අපෝ අදන් අනාතයෝ පාරට බහිනවා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    paw itn mun AL hodata karala apu unne.mona unath igana gnna unne.
    andu wala waradda thama itn.....

    munta one igana gana hodata inna misak kawawath maran kanna nemene.

    awla thiynne mun sadda nathuwa hitiyoth kawruth ganan gnne na.
    mun ka gahuwoth parata bassoth apith baninwa.

    poduwe hithuwoth nm mn hithnne munge paththen hithuwothmun me karana wade hari....

    anthimata mun oya kenthiyen thama prvt uni walata baninneth.....

    EDU ekata budget eken wadiyen wen kala natha me wage ewata nm wisadum denna one.
    mona unath igana gnna unne.

    :yes::yes::yes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මොකක්ද බං ඕකට හේතුව..? වැරැද්ද කාගෙද..? උන්ගෙද..?

    මොකක්ද මේ HNDA ශිෂ්‍යයෝ ඉල්ලන සම තත්වය..?
    මේ ගැන කුහක විදිහට බලන, නොබලන බොහොමයක් දෙනා, මෙම සුදුසුකමේ තත්වය සහ ඔවුන්ගේ මේ ඉල්ලීමේ පසුබිම නොදන්න බව පැහැදිලියි.
    උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDA), වසර හතරක කාළසීමාවක් පුරාවට අධ්‍යාපනය හැදෑරිය යුතු, ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවක්. අපොස උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා මෙම පාඨමාලාව සැකසී තියෙන්නේ.
    1990 ඔක්තෝම්බර් 30 වන දින නිකුත් කරපු, 46/90 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව, වානිජ්‍යයවේදී උපාධිය (සාමාන්‍ය සාමාර්ථ) සමග සම තත්වයේ තබා පිළිගැනීමට තිරණය කළා. මේ මගින් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකදී උපාධිය සුදුසුකමක් ලෙස සලකන අවස්ථාවලදී, මෙම උසස් ඩිප්ලෝමාව ඒ සදහා සුදුසුකමක් ලෙස සැලකුවා. මෙහි විෂය පථය හා සැසදීමේදී, වසර තුනක් ගතවෙන වාණිජවේදී සාමාන්‍ය උපාධියටත් වඩා මෙය ඉහළින් ඇති බව ඉතා පැහැදිලියි.
    මේ තත්වය යටතේ, සිසු අයිතිය කප්පාදු කිරීමේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් 2014 අප්‍රේල් 23දින නිකුත් කරන ලද 10/2014 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මෙම සම තත්වය අත්තනෝමතික ලෙස අහෝසි කරදැමුවා.
    මේ තීරණයට එරෙහිව, සිසුන් සහ ශිෂ්‍ය ව්‍යාපාරය කිහිප වතාවක්, සාකච්ඡා පැවැත්වූවා, ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කළා, මාධ්‍ය නිවේදන නිකුත් කළා, පිකටින් සිදු කළා, නමුත් අවසානයේදී සිසුන් විසින් සංවිධානය කළ, උසස් ඩිප්ලෝමාවේ සම තත්වය සහ තවත් ඉල්ලීම් කීපයක් අරමුණු කොටගත් උද්ඝෝෂණයට පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නා.
    නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය පසුබැස්සවීමට මෙම පහරදීම්වලට නොහැකිවුනා. සිදුවූයේ එම පහරදීම් සාධාරණීකරණය කළ ඔවුන්ගේ ඉල්ලීම් නොතකා හැරි පසුගිය රජය බිද වැටීමයි.
    නව රජය පත්වීමෙන් අනතුරුවද, සිසුන් තමන්ගේ ඉල්ලීම් ඉල්ලා මෙම රජයටද බලපෑම් කිරීමට කටයුතු කළා. නමුත් මෙම රජයද පෙර ලෙසම, ශිෂ්‍යයන්ගේ හඩ නොතකා හැරියා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බව පවසා, පසුව මග හැරියා. තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමකාමී ලෙස විරෝධතාව දැක්වීමේදි, ඔවුන් කැළඹෙන ආකාරයේ වචන භාවිත කරමින් ඔවුන්ව පළවා හරින්නට උත්සහ කළා. ඉන් අනතුරුව විසිරගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුපස පන්නමින් බැටන් පොළු කැඩෙන තුරු ඔවුන්ට පහර දුන්නා.
    අතිශය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන්, ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන්, බදු ගෙවන පුරවැසියාගේ මුදලට වැඩි වටිනාකමක් ඉල්ලමින් හඩ නැගූ, නගන ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධන කිරීම සම්බන්ධව අපට අතිශය පිළිකුළක්, විරෝධයක් සහ කම්පාවක් ඇත්තේ මේ පසුබිම නිසයි.
    මර්ධනයෙන් අන් බොහොමයක් සමාජ, දේශපාලන ව්‍යාපාර බිද දැමුවද, එම උපක්‍රම භාවිතයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය නිහඩ, නිවට කිරීමට හැකිවෙතැයි රජයක් බලාපොරොත්තු වනවා නම්, ඒ තරම් නිවට කමක් නෑ.

    By - Manjula Samarasekara
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඉතිං කාටද පාඩු? පොලීසියටමනේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    [SIZE="4"]පව් HNDA උන් උන්ට degree සමානතාව දෙන්න කියල පාරට බැහැපු එකට ගැහුවේ
    එදා ගැහුවේ නැත නම් අද මේ කාලකන්නි ටිකට ඔලු පැලෙන්න කන්න වෙන්නේ අද උන්ට නම් ඔලු පැලෙන්න ගහන්න තිබ්බේ අපරාදේ ගහල නැහැ නේ [/SIZE]

    [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12036824_491759644331726_8100341491868050208_n.jpg?oh=7fa262c0ac7c2740acf33b055a76f2b0&oe=56B58893

    12115683_727221624049740_4880941590516204327_n.jpg
    [/IMG]