අපොස සාපෙල අසමත් වුනත්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අපොස සාපෙල අසමත් වුනත්

    අපොස සාපෙල අසමත් වුනත් පාසැලේම හිඳිමින් වෘත්තීය පුහුණුව ලැබීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ පාසැල් 42 කින් ඇරඹේ: වෘත්තීන් 15 කට විෂයන් 26 ක් උගන්වයි

    අපොස සාපෙල අසමත් වූ නමුත් සෑම පාසල් දරුවෙකුට ම පළමු වසරේ සිට දහතුන වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම ආරම්භ කරමින් පාසැලේදීම වෘත්තීය අධ්‍යාපනයක් ලබා පිටව යෑමට අවස්ථාව සැලසෙන ‘13 වසරක සහතික ක අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ නියමු වැඩසටහන ලබන මාසයේ (ඔක්තෝබර්) සිට ක්‍රියාවට නැංවේ.

    සාමාන්‍යයෙන් වසරකට පාසල් අයදුම්කරුවන් 250,000- 300,000 අතර ප්‍රමාණයක් අපොස සාපෙළ විභාගය සදහා පෙනී සිටින අතර ඉන් ළමුන් 120000කට පමණ ප්‍රමාණයකට උසස් පෙළ හැදෑරීමේ වරම් අහිමි වේ. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය හරහා සාමාන්‍ය පෙළ අසමත් වුවද අනාගතය ජයගත හැකි පරිදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදියහැකි පරිදි නව වෘත්තීය විෂයයන් 26ක් හදුන්වාදෙනු ලබන අතර, එම විෂයන් හදාරන සිසුන්හට අධ්‍යයන කටයුතු නිමකළ පසු NVQ Level 4 මට්ටමේ සහතිකයක් අදාල සිසු සිසුවියන් වෙත ප්‍රදානය කරනු ඇත.

    2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ‘13 වසරක සහතික කල අධ්‍යාපන’ වැඩසටහන සදහා රුපියල් බිලියන 5ක මුදලක් මේ වනවිට වෙන්කර තිබේ. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ (ඔක්තෝබර්) සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් ජාතික පාසල් 42 ක සිසුන් 4,419 හට මෙමගින් අධ්‍යාපන අවස්ථා හිමි වෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා පංතිකාමර 134 ක් , සුහුරු පංති කාමර (Smart Class Room) 27ක් , බහුකාර්ය පංති කාමර 27ක්, සෞන්දර්ය ඒකක 33 ක් , වෘත්තීමය විෂයන් පිළිබඳ පොත පතින් සමන්විත පුස්තකාල 25ක් සහ බහුකාර්ය තිර (Multi Media Screen) 92 කින්ද සමන්විත වේ.

    එසේම මෙම ව්‍යාපෘතිය හරහා නව තාක්ෂණික විෂයයන් 26 පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලබන අතර එම විෂයන් මගින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික යන දෙ ආකාර වූ දැනුම සිසු සිසුවියන් වෙත ලබා දෙනු ඇත. එම විෂයන් අතර මනෝවිද්‍යාව, ශාරීර සුවතා අධ්‍යාපනය, ප්‍රාසාංගික කලා, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, අහාර සැකසුම් විද්‍යාව, කෘෂිකර්මය, ජලජ සම්පත් අධ්‍යයනය, වතු පාලනය, ඇඟලුම් හා නිමි ඇඳුම් නිෂ්පාදනය, වෑද්දුම් ශිල්පය, මෘදුකාංග සැකසීම, පරිසර විද්‍යාව, වෙබ් අඩවි සැකසුම, සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් සකස් කර ඇත.

    අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයැවීම මත මෙම ව්‍යාපෘතිය මගින් අපොස සා.පෙ. විභාගයෙන් අසමත් වන සිසුදරු දැරියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීමටත් එමගින් සහතික ලත් වෘත්තිකයින් මෙරට ආර්ථිකයට දායාද කිරීමටත්, විරැකියාව තුරන් කිරීමටත් සැලසුම් කර තිබේ.

    මෙයින් පසුව අපොස සා පෙල අසමත් වන සියළු දරුවන් පාසැලෙන් එළියට එන්නේ කිසියම් වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් පසුව ය. එක රොත්තට කලා විෂයන් කර සරසවියෙන් කලා උපාධියක් රැගෙන රැකියාවක් නොමැතිව වේලෙනවාට වඩා අපොස සාපෙලින් පසු වෘත්තීය පුහුණුව පාසැලේදීම හදාරා අවශ්‍ය නම් පසුව ටෙක්නිකල් ආයතන මගින් උසස් වෘත්තීය පුහුණුවද හදාරා තිරසාර රැකියාවක් ලබා ගැනීමට ද දරුවන්ට හැකියාව ලැබෙනු ඇත.

    කාලෙකට කලින් වෙන්න ඕන දෙයක් ,දැන්වත් වෙනවන්ම් හොදයි.

    LEN
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    :yes::yes::yes:

    ටික ටික හරි මේ දේවල් හැදෙන එකනම් හොදයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    මේක හරියට ක්‍රියාත්මක උනොත් ගොඩක්ම හොදයි. මේ වගේම ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණයත් සාමාන්‍යපෙළ , උසස්පෙළ ඉවර උනාම ප්‍රතිපල එනකම් ලබා දුන්නම් හරි.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කාලෙකට කලින් වෙන්න ඕන දෙයක් ,දැන්වත් වෙනවන්ම් හොදයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ වැඩක්. අධ්‍යාපනය දියුණු වෙන්න නං රනිල්ගෙ ආණ්ඩුවක් එන්නම ඕනෙ :yes: රිදෙයි :baffled: