අභ්‍යාවකාශයේ ගගණගාමින් වැඩවර්ජනයේ!

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අභ්‍යාවකාශයේ ගගණගාමින් වැඩවර්ජනයේ!

    අභ්‍යාවකාශයේ ගගණගාමින් වැඩවර්ජනයේ!
    :rofl::rofl::rofl::rofl::rofl:

    උද්ගෝෂණ වැඩවර්ජන ලංකාවේ අපිට අලුත් දේවල් යැ.
    නමුත් අද ලිපිය දිගහැරෙන්නේ අමුතුම වර්ජනයක් ගැනයි.

    සීතල යුද්ධ සමයේදි අභ්‍යවකාශය දිග්විජය කිරීමට සෝවියට් දේශය හා ඇමරිකාව අතර තියුණු සටනක් පැවතුනා. සෝවියට් දේශය පලමු චන්ද්‍රිකාව හා පලමු මිනිසා අභ්‍යවකාශගත කරද්දි, සද මත මිනිස් පා සටහන් තබන්නට ඇමරිකාව සමත් වුනා. ඉන් නොනැවතී තවත් අභ්‍යවකාශයේ තම සීමා පුළුල් කිරිමට ඇමරිකාවට අවැසි වුනා. එ් අනුව අභ්‍යවකාශයේ මිනිසුන් දිර්ඝකාලිනව රැදවීමට ගත් උත්සහයේ ප්‍රතිපලයක් ලෙස ස්කයිලැබ් මෙහෙයුම ඇරබෙනවා.

    1973 මැයි මාසයේදි ස්කයිලැබ් නම් අභ්‍යවකාශ නැවතුම්පලක් ඇමරිකාව විසින් පෘථිවි කක්ෂගත කරනවා. මෙය නිරික්ෂණාගාරයක්, පරික්ෂණාගාරයක් හා ගගණගාමින්ට දිවිපැවැත්ම ගෙනයාමට ඇවැසි විවිධාංගයන්ගෙන් සමන්විතයි.

    Skylab-2 මෙහෙයුම යටතේ දින 28ක්ද, Skylab 3 මෙහෙයුම යටතේ දින 59ක්ද ගගණගාමින් ස්කයිලැබ් හි රදවා විවිධ පරික්ෂණ හා අලුත්වැඩියා සිදුකරනු ලැබුවා. අවසන් මෙහෙයුම ලෙස Skylab 4, දින 84 (සති 12ක්) පුරාවට කාර්යබහුල කාලසටහනක් යටතේ අවසන් කිරිමට නාසා අායතන තීරණය කලා. එවකට මෙපමණ කලක් කිසිවෙක් අභ්‍යවකාශයේ ගතකොට නැ. මෙය නවමු හා අන්තරායක අත්දැකිමක්.

    0h8AF1v


    Skylab-4 මෙහෙයුම ජෙරි කාර්,බිල් පෝග් හා එඩ්වඩ් ගිබ්සන් යන ගගණගාමින් වෙත පැවරුනු අතර ස්කයිලැබ් හි ඔවුන් ගතකරන කාලය තුල මිනිස් පැය 6051ක කාර්යසටහනක් සම්පුර්ණ කල යුතුයි. විවිධ විද්‍යාත්මක පරික්ෂණ වලට අමතරව ඔවුන්ට විවිධ ආම්පන්න පැටවිම් හා ගොඩබැම් මෙන්ම සූර්ය හා පෘථිවි නිරික්ෂණයන්ද කාර්ය පටිපාටියට ඇතුලත්.

    කිසිදු විවේකයක් රහිතව අඛණ්ඩව නිරත වන අහස උසට ගොඩගැසුනු වැඩ කන්ද හේතුවෙන් අධික මහන්සියක් හා පීඩනයකට ගගණගාමින් තිදෙනා ලක්ව සිටියා. අවසනයේදි ඔවුන්ගේ ඉසිලුම් සීමාව අතික්‍රමණය වුනා. ඒ අනුව 1973 දෙසැම්බර් 28 වැනි දින අභ්‍යවකාශයේදි පෙර නොවු විරු තීරණයකට එලැබිමට ඔවුන් තිරණය කලා.

    එදින ඔවුන් ස්කයිලැබ් හා පෘථිවිය අතර සියලු සබදතා විසන්ධි කර දැමුවා. කිසිවක් නැසෙන බරක් නොමැති හිස් අවකාශය තුල ඔවුන් කිසිදු රාජකාරියක නිරත නොවි පැය 24ක් ගිමන් හැරියා.

    මෙය අභ්‍යකාශයේදි සිදුවු පලමු වැඩවර්ජනය ලෙස සැලකිය හැකියි.

    නාසා ආයතනය මේ ක්‍රියාවට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. නැවත පෘථිවිය හා සම්බන්ද විමෙන් පසු ඇතිවූ අභ්‍යවකාශයේදි උද්ගත වූ තත්ත්වය ගගණගාමින් පැහැදිලි කරන්නට වුනා. කාර්යක්ෂම වැඩකටයුතු කිරිමට දිනකට මද විවේකයක් හෝ තිබිය යුතු බව ඔවුන් නාසා ආයතනයේ බලධාරින් වෙත දන්වා සිටියා. කරුණු සලකා බැලිමෙන් අනතුරුව නාසා ආයතනයද එය පිලිගත් අතර ඉදිරි සති සදහා වන කාර්ය සටහනේ වෙනසකම් ද සිදුකලා.

    කාර්යසටහනේ වෙනස්කම් වලින් පසු ගගණගාමින්ගේ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කලේය. දින 84ක සාර්ථක මෙහෙයුමකින් පසුව ගගණගාමින් නැවතත් පෘථිවියට පැමිණිනි. නමුදු ඔවුන් කිසිවෙකුට නැවතත් අභ්‍යවකාශ මෙහෙයුම් වල යෙදිමට අවස්ථාව ලැබුනේද නැත. එමෙන්ම නාසා ආයතනයේ ඉදිරි මෙහෙයුම් කාර්ය සැකසීමේදි, ස්කයිලැබ් හී ගගණගාමි වැඩවර්ජනය සාධනිය බලපැමක් සිදුකල බව නිසැකය.

    - Roshin Fernando

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නියමයි.
    මේ වගේ දෙයක් කියවන්න ලැබෙන්නේ කළාතුරකින්.
    දිගටම යන්.
    ජය වේවා.
    රෙප් දුන්නා
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    මේ වගේ දෙයක් කියවන්න ලැබෙන්නේ කළාතුරකින්