❛අභය දානය හා එහි ආනිසංස !!!

දක්ඛිණවිභංග සූත‍්‍රයේ දී පුද්ගලික ව දිය හැකි දානවර්ග දාහතරක් පිළිබඳව දක්වා තිබේ. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය යැ යි දානය ත්‍රිවිධාකාර වේ.
විපතට පත් වූ පුද්ගලයෙකුට හෝ වේවා සත්ත්වයෙකුට හෝ වේවා, නිර්භයත්වය ප‍්‍රදානය කරනු ලබයි නම්, එකී විපතින් ඔවුන්ගේ දිවි ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි. ස්වාභාවික උපද්‍රව, සතුරු උපද්‍රව තුළින් පුද්ගලයාට විපතක්, අනතුරක් සිදු වී බියෙන් යුක්ත ව කාලය ගත කරන මොහොතක දී එවැන්නකුගේ බිය දුරු කොට සැපත ශාන්තිය උදා කරලිය හැකි නම්, මරණයෙන් ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි.
අභය දානය නැතිනම් ජීවිත දානය උතුම් දානයකි.මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් ධර්මයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.
️“අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ “
මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,
උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම.
නිරෝගී සම්පත්තිය ලැබීම.
දීර්ඝායු සම්පත්තිය ලැබීම.
රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම.
දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම.
තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම.
සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම.
උතුම් තෙරුවන් සරණයි ...