අප_කළ_යුත්තේ_කුමක්ද_?

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අප_කළ_යුත්තේ_කුමක්ද_?

    දැන් ඔයාලා කවුරුත් දන්නවනේ සිකුරාදා ඔස්ලෝ වල වෙච්ච සිද්ධිය. ඇන්ඩර්ස් බහ්රින්ග් බර්වික් කියලා අවුරුදු 32 ක මනුස්සයෙක් බොම්බයකුත් තියලා තව වෙඩිත් තියලා ඔක්කොම අනූ දෙන්නෙක්ව මරලා. මේ වගේ දෙයක් කරන්න මේ මනුස්සයා පෙළඹුනේ ඇයි කියන එක නම් තවමත් අස්ථීරයි. ඔහුගේ ට්විටර් ගිණුමේ ඔහු පළ කරලා තියෙන දේවල් හැරියට නම් ඔහු උග්‍ර ඉස්ලාම් විරෝධියෙක් කියලයි බටහිර මාධ්‍යය කියන්නේ. නමුත් සිකුරාදා ඔහු මිය පරලොව යවපු අය අතර එක මුස්ලිම් ජාතියෙකයෙක්වත් නැහැලු. ත්‍රස්තවාදය, සමූහ මිනී මැරුම් වගේ දේවල් විදෙස් ප්‍රවෘත්ති වලින් විතරක් අහලා තිබුන මුළු නෝර්වේ රටම මේ සිද්ධියෙන් කම්පනය වෙලා.

    Norway.jpg

    ඒ නෝර්වේ රටේ අලුත් විස්තරය. නමුත් ශ්‍රී ලංකාවේ අපි නෝර්වේ රට ගැන ඉස්සෙල්ලම ඇහුවේ මේ සිද්ධියත් එක්කම නෙවෙයි. විවාදාත්මක සාම ගිවිසුම් සමය වගේම ඉන් පස්සෙත් යුද්ධෙ තියෙන කාලේ නෝර්වේ රට ලංකා රජයත් කොටි ත්‍රස්තවාදීන් අතරත් සාම නියෝජිතයන් වහයෙන් කටයුතු කරන්න උත්සහ කලා. සිංහල අපි බොහෝමයක් දැක්ක විදිහට ඔවුන් බොහෝ අවස්ථා වල කොටින්ට පක්ෂපාති ලෙස කටයුතු කලා. ඒක සහතික කරමින් ඒ කාලේ වගේම දැනුත් කොටින්ගේ වර්ථමාන ලොක්කා ලෙස සැලකෙන නෙදියාන්ට ඉන්න දීලා තියෙන්නේ නෝර්වේ රටේ.

    සිකුරාදා සිද්ධියෙන් අනූ දෙන්නෙකුගේ ජීවිත නැති වුණා. කොහේවත් හිටිය උන්මත්තකයෙක් වගේ මනුස්සයෙක් ඒ අනූ දෙදෙනගේ ජීවිත එදා ඒ විදිහට අවසන් විය යුතුයි කියලා තීරණය කරලා තිබුනා. ලංකාවේ අපි අවුරුදු විසි ගාණක් තිස්සේ ඔය අත්දැකීම ලබලා තියෙනවා. කිසිම වරදක් නොකරපු අපේ අම්මලා, තාත්තලා, සහෝදර, සහෝදරියෝ දහස් ගණනක් ඔවුන් ජීවිතේටම දැකලාවත් නැති ලේ රහ හොයන උන්මත්තකයන්ගේ උමතු ක්‍රියා නිසා මහ මග අවසන් ගමන් ගියා. අප වින්ද ඒ කාළකණ්නි හැඟීම් අපේ දරුවන් කවදාවත් නොලබාවී කියලා අපි සතුටු වෙන මේ කාලේ ලෝකේ වෙනත් රටක එවන් සිද්ධි අසන්න ලැබෙද්දී අප දැරිය යුතු මතය කුමක්ද..? විශේෂයෙන්ම නෝර්වේ රටේ...?

    කොටින්ට කිරි පෙවූ නෝර්වේ කාරයන්ට ඔහොම වෙලා මදි, ඕවා දිට්ඨධම්ම වේදනීය කර්ම කියලා හිතාගෙන ශ්‍රී ලාංකිකයන් විදිහට සතුටු වෙන එකද..? නැත්නම් ඇට මස් ලේ නහර වලින් සැදුනු ඔබ අප වන් මනුස්සයෙක්, එවන් මනුස්ස ජීවිත අනූ දෙකක් අවසන් කරන තැනට මනුශ්‍යයත්වය පහත වැටී තිබීම ගැන දුක් වෙන එකද…?


    2807772-3x2-340x227.jpg


    සිතන්න… කියන්න... අප කළ යුත්තේ කුමක්ද?
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    uba anthimata kiyala thiyene deya godak watinawa. minissu merenawata sathutu wenewa nam kotingei apei wenesak na ne.

    ඔව් සහෝ... අපි ඒ වගේ පහත් තත්ත්වයකට පත් වෙන්න ඕනේ නැහැ. නමුත් නෝර්වේ රටේ නායකයෝ දැන්වත් තේරුම් ගන්න ඕනේ ත්‍රස්තවාදය කියන එකේ සැබෑ ස්වරූපය...

    ස්තූතියි අදහසට...!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ රටේ යුද්දෙ ඉවර උන නිසා හොදයි නැත්නම් මේ ත්‍රෙඩ් එකට වැටෙන රෙප්ලයිස් මේව නෙවෙයි(කොටින්ට නෝර්වේ හෙල්ප් කරනව කියල අපි දන්නව නෙ)...කෙසේ වෙතත් නැති උන අහින්සක ජීවිත ගැන දුකයි!
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ඔව් සහෝ... අපි ඒ වගේ පහත් තත්ත්වයකට පත් වෙන්න ඕනේ නැහැ. නමුත් නෝර්වේ රටේ නායකයෝ දැන්වත් තේරුම් ගන්න ඕනේ ත්‍රස්තවාදය කියන එකේ සැබෑ ස්වරූපය...

    ස්තූතියි අදහසට...!


    avankavama machn, kauru marunath manussayo, meke inna samahara eun minissu marunama hoda vede kiyala sathutu vena eun, aththatama dukai machn a vage pahath eun dakinakota,
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ රටේ යුද්දෙ ඉවර උන නිසා හොදයි නැත්නම් මේ ත්‍රෙඩ් එකට වැටෙන රෙප්ලයිස් මේව නෙවෙයි(කොටින්ට නෝර්වේ හෙල්ප් කරනව කියල අපි දන්නව නෙ)...කෙසේ වෙතත් නැති උන අහින්සක ජීවිත ගැන දුකයි!

    අදහසට ස්තූතියි සහෝ...!

    නමුත් දෙයක් පැහැදිළි කරන්න ඕනේ. අපේ රටේ වුනේ නායකයෝ අවස්ථාවාදීව කරපු වැරදි වලට අහිංසක මිනිස්සු වන්දී ගෙවපු එකයි. ඒ වගේම කොටින්ට උදව් කරන නෝර්වේ රටේ නායකයොත්, එදා මැරිච්ච මිනිස්සුත් අතර තියෙන එකම සම්බන්ධය ඒ දෙගොල්ලම එක රටේ වෙච්චි එක විතරයි. ඒ හින්දා සහෝ කියලා තියෙනවා වගේ අපි හැමෝම මනුස්සයෝ වශයෙන් මේ සිද්ධිය ගැන දුක් වෙන්න ඕනේ. ඒ වගේම අපේ නායකයෝ මේ අවස්ථාව පාවිච්චි කරලා කොටි නෝර්වේ වල ඒ අයට හදාගෙන තියෙන අභය භූමිය නැති කරලා දාන්න ඕනේ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    avankavama machn, kauru marunath manussayo, meke inna samahara eun minissu marunama hoda vede kiyala sathutu vena eun, aththatama dukai machn a vage pahath eun dakinakota,

    ඔව් මචන්.. ඇත්තටම අපි කවුරුවත් ඒ වගේ පහත් තත්ත්වයකට වැටෙන්න හොඳ නැහැ. ස්තූතියි කමෙන්ට් එකට.