අප තුලත් රාජපක්ෂ කෙනෙක් සිටී

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
අප තුලත් රාජපක්ෂ කෙනෙක් සිටී

මහින්ද රාජපක්‍ෂ පරාජය කළ නොහැක්කේ අප තුළත් රාජපක්‍ෂ කෙනෙකු සිටින නිසා

February 9, 2013 at 4:06 am | lanka C news


mahinda-smile-fix.jpg
මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්නට හිතනවා නම් ප‍්‍රථමයෙන් කළ යුත්තේ අප තුළම සැගව සිටින මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම බවත් මහින්ද රාජපක්‍ෂ පරාජය කළ නොහැකිව ඇත්තේ අප තුළත් මහින්ද රාජපක්‍ෂ කෙනෙකු සිටින නිසා යැයි මහාචාර්ය සුමනසිරි ලියනගේ කොළඹදී පැවසීය.
නීතියේ ආධිපත්‍යය, යුක්තිය හා යහ පාලනය ගැන වුවමනාවටත් වඩා කතා කරන අපි පාරිභෝගිකවාදී සමාජ තෙරපුම මත ජීවිතයේ පෞද්ගලික අවශ්‍යතා සදහා මේ අසාධාරණ ක‍්‍රමයේ යම් අංශ යොදා ගනිමින් සිටි බවද ඔහු කීවේය.
අපට මේ ක‍්‍රමය පරාද කළ නොහැක්කේ වික්‍ෂයේ හෝ වෙනත් කිසිවෙකුගේ වැරදි වලට වඩා අපටම මෙහි යම් දුෂිත අංග අවශ්‍ය වී තිබෙන නිසා යැයිද හෙතෙම කීය.
උදාහරණයක් ලෙස ආණ්ඩුවේ අගතිගාමී කටයුතු බරපතළ ලෙස විවේචනය කරමින් සිටින අපි විශ්වවිද්‍යාලයක අංශ ප‍්‍රධානීකම ලබා ගැනීම සදහා අපට ඇති අවම හැකියාව මත හෝ දේශපාලන බලය යොදා ගැනීමට මැලි නොවන බවද පෙන්වා දුන්නේය.
කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ ශ‍්‍රවණාගාරයේදී පැවති ”නීතියේ ආධිපතයේ හෙට දවස” මැයෙන් විකල්ප ප‍්‍රතිපත්ති කේ‍්‍රන්ද්‍රය මෙහෙය වූ විවෘත සංවාදයකට සහභාගී වෙමින් ලියනගේ මහතා මේ අදහස් පළ කළේය

 

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
මමත් රවි කරුණානයක එක්ක ආන්ඩුවට එකතු වෙන්න හිතාගෙන ඉන්නේ.:yes:
 

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
මහින්දට පුලුවන් ඕනිනම් කෝටි ගානක් සල්ලි විසි කරලා තව 25ක් විපක්ෂෙන් ගන්න.ඇමතිකම් දෙනවනම් මුන් හෙටම යයි.විපක්ෂය දුෂිතනම්,නාස්තිකාරනම් රාජපක්ෂ පරාජය කිරිමේ කිසිම අර්ථයක් හෝ තේරුමක් නෑ.ඒක විහිලුවක් විතරයි.මංත්‍රීවරුන් ඔවුන් පත් කරපු අයට වංක වෙලා යනවනම් උන්ගෙන් මොන සෙතක්ද රටට.