අභ්‍යවකාශ සිහිනය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අභ්‍යවකාශ සිහිනය

    ශ්‍රී ලාංකික ඉතිහාසයේ විවිද රජවරු අපිට හමුවෙනවා.සමහර එවුන් මෙලෝ රහක් නැහැ.නමුත් දුටුගැමුණු රජතුමා එළාර නම් ද්‍රවිඩ පාලකයාගෙන් රට මුදාගෙන රට එක් සේසත් කරපු සුවිශේෂී රජ කෙනෙක්.
    එතුමාට තම එක් සේසත් කරපු රටේ තමන්ගේ පුත් කුමරුන් රජවෙනවා දකින්න සිහිනයක් තිබුනත්,එකම පුතා සාලිය මගුල් විසේ ගහල රජකම ප්‍රතික්ෂේප කරනවා.පස්සේ දුටුගැමුණු රජතුමාගේ එක ම සිහිනය
    වෙන්නේ බුද්ද ශාසනයේ දියුණුව.අවසන් මොහොතේ එතුමාට බලන්න ඕනි උනේ රුවන්මැලි මහා සෑය.වැඩ අවසන් නොකරපු රුවන් මාලි මහා සා රදුන් එදා සුදු තිර රෙදි වලින් ආවරණය කරලා රජතුමාට අවසන් මොහොතේ පෙන්නනවා.

    මෙදා නන්දි කඩාල් කලපුවේ ප්‍රබාකරන්ව අවසන් කරලා ත්‍රස්තවාදයෙන් රට මුදවා ගෙන රට එක් සේසත් කරපු අපේ ජනාදිපති තුමාගේ දරුවෝ කව්රුවත් ගැමුණුගේ සාලිය වගේ මගුල් විසේ ගහපු එවුන් වත් රජකම ප්‍රතික්ෂේප කරන උපන්ගෙ මොඩයෝන්වත් නෙමේ කියල අපි හැමෝම දන්නවා.ඕනෑම පියෙක්ට වගේ අපේ ජනාදිපති තුමාගේත් එකම සිහිනය වෙන තමන් එක සේසත් කරපු රටේ මීලග උරුමය ලබාගන්න දැනටමත් එතුමාගේ ලොකු පුතා සුදානමින් ඉන්නවා.
    ලංකාවේ මෙතෙක් පහල වෙච්ච කිසිම පාලකයෙක්ට පහල නොවූ සිහිනයක් අපේ ගරු ජනාදිපති තුමාට ශ්‍රීලන්කිකයන්ගේ වාසනා බල මහිමයට පහල වී තිබෙනවා.ඒ තමන්ගේ බාල පුතා
    අභ්‍යවකාශයට යවන්න.මේ සදහා විශාල මුදලක් වැය වුනාද ලංකාව වගේ සෞභාග්‍යමත් රටක පාලකයෙක් ආඩම්බරකාර පියෙක්වෙන අපේ ජනාදිපති තුමාට සුළු දෙයක් බව අපි හැමෝම දන්නා කරුණක්,රජයේ ජන මාද්‍ය වාර්තාකරණ පරිදි චීනයේ චන්ද්‍රිකා නිපදවන Great Wall Corporation (CGWIC). සමග සම්බන්දවී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් වන SupremeSAT සාමාගම මගින් මුදල් ගෙවා චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමටත් ලංකාවේ අභ්‍යවකාශ ගාමීන් අභ්‍යවකාශයට යැවීමටත් සුදානමින් සිටිනව,
    web පිටුවට මෙතනින් යන්න http://supremesat.com/

    එක් චන්ද්‍රිකාවක් සදහා ඩොලර් මිලියන 300 පමණ වැයවෙන අතර මෙහි ආයු කාලය වසර 15 පමණවේ.ශ්‍රී ලංකාව වැනි රටකට එය වියදම් අදික මාද්යක් උනත් ශ්‍රී ලාංකිකයෙක් අබ්යාවකාශ ගත වීම අපට සුවිශේෂී කාරණය වන්නේය, ලෝකයේ දියුණු රාජ්‍යන් වල කොඩි අතර
    අභ්‍යවකාශයෙදී අපේ රටේ කොඩියත් ලෙලදෙනවා දකින්න වැඩි කාලයක් ගත නොවුණු ඇත.එදා නීල් අර්ම්ස්ට්‍රෝන් හද මත පා තැබූ විට ඇමරිකානුවන්ටදැනුනා සේ ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයන්ට උදා වන දිනය වැඩි ඈතක නොවේ

    මේ පිලිබදව බටහිර ගැති විද්‍යුත් මාද්‍ය කිසිදු ප්‍රචාරයක් ලබාදී නොමැති නිසා හැකි පමණින් මේ පිළිබද කරුණු සොයා ජනතාව දැනුවත් කරන්න
     
    • Haha
    Reactions: IAS