අපේ විරුවන්..

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
අපේ_විරුවන්..

ලක්ෂ්මන් කදිර ගාමර් ඝාතනය

හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිර ගාමර් මහතා 2005 අගෝස්තු 12 වෙනි දින රාත්‍රීයේ දී කොළඹ මුලර්ස් පාරේ පිහිටි තම පෞද්ගලික නිවසේ දී එල්.ටී.ටී.ඊ. මිලේච්ජයන් අතින් අවාසනාවන්ත ලෙස මරා දැමු දෙමළ නායකයන්ගෙන් සුවිශේෂි අයෙකු ෙවි.

ලක්ෂ්මන් කදිර ගාමර් මහතාට එරෙහිව එල්.ටී.ටී.ඊ. ය මරණ වරෙන්තුව නිකුත් කළේ 1994 වසරේ පොදු ජන එක්සත් පෙරමුණ රජයේ විදේශ ඇමති වශයෙන් පත් වී එල්.ටී.ටී.ඊ. යට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව සහ විදෙස් රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගය.

එල්.ටී.ටී.ය සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදී සංවිධානයක් විනා දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා පෙනී සිටින සංවිධානයක් නොවන බව ඔහු ජාත්‍යන්තරය හමුවේ අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කිසිදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු නොකරන අන්දමේ විශාල කාර්යභාරයක් ඉටු කිරිමේ නිරතව සිටි කදිර ගාමර් ඇමතිවරයා දෙමළ ජාතිකයෙකු ලෙස නොසිතා තමා ශ්‍රී ලාංකිකයෙකු බව සිතා සෘජුව ක්‍රියා කරන්නට හැම විටම උත්සාහ ගත්තේය.

එහෙත් ඔහු කිසිම දිනෙක තම ජාතියට එරෙහි වුයේ නැත. එරෙහි වුයේ ත්‍රස්තවාදයට පමණි. එම ප්‍රතිපත්තිය සහ ක්‍රියා කලාපය නිසා එල්.ටී.ටී ය ලක්ෂ්මන් කදිර ගාමර් මහතා තම ජාතියට එරෙහි දෝහී පුද්ගලයෙකු ලෙස හැදින්වීය. එල්.ටී.ටී.ය ජාතිදෝහීයෙකු ලෙෂ සැලකු නිසාම එල්.ටී.ටී.ය ලක්ෂ්මන් කදිර ගාමර් යන නම ද ප්‍රභූ ඝාතන ලයිස්තුවේ ඉහලින්ම සටහන් කර මරණ වරෙන්තු නිකුත් කළේය.

එල්.ටී.ටී. ය තම ඝාතන ඉලක්කයක් සපුරා ගැනීමට ස්නයිපර් අවියක් කොළඹ දී යොදා ගත් ප්‍රථම අවස්ථාව වුයේ එයයි.
කදිර ගාමර් මහතා හට වෙඩි තබා ඇත්තේ නිවස ඉදිරිපිට ඇති දෙමහල් ගොඩනැගිල්ල සිටය. නිවසේ අයිතිකරු අත්අඩංගුවට ගැනීමත් සම`ගම මෙම ඝාතනය පිළිබ`ද තොරතුරු අනාවරණය විය.

සැකකරුගේ නිවසේ උඩු මහලේ කාමරයේ සිට බැලූ විට කෙලින්ම පෙනෙන්නේ ඒ කදිර ගාමර් මහතාගේ නිවසේ තිඛෙන පිහිනුම් තටාකය බවත් පොලිස් නිළධාරී හු පවසයි.

කදිරගාමර් ගේ ගෙවත්තේ පිහිටි නාන තටාකය වැසෙන සේ සැක කරුවන්ගේ වත්තේ ගසක අත්තක් තිබී ඇති අතර එම අතු කැබැල්ලක් ද මීට සති දෙකකට පමණ ඉහත දී කපා ඉවත් කොට ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීයා කීය.

ගෙවත්ත පිරිසිදු කිරීමට යොදවා සිටි සේවකයා ද ප්‍රශ්න කිරීම ස`දහා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු සිංහල ජාතිකයෙකි.

මීට අමතරව කොටහේන, මෝදර, බම්බලපිටිය සහ වැල්ලවත්ත ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකින් දැනට සැක කටයුතු ද්‍රවිඩ ජාතිකයින් 22 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් කදිර ගාමර් මහතාගේ ඝාතනයට මොවුන්ගෙන් කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි දැනට සොයා බලාගෙන යන බවත් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් කීය.

කොටින් සැගවී සිටි උඩු මහලේ කාමරයේ සිට කදිර ගාමර්ගේ නාන තටාකයට ඇත්තේ යාර 70 ක පමණ දුරකි. උඩු මහලේ සිට විදේශ කටයුතු ඇමති වරයාට වෙඩි තබා ඇත්තේ ස්නයිෆර් වර්ගයේ ගිනි අවියකිනි.

එහි ජනේලයේ සිදුරක් සාදාගෙන ඒ තුලින් ස්නයිෆර් ගිනි අවියේ බෙටි දමා ඇත. අවිය රදවා තබා ගත් යකඩ වලින් සාදන ලද රදවනය ද පොලිසිය විසින් සොයාගෙන තිෙබි.

වෙඩි තැබීම ස`දහා කොටි සාමාජිකයන් දෙදෙනෙකු හවුල් වී ඇති බව එම කාමරයේ සටහන් ව ඇති ඇගිලි සලකුණු අනුව අුනුමාන කළ හැකි යැයි පොලිස් නිළධාරී හු පවසති.
විදේශ කටයුතු ඇමති වරයාට කොටින් වෙඩි තැබීමට යොදා ගත් කාමරයේ 8-3 වර්ගයේ ස්නයිෆර් උණ්ඩ,නයිඩ් විෂන්,සුම්ලෙක්ස් එකක් මි.ලී.40 හිස් උණ්ඩ කොපු 04 ක්,සයිනයිඩ් කරල් 03 ක්,චොකලට් බිස්කට් සහ සිසිල් බීම බෝතල් කිහිපයක් තිබී සොයා ගත් බවද බුද්ධි අංශ නිළධාරියෙක් කීය.
මොවුන් පරිභෝජනයට ගෙන ඇති බ්ස්කට්,චොකලට් හා සිසිල් බීම බෝතල් ඩී.එන්.ඒ.පරික්ෂණ වලට ලක් කොට ඝාතකයින් හදුනා ගැනීමට උත්සාහ කරන බව පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.
මීට අමතරව දෙමහල් නිවස පිහිටි ගෙවත්තට යාබදව පිහිටි හිස් ඉඩමකින් ග්‍රේනෙඩ් ලෝන්චර් උණ්ඩ 08 ක් සහ සෙරෙප්පු කූට්ටමක් පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබීය. සොයාගත් ග්‍රේනෙඩ් ලෝන්චර් අවිය කොටින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කොට ඇති බවත් . නමුත් එය ක්‍රියාත්මක වී නොමැති බවට සාධක පෙනෙන්නට ඇති බවත් පොලිසිය කියයි.

ලක්ෂ්මන් කදිර ගාමර් මහතාගේ හිස සහ පපුව පෙදෙසට වෙඩි 02 ක් වැදී ඇති අතර ඒ අවස්ථාෙවි ඒ මහතා නාන තටාකය අසල ඇ`ග පිස දමමින් සිට ඇත.

ලක්ෂ්මන් කදිර ගාමර් මහතා ප්‍රතිරාජ්‍යයකින් තොරව ජාතිය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ රාජ්‍ය නායකයෙක් විය. ඔහු රටට අහිමි වීම රටක් වශයෙන් ඉතා විශාල පාඩුවක් විය.
:sorry::sorry:
 
Last edited:

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
lk811a.jpg