අපේ ළමයා හරී අහිංසකයි

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
අපේ ළමයා හරී අහිංසකයි

ඔය සමහර කෙල්ලො හැදෙන්නෙ හරි බොළඳ විදිහටනෙ. "අපේ ළමයා හරී අහිංසකයි; වැඩිහිටියෙක් එක්ක මිස තනියෙන්නම් කොහෙවත් යන්නෙ නෑ." කියලා අම්මලා ආඩම්බරෙන් කිව්වට මොකද, එහෙම හදාගන්න එකේ රඟේ තේරෙන්නෙ කසාද බඳින්න ගිහාම තමයි.

ඔය ජාතියෙ කෙල්ලෙක් හෙට මගුල් කියලා ඔන්න හොඳටම හොටු පෙරාගෙන අඬනවලු. අම්මා ඉතින් දන්න සේරම දේවල් කිය කිය කෙල්ලව සනසන්න ට්‍රයි.


කෙල්ල: අනේ අම්මේ, මට බෑ බඳින්න.

අම්මා: අනේ මගෙ රත්තරන් දුවනෙ. එහෙම කියන්න එපා.

කෙල්ල: අනේ අම්මේ, මටනම් බෑ.

අම්මා: ඇයි මගෙ දුව බෑ කියන්නෙ?

කෙල්ල: අනේ අම්මේ, මට බයයි.

අම්මා: බය වෙන්න දෙයක් නෑනෙ. මං දැන් පැහැදිලි කරලා කිව්වනෙ.

කෙල්ල: ඒ වුණාට, ඔය පිට මනුස්සයෙක් එක්ක, තනියම.... අනේ මටනම් බෑ.

අම්මා: අය්යෝ ඉතින් මොකද? තනියම නේන්නම් ඔය ගමන යන්නෙ. මමත් ඔහොම ගියානෙ දූලගෙ තාත්තත් එක්ක.

කෙල්ල: (තරහෙන්) අම්මා ඉතින් ගියෙ පිට මනුස්සයෙක් එක්කයැ; අපේම තාත්තත් එක්කනෙ. :rofl::rofl::rofl::rofl:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    A100630diesel426--127789567730611400.jpg