අප රට ගැන අපිට සතුටු වන්නට ඇත්තේ කුමන කරුණ&#35

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අප රට ගැන අපිට සතුටු වන්නට ඇත්තේ කුමන කරුණ&#35

    වසර බොහෝ ගණනකට පෙර මෙසේ ලිව්වේ සිසිර කුමාර මාණික්කආරච්චි නම් ලේඛකයා ය.

    අවුරුදු 2500ක ශිෂ්ටාචාරය, නිර්මල ථෙරවාද බුදු දහම, රාවණ දඬුමොනරය වැනි ගුවන් තොටිලි ගැස්සෙන වාක්‍යයක් වන මෙය ඔහු සිය සමාජ විවේචනාත්මක කෘතියක නමක් ලෙස යෙදුවේ ය. මානික්කආරච්චිගේ බෙහෝ ප්‍රකාශයන් සමඟ නොඑකඟතාවන් ඇති නමුදු මේ වාක්‍යය නම් ඇත්තට ම තවමත් වලංගු ය.

    පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය (දැන් නම් මේ වැකිය කිසිවෙක් කියන්නේ නැත) වූ අප රට ගැන අපිට සතුටු වන්නට ඇත්තේ කුමන කරුණු ද?

    පාරට බැස බලන්න. ජීවිතය බේරාගෙන වාහනයක් පදවා ගෙදර එනවා යනු ම මහා විශාල ජයග්‍රහණයකි. පදිකයෝ කහ ඉරි තිබෙද්දී සියලු ම තැන්වලින් පාර පනිති. රියැදුරෝ තම වාහන අනෙකට ඉස්සර කරන්නේ අනෙකා පත්වන අනතුර ගැන වගේ වගක් නැති ව ය. අශිෂ්ටත්වය පාරේ දෝරේ ගලා යයි.
    වෙළඳසලකට යමක් මිලට ගන්නට ගොස් බලන්න. ඔබගේ ඉතිරි රුපියල් 5 වෙනුවට ලැබෙන්නේ ඔබට අවශ්‍ය නොවන චොක්ලට් කැබැල්ලකි. මේ රුපියල් 5 ක චොකලට් කැබැල්ලෙන් ලැබෙන සමහරවිට රුපියලක් තරම් වන ලාභයෙන් ඉන්දියාවේ රතන් ටාටා වැනි ව්‍යාපාරිකයෙක් වන්නට ඔහු සිතනවා ද? මේ පිළිබඳව පැමිණිලි කරන්නට ඔබ පාරිභෝගික සේවා අධිකාරියට අමතා බලන්න. ඔවුන් නැවත පැමිණිලි කරන්නැයි ඔබට ලබා දෙන කිසිදු දුරකතන අංකයක් ක්‍රියාත්මක තත්වයේ නොපවතිනු ඇත.

    කිසියම් කටයුත්තක් කරගන්නට රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට ගොඩ නැගී බලන්න. පෝලිමක පාරිභෝගිකයන් ගණනක් සිටිය දී පොලිස් නිලධාරින් වැන්නන් ඍජුව ගොස් සිය කටයුතු කරගෙන පිටව යනු ඇත. නිතර එන පාරිභෝගිකයනගේ වැඩ පෝලිමට පිටින් බැංකු නිලධාරින් විසින් ම කර දෙනු ඇත.
    කුසගින්නට කෑම ටිකක් කන්නට කඩයකට ගොඩ වී බලන්න. ඔබ ගෙවන මුදලට ඉවත නොදා කෑමට හැකි කෑමවේලක් දිය හැකි වුවද ඔහු ඔබට ලබා දෙන්නේ කටවල් කිහිපයක් කා අත සෝදා ගත යුතු ජාතියේ කෑම වේලකි.
    රජයේ රැකියා ලබා ගැනීම සඳහා වෙහෙසෙන අයවලුන්ගෙන් ඒ වෙහෙසෙන ඇත්ත හේතු විමසා බලන්න. නිකං සිටීමට ලැබෙන ඉඩත්, විශ්‍රාම වැටුපත්, ලෙහෙසියෙන් ලැබෙන නිවාඩුත් ගැන ඔහු කියනු ඇත.

    බස් රථයකට ගොඩ වී බලන්න. සතෙකුටවත් ඇසිය නොහැකි තාලයේ ගීත ශ්‍රවණය කරන්නට හෝ අසික්කිත වීඩියෝ අසමින්, විට කමින් මගින් මග කෙළ ගසමින්, මිනිසුන්ට බණිමින් රේස් යන බසය ඔබව තාවකාලික උන්මත්තකභාවයට පත් කරනු ඇත.
    වාහනයකට ඉන්ධන ටිකක් ගසා ගැනීමට ඉන්ධන පිරවුම්හළකට ගොඩ වෙන්න. තමන් වාහනයට පුරවා ගන්නා තෙල් ප්‍රමාණයේ වටිනාකමට වඩා වැඩි මුදලක් සටහන් වූ බිල්පත් ලබා ගන්නා බොහෝ අය ඔබට හමු වනු ඇත.
    ඔබේ නිවසේ ඉදිකිරීම් කටයුත්තකට මේසන්වරයෙක් සම්බන්ධ කරගෙන බලන්න. ඔහු වැඩය නියමිත කලට නොකරන අතර, ඔබේ ද්‍රව්‍ය විනාශ කර මුදල් වැඩියෙන් අය කරනු ඇත. එපමණක් නොව ඔබේ වැඩය ද ඔබට අවැසි ලෙසට නොකරනු ඇත.
    මෙලෙස ලියන්නට ගියහොත් දවස් කිහිපයක් වුව ලියන්නට කරුණු තිබෙනා බව පෙනී යයි.
    හැම විට ම මෙහෙම නොවන බවත් මෙය ඍණාත්මක ලියැවිල්ලක් බවත් කිසිවෙක්ට කියන්නට හැකි ය. නමුත් සාතිශය බහුතරයක් වන සිදුවීම් මෙසේ නොවේ ද? අප බොහෝ දෙනෙක් ජීවත් වන්නේ, රැවටීමට ලක් වීමේ අඳුරු හැඟීමට මුහුණ දෙන්නට බියෙනි.
    අප ශිෂ්ටසම්පන්න ජාතියක් බවට පත් වන්නේ කවදා ද? රට පත්ව ඇති මේ තත්වය ගැන වගකිව යුතු දේශපාලන සංස්කෘතියක්/ පුද්ගලයන් සහ වෙනත් මූලයන් තිබිය දී ම පුද්ගලයන් හැටියට අප විසින් වෙනස් කරගත යුතු ආචාර ධාර්මික කොටසක් නැති ද ?

    “මේ ජනතාව ඉවත් කර නව ජනතාවක් පත් කළ යුතු ය!” – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මේ ඉන්නේ ඉස්සර හිටපු සිංහල මිනිස්සු.

    image0011.jpg

    එහෙම හිටපු මිනිස්සු දැන් මේ තැනට වැටිලා ඉන්නේ බටහිරයන් විසින් ලංකාව වනසපු නිසයි. උන් අවුරුදු 467 කට අධික කාලයක් (1505 ඉදලා, 1972 දක්වා)
    ලංකාව යටත් කරගෙන, සිංහලයන්ව බ්‍රේයින්වොෂ් කරා බඩගෝස්තරවාදීන් වෙන්න. උන් එදා බිහිකරපු කළු සුද්දෝ තමයි අද රට කන්නේ.

    කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොළොම් තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට.

    කියලා කියන්නේ ඒ නිසයි බන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මේ ඉන්නේ ඉස්සර හිටපු සිංහල මිනිස්සු.

    image0011.jpg

    එහෙම හිටපු මිනිස්සු දැන් මේ තැනට වැටිලා ඉන්නේ බටහිරයන් විසින් ලංකාව වනසපු නිසයි. උන් අවුරුදු 467 කට අධික කාලයක් (1505 ඉදලා, 1972 දක්වා)
    ලංකාව යටත් කරගෙන, සිංහලයන්ව බ්‍රේයින්වොෂ් කරා බඩගෝස්තරවාදීන් වෙන්න. උන් එදා බිහිකරපු කළු සුද්දෝ තමයි අද රට කන්නේ.

    කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොළොම් තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට.

    කියලා කියන්නේ ඒ නිසයි බන්.

    උඹ වෙලාවක එදා හෙළදිව පොත හොයාගෙන ඔක්කොම කියවපන් :yes::yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    මේ ඉන්නේ ඉස්සර හිටපු සිංහල මිනිස්සු.

    image0011.jpg

    එහෙම හිටපු මිනිස්සු දැන් මේ තැනට වැටිලා ඉන්නේ බටහිරයන් විසින් ලංකාව වනසපු නිසයි. උන් අවුරුදු 467 කට අධික කාලයක් (1505 ඉදලා, 1972 දක්වා)
    ලංකාව යටත් කරගෙන, සිංහලයන්ව බ්‍රේයින්වොෂ් කරා බඩගෝස්තරවාදීන් වෙන්න. උන් එදා බිහිකරපු කළු සුද්දෝ තමයි අද රට කන්නේ.

    කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොළොම් තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට.

    කියලා කියන්නේ ඒ නිසයි බන්.

    සහතික ඇත්ත සහෝදරයා... හැමදේම සුනකයට ගොහින් තියෙන්නෙ...
    සැ යු : සුනකයන් යන යෙදුම භාවිතය සම්බන්දයෙන්, සුන්කයන් කරුණාකර මා සමග අමනාප නොවන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය එදාහෙලදිව ලියපු නොක්ස් ලංකාවට ආපු කාලෙ ලංකාවෙ බොහොම ප්‍රාථමික සමාජයක් තිබුනෙ. මිනිස්සුන්ටත් ලොකු වැඩ කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. රජාට ඕනෙ විදිහට ජීවත් උනා. ඒ මිනිස්සුන්ට සල්ලි හොයල වාහනයක් ගන්නවා,.. බැරිම නම් බ‍යික් කට්ටක්වත් ගන්නවා වගේ අදහස් තිබුනෙ නෑ.
    ඉගෙනගෙන ඇඟ මහන්සි නොකරන රස්සාවක් කරන්න ඒකාලෙ බැහැ. ඔක්කොම එකා වගේ හිටියා. ජනගහනයත් අඩු නිසා ඉඩම් ප්‍රශ්නත් තිබුනෙ නෑ. අනික රටේ අයිතිය රජාට නිසා ඉඩම් වල අයිතියක් මිනිස්සුන්ට ඕනෙ උනෙත් නෑ.

    ඒ කාලෙ හරි ෂෝක් සුද්ද ආවම තමයි ඔක්කොම කෙල උනේ කියන අය ටිකක් හිතල බලන්න ආයෙ ඒ කාලෙට යන්න කැමතිද කියල
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    bump.... me ape rate minissu gena hewath api gena kiyaweemaki...

    ape rate minissunge heti kiya banina vita a gode obath sitina bawa mathaka thaba ganna. oba ho mama wenas viya yuthuya, avita ape rate minissu wenas wanu niyathaya.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔය එදාහෙලදිව ලියපු නොක්ස් ලංකාවට ආපු කාලෙ ලංකාවෙ බොහොම ප්‍රාථමික සමාජයක් තිබුනෙ. මිනිස්සුන්ටත් ලොකු වැඩ කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. රජාට ඕනෙ විදිහට ජීවත් උනා. ඒ මිනිස්සුන්ට සල්ලි හොයල වාහනයක් ගන්නවා,.. බැරිම නම් බ‍යික් කට්ටක්වත් ගන්නවා වගේ අදහස් තිබුනෙ නෑ.
    ඉගෙනගෙන ඇඟ මහන්සි නොකරන රස්සාවක් කරන්න ඒකාලෙ බැහැ. ඔක්කොම එකා වගේ හිටියා. ජනගහනයත් අඩු නිසා ඉඩම් ප්‍රශ්නත් තිබුනෙ නෑ. අනික රටේ අයිතිය රජාට නිසා ඉඩම් වල අයිතියක් මිනිස්සුන්ට ඕනෙ උනෙත් නෑ.

    ඒ කාලෙ හරි ෂෝක් සුද්ද ආවම තමයි ඔක්කොම කෙල උනේ කියන අය ටිකක් හිතල බලන්න ආයෙ ඒ කාලෙට යන්න කැමතිද කියල

    සුද්ද රට ඇල්ලුවත් නැත්තත් අපේ එවුනන් හැදෙන ජාතියක් නෙමෙයි වගේ
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සුද්දෝ හරි කලුසුද්දෝ හරි, රටකන්නේ අපිම තමා...

    1948 අපි නිදහස ලබනකොටත් අපිට බුද්ධ ධර්මය හා චින්තනය කියන දේ තිබුනා. ඒ හොදටෝම ඇති නුවණැති මිනිසුන් බිහිකරන්න.

    නමුත් උනේ නරක දේ තියාගෙන හොද දේ බැහැර කිරීම. පටු දේශපාලන, බලය, දේපල වෙනුවෙන් ලැබුණු නිදහසේ උපරිම ප්‍රයෝජන ගත් පිරිස් සාමාන්‍ය ජනතාවට ජාතිවාදය, ආගම් වාදය ඉස්මතු කරන්න පෙලබුනා.

    මිනිසුන් පන්සලෙන් ඈත් උනා. ධර්මය හුදු ආභරණයක් පමණක් උනා. මද්‍යස්ථ මනස ලාංකිකයන් කෙරෙන් බැහැර උනා. පාට කන්නාඩි වලට මිනිස්සු හුරු කලා, අපේ උන් බෙදුනා, තාමත් එක එක දේවල් මත බෙදෙනවා..

    ඉතිං ඊටපස්සේ රට පස්සට යන්න පටන්ගත්තා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විල මැද මුඩුක්කුවේ ඉන්න අසරණ දුප්පත් දුගියන් දිහා බලලා අපට සතුටු වෙන්න පුළුවන්