අපේ සංගා ICC සම්මාන උළෙලේදී බැබලෙයි
වසරේ වැඩිම ජනතා කැමැත්ත ලැබූ ක්‍රීඩකයා හා හොඳම එක්දින ක්‍රීඩකයා ඔහුයි
ඊයේ ලන්ඩනයේ පැවති 2011 ICC සම්මාන උළෙලේදී වැඩිම ජනතා කැමැත්ත ලැබූ ක්‍රීඩකයා හා හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්රවීමට කුමාර් සංගක්කාර සමත්විය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සම්මාන උළෙලේදී දකුණු අප්‍රිකාවේ හසීම් අම්ලා, එංගලන්තයේ ජොනතන් ට්‍රොට්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ක්‍රිස් ගේල්, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණි යන ක්‍රීඩකයින් අභිබවා ජනතාවගේ ඡන්ද ලබාගනිමින් කුමාර් සංගක්කාර වසරේ වැඩිම ජනතා ප්‍රසාදයක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වූ බවයි.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර මෙරටදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වෙමින් සිටින නිසා සංගක්කාරට මෙම සම්මාන උළෙලට සහභාගී වීමට අවස්ථාව නොලැබුණි.
මෙම සම්මාන උළෙල සඳහා දත්ත අදාළ කරන්නා කාලයේදී සංගක්කාර එක්දින තරගාවලී 25 කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී ලකුණු 1,049 ක් රැස්කර ගනිමින් ඉනිමක ලකුණු 55.21 ක සාමාන්‍යයක් රඳවාගෙන තිබෙන බවත් මේ නිසා ඔහු වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්රවූ බවත් සඳහන්ය.