අබය ගිරි බුදු මැදුරේ අලුත් සිතුවම

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
අබය ගිරි බුදු මැදුරේ අලුත් සිතුවම



11825181_10153559387716934_5695273726784927996_n.jpg


චිරාගත සම්ප්‍රදායක් වශයෙන් දේශපාලඥයින් තමන්ගේ රූප පන්සල් වල බුදු මැදුරේ සිතුවම් කරගන්නේ නෑ. ඊටත් වඩා වසර දහස් ගණන් ඉපැරණි විහාර වල බුදු මැදුරේ සිතුවම් කරන්නේ නෑ, මොකද ඒවායේ ඓතිහාසිකත්වයට හානියක් වෙන නිසා.
නමුත් හිටපු ජනපතිවරයාගේ සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර ප්‍රතිසංස්කරණය කළ අභයගිරි විහාරයේ වත්මන් දේශපාලඥයින්ගේ පින්තූර බිතු සිතුවම් කර තිබෙනවා. සමාන්‍යයෙන් විවෘත කරන ඵලකයේ ඒ සඳහා උර දුන් අයගේ නම සටහන් කිරීම සිරිත වුණත් දැන් බුදු මැදුර ඇතුලේත් තමන්ගේ චිත්‍ර ඇඳගන්න තරම් පාලකයින් කටයුතු කරනවා.
අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණත් පසුව සොලී ආක්‍රමණ නිසාවෙන් විනාශ වුණා.
1901 දී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා අභයගිරිය වන්දනාවට සුදුසු ලෙස සකස් කළා. 1982 දී පමණ අභයගිරි සංරක්ෂණ කටයුතුවලට නිල වශයෙන් යළි මුල පිරූ නමුත් නිශ්චිත ඉලක්කයක් ඇතිව එය කරවීමට නැවත වැඩ පටන් ගැනුණේ 1997 දී. නමුත් නොනවතින යුද්ධය හා සාමය නිසා එය දිගින් දිගටම ආණ්ඩු වලට මග හැරුණා.
2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා උනන්දුව මත විවිධ ප්‍රමාණවල ගඩොල් ලක්ෂ 30 ක් පමණ යොදාගෙන අඩි 240 ක් උසට දැන් අභයගිරිය සම්පූර්ණ ලෙස පිළිසකර කළා. අභයගිරි චෛතයේ සහ විහාරයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු 2014 දී කඩිනම් කර 2015 දී අවසන් කිරීමට යෙදුවා.
නමුත් වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණයට සත පහක්වත් වෙන් නොකර (2002-2004 දී ඕන කමක් තිබුණනම් ඉවර කරන්න තිබුණනේ) දැන් තම පින්තූර බුදු මැදුරේ ගහගෙන.
මේවා කාට කියන්නද... තව ටික කාලෙකින් බුදු හාමුදුරුවන් වෙනුවට දේශපාලඥයින්ගේ පිළිම බුදු මැදුර ඇතුළේ ඉදි කරාවි.
.
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ බං රතන හමුදුරුවෝ මෙතැන?බලන් ගියාම මුන් ඔක්කොම එකයි..මහින්ද නම් දා ගත්තා වටේටම..මෙයාලා පන්සල වලට ෆොටෝ දා ගන්නවා..
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    Agama dahamak gena kisima hegimak nethiwa thamange prathirupaya godananva genimata karana 2.50 weda...
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං මේක Fake මම උත්සවේටත් ගියා මෙහෙම එකක් තිබ්බේ නෑ.
    අනේ මංදා බං. මුං ඇයි මෙහෙම බොරු හදලා දාන්නේ