අභය දානය හා එහි ආනිසංස

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ❛අභය දානය හා එහි ආනිසංස !!!🌿☘️☘️☘️

    දක්ඛිණවිභංග සූත‍්‍රයේ දී පුද්ගලික ව දිය හැකි දානවර්ග දාහතරක් පිළිබඳව දක්වා තිබේ. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය යැ යි දානය ත්‍රිවිධාකාර වේ.

    විපතට පත් වූ පුද්ගලයෙකුට හෝ වේවා සත්ත්වයෙකුට හෝ වේවා, නිර්භයත්වය ප‍්‍රදානය කරනු ලබයි නම්, එකී විපතින් ඔවුන්ගේ දිවි ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි. ස්වාභාවික උපද්‍රව, සතුරු උපද්‍රව තුළින් පුද්ගලයාට විපතක්, අනතුරක් සිදු වී බියෙන් යුක්ත ව කාලය ගත කරන මොහොතක දී එවැන්නකුගේ බිය දුරු කොට සැපත ශාන්තිය උදා කරලිය හැකි නම්, මරණයෙන් ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි.

    අභය දානය නැතිනම් ජීවිත දානය උතුම් දානයකි.මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් ධර්මයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.

    ️“අභයදානං දත්වාන
    ජත්තුනො භයතජ්ජිතෝ
    දයානිසංසේ අනුහොමි
    කම්මානුචිජකෙ “

    මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

    🍀 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම.

    🍀 නිරෝගී සම්පත්තිය ලැබීම.

    🍀 දීර්ඝායු සම්පත්තිය ලැබීම.

    🍀 රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම.

    🍀දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.

    🍀 කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම.

    🍀 තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම.

    🍀 සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.

    🍀උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.

    පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම.

    උතුම් තෙරුවන් සරණයි ...🙏
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන්
    ඒ බය හරියටම දැනෙන්නෙ ත්‍රස්ථවාදියො ඉල්ලන දේවල් නොදුන්නොත් සෑම විනාඩි දහයකටම එක්කෙනෙක් මරණව කියලා අපි ලිස්ට් එකේ උඩින්ම ඉන්නකොට තමයි.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මස් කඩේ මුදලාලි ට පුලුවන් ද ඒ සත්තු මරන්නේ නැතුව ඉදල අභය දානය කරල පින් ගන්න ??
    උබත් ඒම බේරිච්ච එකෙක් වගේ
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,616
    113
    එකමත් එක රටක
    උබත් ඒම බේරිච්ච එකෙක් වගේ
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපං..

    මස්කඩේ මුදලාලි ට , දඩයක්කාරයෙක් ට ඔහොම මරන්න ඉන්න සත්තු නිදහස් කරල අභය දානය දීල පින් ගන්න පුලුවන් ද ?
     
    • Haha
    Reactions: asanka+++

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මස් කඩේ මුදලාලි ට පුලුවන් ද ඒ සත්තු මරන්නේ නැතුව ඉදල අභය දානය කරල පින් ගන්න ??
    නෑ. චේතනාවක් නෑ නෙ.
    චේතනාහාන් බික්කවේ කම්මන් වදාමි
    උබත් ඒම බේරිච්ච එකෙක් වගේ
    උබ බැලුවොත් කවුරුහරි එක්ක කොක්කක් :(
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මමත් හරකෙක් නිදහස් කලා 2021. දැන් නම් සල්ලි නෑ..
     
    • Love
    Reactions: S_M_S

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මමත් හරකෙක් නිදහස් කලා 2021. දැන් නම් සල්ලි නෑ..
    බේරලා උබ ගාව ඇති කරන්නේ නැත්නම් වැඩක් නෑ බන්. ඌ අයි කැරකිලා මස් කඩේට එනවා. ඕකත් බිස්නස් එකක් දැන්
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    බේරලා උබ ගාව ඇති කරන්නේ නැත්නම් වැඩක් නෑ බන්. ඌ අයි කැරකිල
    බේරලා උබ ගාව ඇති කරන්නේ නැත්නම් වැඩක් නෑ බන්. ඌ අයි කැරකිලා මස් කඩේට එනවා. ඕකත් බිස්නස් එකක් දැන්
    මම අවුරැද්දක් හැදුවා. පස්සේ හරක් හදන දන්න කෙනෙකුට දුන්නා. දැන් මම හදන කාලේ වගේ නෙවෙයි හොදට ඉන්නවා. ලගදිත් බලල ආවා. නිදහස් කරනවා නම් හදන්න කට්ටිය ඉන්නවා. හොයල බලන්න ඕන ඉතින්.
     
    • Love
    Reactions: gamerlk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,883
    28,785
    113
    බේරලා උබ ගාව ඇති කරන්නේ නැත්නම් වැඩක් නෑ බන්. ඌ අයි කැරකිලා මස් කඩේට එනවා. ඕකත් බිස්නස් එකක් දැන්
    Karekila nemei… dunna salli welin aru harak dennek gannewa…
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපං..

    මස්කඩේ මුදලාලි ට , දඩයක්කාරයෙක් ට ඔහොම මරන්න ඉන්න සත්තු නිදහස් කරල අභය දානය දීල පින් ගන්න පුලුවන් ද ?
    ඔව්
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මස් කඩේ මුදලාලි ට පුලුවන් ද ඒ සත්තු මරන්නේ නැතුව ඉදල අභය දානය කරල පින් ගන්න ??
    එහෙම බෙරන එක හොන්ද දෙයක්, එත් එහෙම බෙරන්නෙ මොන වගෙ සත්තුඩ කියල බලන්න ඔනි. @SLK_sri ඔය කියන්නෙත් එහ්ව්ම මරන්න ගෙනිහින් බෙරපු එකෙක්. ඛාටවත් වෑඩක් නෑති අපතයෙක් නෙ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එහෙම බෙරන එක හොන්ද දෙයක්, එත් එහෙම බෙරන්නෙ මොන වගෙ සත්තුඩ කියල බලන්න ඔනි. @SLK_sri ඔය කියන්නෙත් එහ්ව්ම මරන්න ගෙනිහින් බෙරපු එකෙක්. ඛාටවත් වෑඩක් නෑති අපතයෙක් නෙ.
    ශෝක් බණ ටික 😅

    Ps: හිනාවෙන්න නෙවේ බන් කිව්වෙ. උබ බණ කියන්නෙ දේශය කලවම් කරල කියල කිව්වෙ :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: asliyanage

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය වගේ බෙරිච්ඡ එකෙක් තමා @SLK_sri කියන්නේ
    එහෙම බෙරන එක හොන්ද දෙයක්, එත් එහෙම බෙරන්නෙ මොන වගෙ සත්තුඩ කියල බලන්න ඔනි. @SLK_sri ඔය කියන්නෙත් එහ්ව්ම මරන්න ගෙනිහින් බෙරපු එකෙක්. ඛාටවත් වෑඩක් නෑති අපතයෙක් නෙ.

    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    එහෙම බෙරන එක හොන්ද දෙයක්, එත් එහෙම බෙරන්නෙ මොන වගෙ සත්තුඩ කියල බලන්න ඔනි. @SLK_sri ඔය කියන්නෙත් එහ්ව්ම මරන්න ගෙනිහින් බෙරපු එකෙක්. ඛාටවත් වෑඩක් නෑති අපතයෙක් නෙ.
    බලන්න දෙයක් නැහැ මු නම් මි හරකෙක්👌
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ශෝක් බණ ටික 😅

    Ps: හිනාවෙන්න නෙවේ බන් කිව්වෙ. උබ බණ කියන්නෙ දේශය කලවම් කරල කියල කිව්වෙ :rofl:
    ඔය කිව්වෙ ඈත්ත්ම නෙමෙ, නිකන් විහිලුවක් කලේ. දර්මයට අනුව ණම් කාට උනත් අභය දානය දෙන එක පින්ක්. පිනෙ ආනිසන්ස තීරනය වෙනවා චේතනවේ ප්‍රමානයට සහ නිදහස් කරන සතාගේ සිල්වත් , ගුනවත් භාවය අනුව.

    :)
     
    • Love
    Reactions: gamerlk