අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා - ජනපති

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ

    ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයින්ට සිදුව ඇති බවයි. එය ජයගත යුත්තේ එකමුතුකමෙන් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බවයි ජනාධිපතිවරයා සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් පවසන්නේ. එල්ල වූ අභියෝග හමුවේ ජනතාව අත්විඳින අපහසුතා රැසක් ඇති බවත්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    මේ අතර පවතින දුෂ්කර කාලය පසුකර යාමට වුවද සියලු දෙනා එක්ව සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අභියෝගාත්මක කාලයේ ජනතාව මුහුණදුන් පීඩාවන් එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් රජය ක්‍රියාවට නංවමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩයේ දැක්වෙන්නේ. සමස්ථ රට වැසියන්ට උදාවූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ අලුත් අවුරුදු පනිවුඩයේ සඳහන්

    http://nethnews.lk/article/94473

    තවත් සහන ඉදිරියේදී ලබාදෙනවා.