අභියෝග කීරිම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    කියවලම බලන්නකෝ මතක ඇතිව video එක බලන්න...........

    https://video-cdg2-1.xx.fbcdn.net/hvideo-xfa1/v/t43.1792-2/11429825_646236542174038_1504285121_n.mp4?efg=eyJybHIiOjE1MDAsInJsYSI6MTAyNH0u00253D&rl=1500&vabr=216&oh=3c44fa0668a4129f1f281d20be012fd6&oe=55894993

    ========= වෙනස =========

    නාමල් රාජපක්ෂ දේශපාලනයට ආවේ තම පියාගේ බළය උපරිප අවස්ථාවේය. එහෙත් ඔහු ඒ බලය ජනප්‍රිය වීමට හම්බන්තොට හිටි සජිත් ප්‍රේමදාසට '' පුළුවන්නම් මාත් එක්ක හැප්පෙන්න වරෙං කීමට දේශපාලනයට එනකොටම අභියෝග කරන්නට යොදා නොගත්තේය. ඒ ඔහු දේශපාලනය දන්නවාට නොව අඩුම තරමේ ඉහ නිකට බලා වචන හසුරවන්නටවත් සදාචාරාත්මක වීම මතය.

    දි මූ ජයරත්නගේ පුතා පළාත් සභා දේශපාලනයට පැමිණියේ තම පියාගේ බළය උපරිම අවස්ථාවේය. ඔහු මහනුවරින් ප්‍රථම ස්ථානයට පැමිණියේය. එහෙත් ඔහු කඩිනම් ජනප්‍රියත්වයකට මහනුවර ලක්ෂ්මන් කිරි ඇල්ලට හෝ එවකට තිස්ස අත්තනායකට පුළුවන්නම් මා එක්ක හැප්පෙන්න වරෙං කීවේ නැත. ඒ දේශපාලනය දන්නවාට නොව ඉහ නිකට බලා වචන හසුරවන්න සදාචාරයක් තිබූ නිසාය.

    සබරගමුවේ නිළ නොළත් අධිකාරම වන මහීපාළ හේරත් ගේ පුතු කනක හේරත් දේශපාලනයට ආවේ තම පියාගේ බළය උපරිම අවස්ථාවේය. එහෙත් ජනප්‍රියත්වය උදෙසා කෑගල්ලේ තනි අලියා වෙච්ච,මහීපාලගේ සදාතනික දේශපාලන වෛරකාරයා වන ''කබීර් හශීම්ට'' අඩෝ තම්බියා වරෙං මා එක්ක හැප්පෙන්න කීවේ නැත. ඒ දේශපාලනය දන්නා කමට නොව ඉහ නිකට බලා කථා කරන්න සදාචාරයක් තිබූ නිසාය.

    විපක්ෂයෙන්ද (අතීතයට අදාලව ) උදාහරණ ගත හැකිය.......

    තම පියා මියගොස් හුදෙකලාව දේශපාලනයට පැමිණි දොස්තර ජයලත් ජයවර්ධනගේ පුතා ගම්පහෙන් දේශපාලනයට ආවේය. ඔහු ජනප්‍රිය වීමට ගම්පහ බැසිල්ට අඩෝ පුළුවන්නම් මා එක්ක තරගෙට වරෙං යැයි කීවේ නැත. අඩුම බස්නාහිරට තරග කළ ප්‍රසන්න රණතුංගටවත් එහෙම අභියෝග කලේ නැත. ඒදේශපාලනය මෙන්ම ඔහු ඉහ නිකට බලා කථා කිරීමට සදාචාරාත්මක හැකියාවක් තිබූ නිසාය.

    තාත්තාට බලය උපරිමය ලැබුණු පසු දේශපාලනයට එන්න බහ තෝරනකොටම ඉහ නිකටවත් නොබලා අභියෝග කරන තත්වයට ''චතුර සේනාරත්න වැනි ලාමකයන් පත්වේනම් ප්‍රශ්ණ කළ යුත්තේ ඔහුගේ දේශපාලන ඉදිරිය නොවේ. ඔහුගේ සදාචාරයයි.

    පුතාලා හා වේසිගේ පුතාලා හදුනා ගත හැක්කේ සදාචාරාත්මක හැදියාව හා භාවිතය තුලින්ම පමණි.

    ----------------- නුවන් මොණරවිළ-------
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    බලය උපරිම අවස්ථාවේ ඉදගෙන විපක්ෂය පරජය කරනවට වඩා, විපක්ෂයට වී සිටි කෙනෙකු බලය උපරිමයේ සිටින කෙනෙකු පරාජය කිරීමේන් ඇතිවෙන සතුට තමයි ඔය වගේ පොර ටෝක් දෙන්නේ.

    රාජිතගේ පුතා මහින්දගේ ඉහයි නිකටයි දැක්කම කිසිම වයසක් පෙන්නේ නැතුව ඇති. ඇයි ඉතින් මහරජාගේ කොන්ඩෙත් කළුයි, රැව්ලත් කලුයි. ඒක හින්ද්ද දන්නේ නෑ කිසිම ගරුසරුවක් නැතුව මෙහෙම කතා කරේ.

    ගනන් ගන්න එපා දේශපාලනයට පොඩි පහේ ගැටයෝනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,367
    113
    ලක්ෂ 9 යේ සපත්තු පළඳින ලක්ෂ 5 පෑන් භාවිතා කරන ඇමැති පුත්තරයාට කූඤ්ඤය ගලවා ගත් වඳුරාට වූ වින්නැහිය සිදුවෙලා

    රාජපක්ෂ රෙජීමය වසර 9 ක් පුරා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළලද්දී ඊට එරෙහිව ජවිපෙ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය‘, සිවිල් සංවිධාන කලා කරුවන් ආදීන්ගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘පුරවැසි බලය‘, එජාප නායකයාගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘නිදහසේ වේදිකාව‘ ආදී පොදු ජන සටන් සංවිධාන වල වාටියකවත් නොසිටි, ඇමැති පුත්තරයෙකුට රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් පසුව හදිසියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිත් පහල වී ජවිපෙ ගොඩ නැගූ ව්‍යාපාරයේ නමේ ‘ජනතා‘ කෑල්ල වෙනුවට ‘ජාතික‘ කෑල්ල එක්කර කොපියක් ගසා, අහුලා ගත් පුද්ගලයන්ගේ සංවිධානයක් හදා ඊයේ සම්මේලනයක් පැවැත්වීය. මේ ඇමැති පුත්තරයා නම් අනෙකෙක් නොව පියා සමග එක්ව චීනුන් සමග ඩීල් දමා ලක්ෂ 9 යේ සපත්තු කුට්ටම් සහ ලක්ෂ 5 යේ පෑන් භාවිතා කරන බව හෙලි වූ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය.

    එකළ තම පියා මේ රටේ අවනීතිය රජ කරවමින් බැසිල් රාජපක්ෂගේ මහජන මුදල් සොරකමට විරුද්ධ වූ අගවිනිසුරුවරිය එළවා දැමීමට කැන්ගරු උසාවියේ නඩු අසා එක් රැයින් තීන්දු ලියද්දී පියා සමග රාජපක්ෂ රෙජීමයේ තුරුල්ලේ නැලවෙමින් සිටි මේ පිංගුත්තර පුතාට ඊයේ රැස්වීමෙන් පසු කූඤ්ඤය ගලවා ගත් වඳුරාට සිදුවූ වින්නැහිය සිදුව ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ඊයේ රැස්වීමට මොහු විසින් ටෙලිකොම් සමාගමේ සහ විදුලි බල මණ්ඩලයේ අස්ථිර සේවකයන් ලෙස සේවය කරන මෑන් පවර් සේවකයන් පිරිසක් ගෙන්වා ගෙන තිබේ. ඒ වන විටත් ටෙලිකොම් සමාගමේ සිටින මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීමට වෘත්තීය සමිති ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට දින යොදා ගෙන තිබිණ. එම දිනය වූයේ ලබන 26 වෙනිදා ය. පියා හරහා මේ බව දැනගෙන ඇති චතුර සේනාරත්න ඊයේ රැගෙන විත් සිටි මෑන් පවර් සේවකයන් අමතා මහ හඬින් පවසා සිටියේ ලබන 26 වෙනිදාට මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම තමාගේ සටනක් බවයි. මේ සම්බන්ධයෙන් අද වන විට ටෙලිකොම් වෘත්තීය සමිති තම විරෝධය පා තිබේ. ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සඳහා පසුගිය වසර ගණනක කාලයක් තිස්සේ වෘත්තීය සමිති ගෙන ගිය සටනට කිසිදු සම්බන්ධයක් නැති මේ ලක්ෂ 9 සපත්තු දාන ලක්ෂ 5 පෑන් වලින් ලියන මේ සෙල්ලක්කාර කොලු ගැටයා වෘත්තීය සමිති අරගලය ඔහුගේ සාක්කුවට දමා ගැනීමට යෑම අමු තක්කඩි ක්‍රියාවක් බව කියමින් වෘත්තීය සමිති විරෝධය පා ඇත. මේ හේතුව නිසා ලබන 26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

    මේ අතර ප්‍රධාන පක්ෂ දෙකින් එකකින් නාම යෝජනා බලාපොරොත්තුව සිටින ඇමැති පුත්තරයා තමා සුදනා යයි ඇඟවීමට දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ප්‍රධාන පක්ෂ දෙකේ පක්ෂ මූලස්ථාන වටලන බවට ඊයේ වහසි බස් දෙඩුවේය. මෙහි ඇති අපූරුම විහිළුව නම් තම ඇමැති පියා දූෂිතයෙක් බවට පත් වූයේ දේශපාලනයට පැමිණීමෙන් පසුව නමුත් මේකා දැනටමත් චීනුන්ගෙන් අල්ලස් ලබා ගනිමින් දූෂිතයෙක් ලෙස නම් දරා සිටීමයි.

    අනෙක් විහිළුව නම් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රීවරයෙක් දූෂිතයෙක් ලෙස තීන්දු කර මන්ත්‍රීධූරයක් අහෝසි කළා නම් එසේ මන්ත්‍රීධූරය අහෝසි කළ එකම මන්ත්‍රීවරයා සිය පියා වූ රාජිත සේනාරත්න වී තිබියදී මේ කොලු ගැටයා දූෂිතයන්ට නාම යෝජනා දෙනවා කියා පක්ෂ කාර්යාල වැටලීමට යෑමයි. පක්ෂ කාර්යාල වැටලීමට පෙර ඇමැති පුත්තරයා තමන්ගේම නිවස වටලා ගැනීම කළ යුතු යැයි දූෂණයට සැබෑ ලෙස එරෙහි ජනතාව කියති.

    - http://www.lankaenews.com/news/2127/si
     
    Last edited:

    මේ දින 100 ඇතුලත උන දේවල් අතරලම දාපන්කෝ 1972 ඉදලා උන ඒවත් අතහැර දාමුකෝ(ඒ කලේ උන දේවල් තරුණ ළමයි කොහොමත් දන්නේ නෑනේ, එහෙම දන්නවා නම් මහින්දගේ කළේ කොයි තරම් හොදද කියල හිතෙයි. මේකෙන් කියවෙන්නේ නෑ මහින්ද රට පාලනය කරේ සිල් රෙද්දක් පොරවාගෙන දස රාජ ධර්මය ඔලුවේ තියාගෙන කියලා. සාපේක්‍ෂව බැලුවොත් හොදයි කියන එකයි කිව්වේ)

    2005 ඉදන් 2015 වෙනකන්නේ මේ රටේ ජරා ජිර්ණම කාලේ කොටින්ම සුද්දා පාලනය කරපු කළේවත් කාලිංග මාග කාලේවත් මේ තරම් ජරා වැඩ සිද්ද උනේ නෑ හිට්ලර් වත් මේ තරම් මානව හිමිකම් උල්ලංගනය කරන්න නැතිව ඇති.

    හොදයි ඉතින් ඔය උඩින් කියල තියෙන enews වාර්තාවේ තියෙන දේවල් නෙවේ අර ඒ දවස්වල කියපු එක මෙගා ඩිල් එකක් අල්ලපල්ලකෝ බලන්න අන්න එතකොට අපිත් කටවල් වහගෙන ඉන්නම්, ඒවා බැරිනම් ඔය උඩින් දාපු එකවත් අල්ලපල්ලකෝ උබල ඔය චෝදනා කරන්නේ සාක්ෂි ඇතුවනේ.

    ඔන්න මන් සාක්ෂියක් දෙන්නම් මේකවත් අල්ලපන්කෝ (හැබැයි මේක යහපාලන කරයෙක්ගේ හික්ස් ....)

    oPZry.jpg

    X5PWN.jpg

    4bYiM.jpg

    oHo4Y.jpg

    6w0QA.jpg

    oMQ3q.jpg

    මචං මට ඕනේ නෑ උබලට මඩ ගහන්න, අපි දෙන්නගේ දේශපාලන අදහස් 2ක් උනත් උබටයි මටයි තියෙන්නේ 1 රටයි එකට හොදක් වෙනවා නම් එචරයි. මට ඉන්න දරුවටත් උබට ඉන්නවනං ඒ දරුවටත් ලැබෙන්නේ උබයි මමයි එකතුවෙලා රැකපු මේ රට තමයි.
     
    Last edited: