අභ්‍යාවකාශ තරණය අපට දිනිය හැකිද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉන්දියාවේ ISRO එකත් 2030 වෙන කොට අභ්‍යාවකාශයට සංචාරකයන් යවන්න සූදානම් වෙනවා.

    මේ කතාව ඇතුලේ ලස්සන ආර්ථික කතාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් හාරා අවුස්සලා බලමු.

    අභ්‍යාවකාශය කියන්නෙ මුල් අවධියේ ආගන්තුක ක්ෂේත්‍රයක්. ඒ නිසා ප්‍රථිපල මොනවා උනත් ලොකු රිස්ක් අරගෙන කරන්න ඕන දැවැන්ත ආයෝජනයක්. ඒ ආයෝජනය කරන්න වෙන්නේ රාජ්‍ය අංශයට. මොකද නොදන්න දෙයක් පර්‍යේෂණ කරන්න ලොකු වියදමක් යනවා. ඉතිං එහෙම කරන්න පුළුවන් ලොකු රාජ්‍යය වල රාජ්‍ය අංශයට විතරයි. රාජ්‍ය ලොකු නම් ඒ රාජ්‍යයේ ආදායමත් වැඩියි. ඒකෙන් ලොකු බජට් එකෙන් කොටසක් මේ වගේ අලුත් අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රයකට වෙන් කරන එක අමාරු නෑ. විශේෂයෙන් රටේ ආරක්ෂාව ගැන හිතලා ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. 60 දශකයේ රුසියාව සහ ඇමෙරිකාව අභ්‍යාවකාශ තරණය කලේ තරඟයට. මොකද ඉස්සරහ උන කෙනා බලවතා වෙන බව ඔවුන් දැන ගෙන හිටියා.

    මේ වගේ ලෝක බලවතුන් වෙන්න නම් අත් කරගන්න අත්‍යාවශ්‍යය බලයක් තමයි අභ්‍යාවකාශ බලය. ඒකත් න්‍යෂ්ටික බලය වගේම තමයි.

    මෙහෙම කාලයක් යන කොට මේ ක්ෂේත්‍රය තුල රාජ්‍ය අංශයේ කාර්‍යභාරය අඩු වෙනවා. හොයන ටික හොයා ගෙන, අවශ්‍ය පහසුකම් හැදිලා, තාක්ෂණය බහුල වෙලා ඊළඟට ඒක වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් දවසක් එනවා. ඊට පස්සේ රාජ්‍ය නියාමනය යටතේ මේක පුද්ගලික ආයෝජන වලට විවෘත වෙනවා. අනතුරුව තියෙන්නේ පුද්ගලික අංශයේ කාර්‍ය භාරය. දැන් ඔය ඇමෙරිකාවේ ඉලොන් මාස්ක්, ජෙෆ් බෙසෝස් එහෙම ඇමෙරිකාවෙන් තරඟයට අභ්‍යාවකාශය තරණය කරනවා. ඒ අතරේ වර්ජින් එකේ රිචඩ් බ්‍රැන්සන් ආදීන් ඔවුන් සමග තරඟ කරනවා. මේ තරඟයට අලුතින් ඇවිත් ඉන්නේ ඉන්දියාව. ඔවුන්ගේ අඩු වියදම් තාක්ෂණය එක්ක 2030 දී ඉන්දියානු රුපියල් කෝටි 6 කට අභ්‍යාවකාශ සංචාරය විවෘත කරන්න ඔවුන් සැළසුම් කරනවා.

    මේ වගේ ක්ෂේත්‍ර වලට අත ගහන්න කුඩා රාජ්‍යයන් වලට අපහසුයි. ඒ තමන්ගේ ආර්ථිකය එච්චර ලොකු එකක් නොවන නිසා ඒකෙන් මුදලක් අභ්‍යාවකාශ තරණයට වෙන් කරන්න අමාරුයි. Small states කරන්නේ ඒ පහසුකම් අර ලොකු බලවත් රාජ්‍යය වලින් ලබා ගන්න එක්ක. ඒ නිසා පොඩි රාජ්‍යයන් සාපේක්ෂව අර බලවත් රාජ්‍යයන් සමග යම් ආකාරයක බැඳීමක ඉන්නවා. භූ දේශපාලනිකව ඒක අත්‍යාවශ්‍යයි.

    අනිත් එක මේ වගේ ක්ෂේත්‍ර උනත් වෙළෙඳපොළට නිකුත් කරන්න නම් ඒ රට වල යහපත් රාජ්‍ය පරිපාලනයක්, නීතියේ පරමාධිපත්‍යක්, සහ හොඳ දේශපාලනයක් තියෙන්න ඕනේ. එසේ වූ විට පමණයි වෙළෙඳපොළක් සාර්ථක වෙන්නේ. එසේ නොවන දූෂිත රාජ්‍යයන් වල වෙළෙඳපොළක් සාර්ථක වෙන්නේ නෑ.

    කොහොම උනත් අනාගතයේදී සාමාන්‍ය මිනිස්සු අභ්‍යාවකාශය තරණය කරාවි; සංචාරය කරාවි. ඒ තමයි වෙළෙඳපොළ මහිමය.

    අපිත් ඒ වෙළෙඳපොළ තමයි හදා ගන්න ඕනේ. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ධනය ජනිත කර ගන්න ඕනේ.

    ඒ නිසා නොබියව හොඳ වෙළෙඳපොළ ක්‍රමයක් නිර්මාණය කරමු.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    • Haha
    Reactions: hancok and haunte

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,047
    1
    15,842
    113
    අපිට එච්චර අමාරු නෑ උබ ලියන හෑලි ටික ප්‍රින්ට් කරල එක උඩ එක තිබ්බම නිකම්ම හදට යන්න උස සෙට් වෙනව
    UnnaturalConsciousKingsnake-max-1mb.gif