කියවලම බලන්නකෝ මතක ඇතිව video එක බලන්න...........
https://video-cdg2-1.xx.fbcdn.net/hvideo-xfa1/v/t43.1792-2/11429825_646236542174038_1504285121_n.mp4?efg=eyJybHIiOjE1MDAsInJsYSI6MTAyNH0u00253D&rl=1500&vabr=216&oh=3c44fa0668a4129f1f281d20be012fd6&oe=55894993
========= වෙනස =========
නාමල් රාජපක්ෂ දේශපාලනයට ආවේ තම පියාගේ බළය උපරිප අවස්ථාවේය. එහෙත් ඔහු ඒ බලය ජනප්‍රිය වීමට හම්බන්තොට හිටි සජිත් ප්‍රේමදාසට '' පුළුවන්නම් මාත් එක්ක හැප්පෙන්න වරෙං කීමට දේශපාලනයට එනකොටම අභියෝග කරන්නට යොදා නොගත්තේය. ඒ ඔහු දේශපාලනය දන්නවාට නොව අඩුම තරමේ ඉහ නිකට බලා වචන හසුරවන්නටවත් සදාචාරාත්මක වීම මතය.
දි මූ ජයරත්නගේ පුතා පළාත් සභා දේශපාලනයට පැමිණියේ තම පියාගේ බළය උපරිම අවස්ථාවේය. ඔහු මහනුවරින් ප්‍රථම ස්ථානයට පැමිණියේය. එහෙත් ඔහු කඩිනම් ජනප්‍රියත්වයකට මහනුවර ලක්ෂ්මන් කිරි ඇල්ලට හෝ එවකට තිස්ස අත්තනායකට පුළුවන්නම් මා එක්ක හැප්පෙන්න වරෙං කීවේ නැත. ඒ දේශපාලනය දන්නවාට නොව ඉහ නිකට බලා වචන හසුරවන්න සදාචාරයක් තිබූ නිසාය.
සබරගමුවේ නිළ නොළත් අධිකාරම වන මහීපාළ හේරත් ගේ පුතු කනක හේරත් දේශපාලනයට ආවේ තම පියාගේ බළය උපරිම අවස්ථාවේය. එහෙත් ජනප්‍රියත්වය උදෙසා කෑගල්ලේ තනි අලියා වෙච්ච,මහීපාලගේ සදාතනික දේශපාලන වෛරකාරයා වන ''කබීර් හශීම්ට'' අඩෝ තම්බියා වරෙං මා එක්ක හැප්පෙන්න කීවේ නැත. ඒ දේශපාලනය දන්නා කමට නොව ඉහ නිකට බලා කථා කරන්න සදාචාරයක් තිබූ නිසාය.
විපක්ෂයෙන්ද (අතීතයට අදාලව ) උදාහරණ ගත හැකිය.......
තම පියා මියගොස් හුදෙකලාව දේශපාලනයට පැමිණි දොස්තර ජයලත් ජයවර්ධනගේ පුතා ගම්පහෙන් දේශපාලනයට ආවේය. ඔහු ජනප්‍රිය වීමට ගම්පහ බැසිල්ට අඩෝ පුළුවන්නම් මා එක්ක තරගෙට වරෙං යැයි කීවේ නැත. අඩුම බස්නාහිරට තරග කළ ප්‍රසන්න රණතුංගටවත් එහෙම අභියෝග කලේ නැත. ඒදේශපාලනය මෙන්ම ඔහු ඉහ නිකට බලා කථා කිරීමට සදාචාරාත්මක හැකියාවක් තිබූ නිසාය.
තාත්තාට බලය උපරිමය ලැබුණු පසු දේශපාලනයට එන්න බහ තෝරනකොටම ඉහ නිකටවත් නොබලා අභියෝග කරන තත්වයට ''චතුර සේනාරත්න වැනි ලාමකයන් පත්වේනම් ප්‍රශ්ණ කළ යුත්තේ ඔහුගේ දේශපාලන ඉදිරිය නොවේ. ඔහුගේ සදාචාරයයි.
පුතාලා හා වේසිගේ පුතාලා හදුනා ගත හැක්කේ සදාචාරාත්මක හැදියාව හා භාවිතය තුලින්ම පමණි.
----------------- නුවන් මොණරවිළ-------
