අභිධර්ම ප්‍රශ්නයක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    5,232
    638
    113
    the universe
    රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෝධිපාක්ෂික ධර්ම පොත කියවද්දි ආපු ප්‍රශ්නයක්,
    ''චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම �අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි� යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය''

    ලක්ෂණ වශයෙන්, පවත්නා ආකාරයාගේ වශයෙන් කියන්නෙ මොකක්ද..
    .
    "දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන සාධාරණ ලක්ෂණයන් ද පිරිසිඳ දැන ගැනීම �පරිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු පරිඤ්ඤා සිද්ධි� යනුවෙන් දැක්වෙන දෙවන සෘද්ධිය ය."

    දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ කියන්නෙ මොනවද..
     
    Last edited:
    • Like
    Reactions: shadow134

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,529
    1
    6,599
    113
    Man mae baluwe ara kasala sodakayo and ganikawo niwan dakke mae taram amaru ewa kiyawalada kiyala:unsure:
    නිවන් දකින්න මෙච්චර දඟලන්න දෙයක් නෑ බන්. සුනීත, සෝපාක රහත් උනේ අභිධර්මය කියල නෙවෙයිනෙ. කට්ටිය මේක පටලවගෙන ඉන්නෙ ආයෙ ලෙහා ගන්නම බැරි වෙන්න

    දමිත් කාරියවසම් වගේ එවුන් මේක තවත් පටලනවා
    ------ Post added on Jun 10, 2021 at 5:34 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    1,207
    2,080
    113
    Man mae baluwe ara kasala sodakayo and ganikawo niwan dakke mae taram amaru ewa kiyawalada kiyala:unsure:
    this is the answer.. if ur smart enough u’ll understand
    1623326654439.jpeg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    36,729
    17,165
    113
    නිවන් දකින්න මෙච්චර දඟලන්න දෙයක් නෑ බන්. සුනීත, සෝපාක රහත් උනේ අභිධර්මය කියල නෙවෙයිනෙ. කට්ටිය මේක පටලවගෙන ඉන්නෙ ආයෙ ලෙහා ගන්නම බැරි වෙන්න
    Car eka elawanna break accelrator gear eka denaganne nethuwa engine eke ecu circuit eka idan hadana widiya denaganna yanawa wage wedak neda :unsure:
     
    • Like
    Reactions: sandaru1rox

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,793
    3,069
    113
    Man mae baluwe ara kasala sodakayo and ganikawo niwan dakke mae taram amaru ewa kiyawalada kiyala:unsure:
    ඇයි උබ කියන්නේ බඩු මෝඩයි කියලද ?
    පොත පතට හිත යොමු කරානම් Island rank දාන්න පුළුවන් බඩු අදටත් ඉන්නවා .
     
    • Haha
    Reactions: ජොසී

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,529
    1
    6,599
    113
    Car eka elawanna break accelrator gear eka denaganne nethuwa engine eke ecu circuit eka idan hadana widiya denaganna yanawa wage wedak neda :unsure:
    අනිවා. මේක තමා වෙන්නෙ. මින්ස්සු මේ පන දාගෙන ට්‍රයි කරන්නෙ නිවන් යන මාර්ගෙ නෙවෙයි. බුදුහාමුදුරුවො නිවන ගැනයි, වෙන වෙන කාරනා ගැන කියපු දේවල්.

    පට්ටපල් මෝඩ බයියෙක් උනත් තමන් පන්සිල් පද පහ රකින්නෙ නැතුව ලවුඩ්ස්පීකර් දාගෙන අනුන්ටත් එක්ක කවිබණ ඇස්සෙවුවම නිවන් යනව කියල හිතන් ඉන්නෙ ඒකනෙ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,533
    8,224
    113
    මම ඔය පොත කියවලා නෑ. හැබැයි ඔය සදහනේ හැටියට මෙහෙමයි.

    ලක්ෂණ වශයෙන්, පවත්නා ආකාරයාගේ වශයෙන් කියන්නෙ මොකක්ද..

    ලක්ෂණ වශයෙන් දැන ගැනීම.

    යම් යම් දේවල්වල ලක්ෂණ අනුව, ස්වරූපය අනුව ඒ ඒ දේවල් බෙදා දැක්විය හැකියි. වර්ග කළ හැකියි. විවිධ වර්ගවල මල් ඇති මල් වට්ටියකින් ඒ ඒ වර්ගයේ මල් ඒ ඒ ගොඩවල් වලට වර්ග කළ හැකියි. රෝස මල් එක ගොඩකටද වතුසුදු මල් එක ගොඩකටද දාස්පෙතියා තව ගොඩකට ද බෙදා වෙන් කළ හැකියි. එසේ බෙදා දැක්වීමට ඉවහල් වන්නේ කුමක්ද? ඒ ඒ මල්වල දක්නට ලැබෙන ලක්ෂණයි.
    ඒ පරිදිම සතර පරමාර්ථ ද විවිධ ලක්ෂණ අනුව විශ්ලේෂණය කළ හැකියි. උදාහරණයක් හැටියට විත්ත පරමාර්ථය ගනිමු. චිත්ත පරමාර්ථය 89 ආකාරයකට බෙදා දැක් වූයේ යැයි සිතමු. 89ක් වූ චිත්තයෝ ඒ ඒ චිත්තයන්ගේ ලක්ෂණ අනුව නැවැත වෙන් කළ හැක. ඇතැම් සිත් හටගැනීම හේතු කොට ගෙන ඒ පුද්ගලයාට කටුක විපාක විදීමට සිදුවේ නම් එවැනි සිත් අකුසල සිත් ලෙස දක්වයි. එබදු සිත් 12කි. ඒ අනුව 89ක් සිත්වලින් 12ක් අකුසල සිත් ලෙස වර්ග කරනු ලබන්නේ ඒ සිත්වල දක්නට ලැබෙන පොදු ලක්ෂණ මූලික කොටගෙනය. ඒ ඒ පරමාර්ථයන්ගේ ලක්ෂණ දැනගැනීම ඒ ඒ පරමාර්ථයන් අවබෝධ කර ගැනීමට උපකාරී වේ.

    පවත්නා ආකාරයාගේ වශයෙන් දැන ගැනීම.

    ඒ ඒ පරමාර්ථයන්ගේ පැවතුම් මාත්‍රය අනුව ඒ ඒ පරමාර්ථ බෙදා දැක්විය හැකියි. උදාහරණයක් ලෙස චිත්ත පරමාර්ථය ම ගනිමු. ඇතැම් සිත් කාමාවචර ලෝකයන්ගේ උපදිති. එය ඒ සිත්වල් පැවතුම් ස්වභාවයයි.ඒ අනුව කාමාවචර ලෝකයන්ගේ පවතින සිත් 54ක් ලෙස දැක්විය හැක. ඇතැම් සිත් අරූපාවචර ලෝකයන්හි උපති. එය ඒ සිත්හි පවත්නා ආකාරයයි.

    අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි = ඉතා හොදින් දැනගත යුතු ධර්මයන් දැනගැනීම.

    දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ කියන්නෙ මොනවද..

    දුක්ඛාර්‍ය සත්‍යට අයත් රූපාරූප ධර්මයන් යනු මොනවාදැයි පළමුව විමසා බැලිය යුතුයි. ඒ අනුව දුක්ඛ ආර්‍යය සත්‍ය මෙසේය.

    ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං - ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා

    “මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය. (ධම්මචක්කප්පවත්ත සූත්‍රය)

    සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය)

    ඒ අනුව පංච උපාදානස්කන්ධය මෙහිලා රූපාරූප නමි. ඊට හේතුව එය රූප හා අරූප ලෙස කොටස් 2කට බෙදා දැක්විය හකිවීමයි. (නාමරූප)
    පංච උපාදානස්කන්ධය පහත පරිදිය.

    රුප ස්කන්ධය - රූප

    වේදනා ස්කන්ධය - අරූප
    සඤ්ඤා ස්කන්ධය-අරූප
    සංස්කාර ස්කන්ධය-අරූප
    විඤ්ඤාන ස්කන්ධය-අරූප

    එතකොට රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ කියන්නේ ඒ ඒ ස්කන්ධයන්හි දක්නට ලැබෙන ආවේණික ලක්ෂණයි. පෙර ලකෂණ පිළිබද දැක්වූ විස්තරයම මෙහිදී ද අදාළ කර ගත හැක.

    "අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන සාධාරණ ලක්ෂණයන්" යැයි දක්වන ලද්දේ එම ලක්ෂණ ත්‍රය සියලු ස්කන්ධයන්ට සාධාරණ (පොදු) වෙන බැවිනි.

    පරමාර්ථ ධර්ම හා පංචස්කන්ධයේ සම්බන්ධය වටහා ගැනීම ද මෙහිලා වැදගත්ය. නිබ්බාණ පරමාර්ථය හර අනෙක් ත්‍රිවිධ පරමාර්ථයෝ පංචස්කන්ධය හා මෙසේ සම්බන්ධ කළ හැක.

    රුප ස්කන්ධය - රූප පරමාර්ථය

    වේදනා ස්කන්ධය - චෛතසික පරමාර්ථය
    සඤ්ඤා ස්කන්ධය- චෛතසික පරමාර්ථය
    සංස්කාර ස්කන්ධය- චෛතසික පරමාර්ථය

    විඤ්ඤාන ස්කන්ධය- චිත්ත පරමාර්ථය
     
    Apo hena podi deyakne bn loke tiyena barama wachana dala tiyenne

    Dukath tiyenawa sathutath tiyenawa.dekama feelings.ita passe e dekama nethi thana zombie feeling.zombie feeling ekath athaariyama just feelings as it is.just feelings panchas skanda wala ekathuwak.ekathuwak kiyala dengattama empty.empty nan nirvana
    ------ Post added on Jun 10, 2021 at 9:03 PM
     
    • Haha
    Reactions: shadow134

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    5,232
    638
    113
    the universe
    බොහොම පින් @shadow134 , චිත්ත පරමාර්ථය ලක්ෂණ වලට අනුව කුසල් අකුසල් විදිහට බෙදිල යනව වගේ, රූප, නිර්වාණ පරමාර්ථ කොහොමද බෙදිල යන්නෙපවත්නා ආකාරය අනුව රූප, නිර්වාණ ධාතු කොහොමද බෙදිල යන්නෙ
     
    Martin Garrix

    Junior member
  • Sep 3, 2018
    94
    53
    18
    Apo hena podi deyakne bn loke tiyena barama wachana dala tiyenne

    Dukath tiyenawa sathutath tiyenawa.dekama feelings.ita passe e dekama nethi thana zombie feeling.zombie feeling ekath athaariyama just feelings as it is.just feelings panchas skanda wala ekathuwak.ekathuwak kiyala dengattama empty.empty nan nirvana
    ------ Post added on Jun 10, 2021 at 9:03 PM
    wade kiyanne oka danagaththa kiyala witarak madi. e widihata loke diha balanna purudu wennath one
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    857
    337
    63
    අනිවා. මේක තමා වෙන්නෙ. මින්ස්සු මේ පන දාගෙන ට්‍රයි කරන්නෙ නිවන් යන මාර්ගෙ නෙවෙයි. බුදුහාමුදුරුවො නිවන ගැනයි, වෙන වෙන කාරනා ගැන කියපු දේවල්.

    පට්ටපල් මෝඩ බයියෙක් උනත් තමන් පන්සිල් පද පහ රකින්නෙ නැතුව ලවුඩ්ස්පීකර් දාගෙන අනුන්ටත් එක්ක කවිබණ ඇස්සෙවුවම නිවන් යනව කියල හිතන් ඉන්නෙ ඒකනෙ.
    Eka mehemai machan. Dan kale issarata wada wenas. Buddhism walata godak mithyawa ekathu wela. Anith eka dan minissunge IQ level eka godak Wadi. Eka nisa godak dewal prashna karanawa. Eka nisa me wage deyak igena gaththama kenekta niyama shraddawa athi Kara ganna puluwan me modern loke.

    Hodata example eka kenek mareddi Hoda deyak hithunoth eya sugathiyata yanawa kiyanawane. Api godak welawata Meka wadiya ganan ganne nane. Eth abhidarmaye pahadiliwa explain karanawa ai eka ehema wenne. Anith jeewinge chuthiya kohomada wenne. Garu arammanayak thiyena kenekge kohomada wenne wage. Eka therum gaththama aththama darmaya therum ganna lesi
     
    • Like
    Reactions: hasithayad

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,303
    4,475
    113
    Homagama
    නිවන් දකින්න මෙච්චර දඟලන්න දෙයක් නෑ බන්. සුනීත, සෝපාක රහත් උනේ අභිධර්මය කියල නෙවෙයිනෙ. කට්ටිය මේක පටලවගෙන ඉන්නෙ ආයෙ ලෙහා ගන්නම බැරි වෙන්න
    මේ කතාව ටිකක් වෙනස්. අපි වාහන එලවන්න දන්නවනේ. හිතන්න අපි අවරුදු 10 ක් විතර් වාහන එලවන්නේ නැතුව ඉදලා එක පාර වහනයක් දුන්නම එලවන්න පුළුවන් නේ. ඒ පෙර පුරුද්ද නිසා. සුනීත, සෝපාක රහත් උනේ අන්න ඒ වගේ දෙයක් නිසා. අපි තාම එලවන්න දන්නේ නැ . ඒක නිසා මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ
     
    • Like
    Reactions: KalyanaMithra001