබැවින් කැන්ටිම සමාජයේ බොහෝ දෙනකුගේ ජීවිතවලට සමීප සබඳතාවක්‌ දක්‌වන තැනකි.

    එහෙත් 'කැන්ටිං' හෙවත් ආපනශාලා ගැන කියෑවෙන කතා විටෙක ලොමු ඩැහැගැන්වෙන සුළු ය. විටෙක පිළිකුල් සහගත ය. තවත් විටෙක ශෝචනීය කලකිරීමක්‌ ඇති කරවයි.

    කැන්ටිම ගැන මෙලෙස කතා කරන්නේ ඒ සඳහා ඉතාම සුදුසුම තැනැත්තෙකි. ඔහු ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ය. ඔහු කතා කළේ කැන්ටිම රැකගනු පිණිස නොව, කැන්ටිමෙන් කන මිනිසුන් රැකගනු පිණිසය.

    "මහත්තයා ලංකාව පුරා කැන්ටිං 15,000 කට වැඩිය තියෙනවා. ඉස්‌කෝලෙක නම් කැන්ටින්කාරය දවසකට රු. 300 ඉඳල රු. 1100 දක්‌වා බද්දක්‌ ඉස්‌කෝලෙට ගෙවන්න ඕන. ඒ වගේ බද්දකුත් ගෙවා ගෙන කැන්ටිමක්‌ කරනවයි කියන්නේ යකාගෙ වැඩක්‌ මහත්තයා"

    ela2.jpg

    රජයේ දෙපාර්තමේන්තුවක ආපන ශාලාවකට සැපයුම්කරුවකු තෝරා ගන්නේ අඩුම මුදලට කෑම සපයන තැනැත්තන් අතරින් කෙනෙකි.

    රජයේ කැන්ටිමක නම් බත් වේල රු. 40 කට හෝ 50 කට දිය යුතුය.

    "ඇත්තම කිව්වොත් රු. 50 ට බත් වේලක්‌ දෙන්න බෑ. එළවළු තුනකුයි මාළු කෑල්ලකුයි බතුයි එක්‌ක කෑම පිඟානක්‌ රු. 50 ට දෙන්න බෑ. විශ්වවිද්‍යාලෙක නම් කෑම පිඟාන රු. 30 ට 35 ට දෙන්න ඕන. ඉතින් කැන්ටින්කාරය මොකද කරන්නෙ. එයා ගේන්නෙ මාර්කට්‌ එකේ විසිකරන එළවළු. මාළු නම් අඩුම මුදලට ගන්න පුළුවන් සිරිසඟබෝ මාළු. කැන්ටිමෙන් කන කෙනෙකුට ජීවිතේට පරා මාළු කෑල්ලක්‌ තියා කෙළවල්ල කෑල්ලක්‌වත් කන්න ලැබෙන්නෙ නෑ.

    elat1.jpg

    එළවළු මාර්කට්‌ එකේ කඩතොළු ගැහිච්ච විසි කරන එළවළු තමයි ගන්න වෙන්නෙ. හොඳ එළවළු හොඳ මාළු ගෙනල්ල හොඳ බත් වේලක්‌ දෙන්න පුළුවන් කමක්‌ නෑ.

    රම්පෙ, කරපිංචා, එනසල්, උළුහාල්, කුරුඳු, ගොරක, ගම්මිරිස්‌ වගේ රසකාරක කවදාවත් දාන්නෙ නෑ. එක දෙයක්‌ එක තෙල් තාච්චියකින් එක වරකට වඩා බදින්න හොඳ නෑ කියන එක ආහාර විද්‍යාවෙ සිද්ධාන්තයක්‌. නමුත් කැන්ටිමේ පපඩම් බදින්නෙ සියලුම දේවල් බැදල ඉවර වුණාම අන්තිමට ඉතුරුවෙන තෙල්වලින්.

    ආපනශාලා සංවිධායක මෙසේ මේ අනාවරණය කරන්නේ සිය වර්ගයාට එරෙහිවය. එහෙත් ඒ සමඟම ඔහු මෙසේ කියයි.

    කැන්ටිම් පාලනය කරන්නෙ දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ සුබ සාධක සංගමය විසින්. සුබ සාධක සංගමය බලන්නෙ ඉතාම සහන මිලකට තම ආයතන සේවකයන්ට කෑම දීමට. ඉතින් අඩුම මිල ඉදිරිපත් කරන තැනැත්තාට ටෙන්ඩරය දෙනව. අඩුම මිලට දෙන්න වෙන්නෙ ඔය විදියට තමයි. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා 2500 න් කන්න පුළුවන් කිව්වෙත් මේ කැන්ටින් න්‍යාය අනුව තමයි.

    අපි කියන්නෙ මිනිස්‌සුන්ට ගුණාත්මක ආහාර වේලක්‌ දෙමු කියන එකයි. කැන්ටිමක ප්ලේන්ටිය හදන්නෙ ඩයි වර්ගයකින්. තේ කොළ වලින් හදන තේ එක රන්වන් පාටයි. ඩයි එකෙන් හදන ප්ලේන්ටිය කළු පාටයි. නැත්නම් කොහොමද රු. 2 කට ප්ලේන්ටියක්‌ දෙන්නෙ.

    ඒ නිසා සුබ සාධක සංගමය තීරණය කරන්න ඕන වැඩි මුදලකට ගුණාත්මක කෑම වේලක්‌ දෙනවද, අඩු මුදලකට ජරා කෑම වේලක්‌ දෙනවද කියල.

    eat3.jpg

    අවුරුදු 55 - 60 ක්‌ වෙනකම් රජයේ කැන්ටිමෙන් කන රාජ්‍ය සේවකයා මේ කෑම නිසාම විශ්‍රාම යන කොට ලෙඩෙක්‌. ඔහු විශ්‍රාම වැටුප ඉන් පස්‌සෙ වැය කරන්න ඕන බේත්වලට

    ආපන ශාලා ජාතික සංවිධායකවරයා වඩාත්ම වේදනාවෙන් කතා කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙ ආහාර වේල ගැන ය.

    විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට කැන්ටිමෙන් දෙන බත් වේල රු. 35 යි. කවදාවත් හොඳ වර්ගයේ මාළු කෑල්ලක්‌ ඔවුන්ට ලැබෙන්නෙ නෑ. මස්‌ නම් ලැබෙන්නෙම නෑ. ශිෂ්‍යයො රු. 35 ට කන්නෙ කෑම වේලක්‌ නෙමෙයි. අන්තිම නීරස කිසිදු ගුණාත්මක බවක්‌ නැති කෑම වේලක්‌. ඒකත් බඩ පිරෙන්න ලැබෙන්නෙ නෑ. හිරකාරයෙකුගෙ කෑම වෙනුවෙන් ආණ්‌ඩුව දවසකට රු. 275/} ක්‌ වියදම් කරනව. නමුත් ජාතියේ සම්පත විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් රු. 175/} ක්‌ කෑමට වෙන් කරන්නෙ නෑ.

    භයානකම තත්ත්වෙ ඉන්නෙ පාසල් ළමයි. පාසල් ළමයින්ගෙන් 90% ක්‌ කැන්ටිමෙන් කන්නෙ තෙල් කෑම. බොන්නෙ පැණි බීම. ඊළඟට පිටි කෑම. පාන් පිටි කි. ලක්‍ෂ තුනහමාරක්‌ පාසල් ළමයින් දවසකට කනවා. පාසල් ළමුන්ගෙන් 10% ත් 15% ත් අතර ප්‍රමාණයක්‌ දැනටමත් දියවැඩියාවෙන් පෙළෙන බවට අනාවරණය වෙලා තියෙනවා. බෝල වගේ ඉන්න ළමයි පාසලෙන් ඉවත් වෙන්නෙ අකාලයේදීම ලෙඩුන් බවට පත් වෙලා. බීම කොම්පැණිකාරයො, පාසල් ප්‍රධානීන් අල්ලගෙන පැණි බීම පාසල් කැන්ටිමට දානවා. ලංකාවේ පලා වර්ග 144 ක්‌ තියෙනවා. එළවළු වර්ග 101 ක්‌ තියෙනවා. එළවළු ආහාර රටාව අපේ රටේ ගොඩනගන්න ඕන. ගස්‌ලබු වලින් බීම හදල රු. 20 කට දෙන්න පුළුවන්. පැණි බීම එකක්‌ රු. 40 යි. එළවළු විසිකරන්නෙ ඇයි? ළමුන්ට සුප් හදල දෙන්න පුළුවන්.

    පාසල් ළමුන්ගේ ආහාර වේල ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍ර ලේඛයක්‌ නිකුත් කරල තියෙනවා. ඒත් චක්‍ර ලේඛය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ළමයි කන්නෙ පාන් පිටි. බොන්නෙ පැණි බීම. පාසල් ආහාර රටාව වෙනස්‌ කළ යුතුමයි. පාසල් ළමුන් රක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ ගේන්න හදනවයි කියල පත්තරවල තිබුණා. රක්‍ෂණය කරන්න කලින් දරුවන්ගෙ ආහාර වේලේ ප්‍රමිතිය ගැන වැඩපිළිවෙළකුයි ඕන කරල තියෙන්නේ.

    අනිත් අතට කැන්ටිමේත් පිරිසිදුකම විශාල ප්‍රශ්නයක්‌. හැම කැන්ටිමකම මී ගුහාවල්. ඊළඟට කැරපොත්තො. වතුර කාණු ගලන්නෙ කුස්‌සිය මැද්දෙන්. සුබ සාධක සංගමය ඒව ගැනත් හොයන්න ඕන. හුඟාක්‌ කැන්ටිං සේවකයො නිදා ගන්නෙ කැන්ටිමෙ මේසෙ උඩ. ඒ නිසා ආපන ශාලා දිය යුත්තේ ඒ ගැන පළපුරුද්දක්‌ ඇති අයටයි. ඒ විතරක්‌ නෙමෙයි. අඩුම මිලට කියන ප්‍රතිපත්තිය අත්හරින්න ඕන. අඩුම මිල නෙමෙයි හොඳ කෑම වේලක්‌ කියන තේමා පාඨය සුබ සාධක සංගම් වලට ආ යුතුයි.

    රෝහල්වල ආපන ශාලාවල රෝහල් සේවකයට කෑම වේල 50% ක්‌ අඩුවෙන් දෙන්න ඕන. එතකොට ඒ කැන්ටිම කරන මිනිහට ලාභයක්‌ තියෙනවද?

    කැන්ටිමේ කෑම නම් කන්න බෑ. කැන්aටිමෙන් කන හැම දෙනාම පාහේ කියන කතාව එයයි. ආපන ශාලා සංවිධායක කියන්නෙ ඒ කතාව ඇත්තක්‌ බවයි. ඔහු ඊට සියයට සීයක්‌ එකඟ වෙයි.

    කරන්න දෙයක්‌ නෑ. කැන්ටින් කාරයා දෙන්නෙ තමන්ට පුළුවන් විදියට. රු. 50 කට බත් එකක්‌ දෙන්න ප්ලේන්ටියක්‌ රු. 2 කට දෙන්න බෑ ඇත්ත ඒකයි.

    චන්ද්‍රසිරි දොඩන්ගොඩ

    inner_r6_c1.gif

    *පාසල් ළමුන්ගෙන් 10% ත් 15% ත් අතර ප්‍රමාණයකට දැනටමත් දියවැඩියාව...

    *අවුරුදු 55 - 60 ක්‌ වෙනකම් රජයේ කැන්ටිමෙන් කන රාජ්‍ය සේවකයා කෑම නිසාම විශ්‍රාම යනකොට ලෙඩෙක්‌....
     
    Last edited:
    • Like
    Reactions: mmaxx and maheerulz
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ යකා කියන කතාවේ සම්පූර්ණ ඇත්ත නැත්ත මම දන්නේ නෑ. ඒ වුනාට කියලා තියෙන කතා 2ක් බොරු.
    1. යුනි වල කෑම 30-35 ට දෙන්න බෑ කියන එක : උන්ට ඒ ගානට දෙන එක පට්ට ලාබයි. කරන්ට් බිල/වතුර බිල ගෙවන්නේ යුනියෙන්. මුන් කරන්නේ කැම්පස් එකට කෑම හදන ගමන්, පිට ඕඩර් වලටත් කැම්පස් එකේ කරන්ට් එකෙන්ම උයා ගන්න එක. කවදාවත් මුන් ගෑස්/දර වලින් උයන්නේ නෑ. :baffled::baffled::baffled: අර පරණ එලවලු, මාලු දාන කතාව නම් ඇත්ත

    2. රෝහල් වල ස්ටාෆ් එකට 50% ඩිස්කවුන්ට් නෑ :lol::lol: වැඩිම වුනොත් බත් එකකින් රු.10-20 තමයි අඩු වෙන්නේ. ශෝටීට්ස් වලින් නම් රු.5 වගේ
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔය කියලා තියන දේවල් වලින් බාගයක් බොරු අවුරුදු 25 ක් තිස්සේ අපේ පවුලේ ව්‍යාපාරය තමා දෙපතර්තමේන්තු කැන්ටින් අපේ දැන් කරන එක කන්ටිමක තමා ලංකාවේ අඩුම මිලට කෑම එක දෙන්නේ විස්වාස කරපන් දවල් කෑම එක රුපියල් 10 යි නමුත් අපි කවදාවත් ඔය ජරාව දාලා කෑම හදන්නේ නැහැ කොටුවේ මැනින් මාර්කට් එකට ගිහිං අපේ තාත්තාගේ නම කිව්වොත් වෙළෙන්දෝ කියයි අපි ගන්නේ මොන ජාතියේ එළවලුද කියලා කැන්ටින් වල නෙමේ සමහර කඩ තියනවා කෑම එක රුපියල් 300 පනිනවා එත් උන් දන්නේ පොහොර එළවලු ඒ කියන්නේ කඩ වලින් විසිකරන එව්වා, අපි රුපියල් 10 ට කෑම එක දෙන්නේ පාඩු පිට නෙමේ ඒවාට ක්‍රම සහ විදි තියනවා ලාබ ලබන්න එතැනදී තමා පළපුරුද්ද වැදගත් වෙන්නේ
     
    • Like
    Reactions: TDI110

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    945925_399538426822194_2141580614_n.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔය කියලා තියන දේවල් වලින් බාගයක් බොරු අවුරුදු 25 ක් තිස්සේ අපේ පවුලේ ව්‍යාපාරය තමා දෙපතර්තමේන්තු කැන්ටින් අපේ දැන් කරන එක කන්ටිමක තමා ලංකාවේ අඩුම මිලට කෑම එක දෙන්නේ විස්වාස කරපන් දවල් කෑම එක රුපියල් 10 යි නමුත් අපි කවදාවත් ඔය ජරාව දාලා කෑම හදන්නේ නැහැ කොටුවේ මැනින් මාර්කට් එකට ගිහිං අපේ තාත්තාගේ නම කිව්වොත් වෙළෙන්දෝ කියයි අපි ගන්නේ මොන ජාතියේ එළවලුද කියලා කැන්ටින් වල නෙමේ සමහර කඩ තියනවා කෑම එක රුපියල් 300 පනිනවා එත් උන් දන්නේ පොහොර එළවලු ඒ කියන්නේ කඩ වලින් විසිකරන එව්වා, අපි රුපියල් 10 ට කෑම එක දෙන්නේ පාඩු පිට නෙමේ ඒවාට ක්‍රම සහ විදි තියනවා ලාබ ලබන්න එතැනදී තමා පළපුරුද්ද වැදගත් වෙන්නේ

    huta rs 10 ta?? :eek::eek:
    mokakda bn kantima ? jogiyak neme sira.
    rs 100k deela gnna kama ekath mala jarahanthayak.hithapn eke mas kallath paranai.badala thiynne.melo wadak na kawata passe ugurata enawa:frown:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කියලා තියන දේවල් වලින් බාගයක් බොරු අවුරුදු 25 ක් තිස්සේ අපේ පවුලේ ව්‍යාපාරය තමා දෙපතර්තමේන්තු කැන්ටින් අපේ දැන් කරන එක කන්ටිමක තමා ලංකාවේ අඩුම මිලට කෑම එක දෙන්නේ විස්වාස කරපන් දවල් කෑම එක රුපියල් 10 යි නමුත් අපි කවදාවත් ඔය ජරාව දාලා කෑම හදන්නේ නැහැ කොටුවේ මැනින් මාර්කට් එකට ගිහිං අපේ තාත්තාගේ නම කිව්වොත් වෙළෙන්දෝ කියයි අපි ගන්නේ මොන ජාතියේ එළවලුද කියලා කැන්ටින් වල නෙමේ සමහර කඩ තියනවා කෑම එක රුපියල් 300 පනිනවා එත් උන් දන්නේ පොහොර එළවලු ඒ කියන්නේ කඩ වලින් විසිකරන එව්වා, අපි රුපියල් 10 ට කෑම එක දෙන්නේ පාඩු පිට නෙමේ ඒවාට ක්‍රම සහ විදි තියනවා ලාබ ලබන්න එතැනදී තමා පළපුරුද්ද වැදගත් වෙන්නේ

    අඩෝ සිරාවටද බන් ..රුපියල් 10 ට දැන් වඩේ 1ක් වත් කන්න බෑනෙ බන් :shocked::shocked::shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය කියලා තියන දේවල් වලින් බාගයක් බොරු අවුරුදු 25 ක් තිස්සේ අපේ පවුලේ ව්‍යාපාරය තමා දෙපතර්තමේන්තු කැන්ටින් අපේ දැන් කරන එක කන්ටිමක තමා ලංකාවේ අඩුම මිලට කෑම එක දෙන්නේ විස්වාස කරපන් දවල් කෑම එක රුපියල් 10 යි නමුත් අපි කවදාවත් ඔය ජරාව දාලා කෑම හදන්නේ නැහැ කොටුවේ මැනින් මාර්කට් එකට ගිහිං අපේ තාත්තාගේ නම කිව්වොත් වෙළෙන්දෝ කියයි අපි ගන්නේ මොන ජාතියේ එළවලුද කියලා කැන්ටින් වල නෙමේ සමහර කඩ තියනවා කෑම එක රුපියල් 300 පනිනවා එත් උන් දන්නේ පොහොර එළවලු ඒ කියන්නේ කඩ වලින් විසිකරන එව්වා, අපි රුපියල් 10 ට කෑම එක දෙන්නේ පාඩු පිට නෙමේ ඒවාට ක්‍රම සහ විදි තියනවා ලාබ ලබන්න එතැනදී තමා පළපුරුද්ද වැදගත් වෙන්නේ

    යෝගට් කොප්පෙකටද කෑම දෙන්නෙ :frown:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32

    මචන් උඹලගේ තාත්තා නම් නියමයි.නියම බිස්නස් කාරයෙක්.රුපියල් දහයට කෑම එකක් දෙන්න පුලුවන් එකම විදිහ අර පොලිස් කොත්තු වගේ.උඹලගේ තාත්තා මිනිස්සු යවලා වෙන කැන්ටින් වල කාලා ඉතිරිවෙන කෑම එකතු කරලා ඒවගේ එලවලු,මාලු ගානට වෙන් කරලා,බත් වෙන් කරලා ප්‍රිජ් එකේ තියලා අනිත් පහුවදාට රත් කරලා දෙනවා ඇති අනිවාර්යෙන්ම.හපොයි මමන රුපියල් 10ක් කීවොත් ජීවිතේට කන්නේ නෑ
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ලංකාවේ මිනිස්සු වැඩි ගානක් දීලා හොඳ කෑම එකක් කනවට වඩා අඩු ගානක් දීලා ඕන ජරාවක් කයි.මමත් ලංකාවේ කැම්පස් වල කැන්ටිමෙන් කන කොට එයාලා දෙන ස්පේෂල් ලන්ච් එක ගන්නේ.ගනන් අඩු එක කෑවේ නෑ.හුඟක් වෙලාවට මාතර බත් කඩවල් වලින් කනවා.මොකද මාතර මිනිසුන්ට තරම් රසවත් විදිහට උයන්න කාටවත් බෑ.හම්බ කඩේකට යන්නේ නෑ.එංගලන්තේ නම් හම්බ /දෙමල කඩවල් වලින් කන්න වෙලා තියෙන්නේ අපේ සිංහල අය නැති නිසා.සුද්දන්ගේ කෑම මට දිරවන්නේ නෑ.මෙලෝ රහක් නෑ බන් සුද්දො කන ඒවා.සුද්දන් හරියට කෑම එකක්වත් හදන්න දන්නේ නෑ. ෆකින් ‍ෆිස් ඇන්ඩ් චිප්ස්,බර්ගර්ස් ,ජරාව තමයි.ඉන්ග්ලිස් බ්‍රෙක්ෆස්ට් එකක් කියලා තියෙනවා.ඒක සතියක් කෑවොත් හාට් ඇටෑක් ඇවිල්ලා මැරෙනවා.එංගලන්තේ සුද්දන්ට ඉන්ග්ලිෂ් කෑම අරෙන්න අනිත් වෙන මොන රටකවත් කෑමක් කන්න බෑ.උන්ට ඒවා අජීර්නයි. ඒෂියන් කෑම,ඉන්දියන් කරි,ලංකාවේ කොත්තු,බුරියානි එයාලට කන්න බෑ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචන් උඹලගේ තාත්තා නම් නියමයි.නියම බිස්නස් කාරයෙක්.රුපියල් දහයට කෑම එකක් දෙන්න පුලුවන් එකම විදිහ අර පොලිස් කොත්තු වගේ.උඹලගේ තාත්තා මිනිස්සු යවලා වෙන කැන්ටින් වල කාලා ඉතිරිවෙන කෑම එකතු කරලා ඒවගේ එලවලු,මාලු ගානට වෙන් කරලා,බත් වෙන් කරලා ප්‍රිජ් එකේ තියලා අනිත් පහුවදාට රත් කරලා දෙනවා ඇති අනිවාර්යෙන්ම.හපොයි මමන රුපියල් 10ක් කීවොත් ජීවිතේට කන්නේ නෑ

    මචං රුපියල් 10 ට දෙන්නේ ඒ දෙපාර්තුමේන්තුවේ සේවකයන්ට විතරයි පිටින් එන අයට ඒ ගානට කෑම ගන්න බැ පිට අයට කෑම විකුනන්නෙත් සාදාරන ගානකට චිකන් කෑම එක 100 මාළු හෝ බිත්තර 80 යි හාල්මැස්සෝ හෝ සොසේජස් 70 යි ඒ වගේම යුනිෆෝර්ම් එකෙන් එන ෆොර්සස් වල සහ පොලිසියේ අයට කෑම එකක් 60 යි :yes: