අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala ) - Your Choice Way
    අද අපි කතා කරන්නේ ඉපැරණි මෙන්ම ඉතිහාස කතා රැසක් සැගවුණු ගුහාවක් ගැනයි..ඒ නමින් නිල්වලගල ගුහාවයී.

    මේ නිල්වලගල ගුහාව වලගම්බා රජට උපකාරී වූ ස්ථානයක් බවට ජනප්‍රවාදයේ සාක්ෂි සපයනවා...

    ඒ වගේම වලගම්බා ‍රජුට රහසිගතව සේනා සංවිධානයට මෙම ගුහාව උපකාරී වූ බවද කියවෙනවා...

    එම ගුහාව තවත් කොතරම් දුරකට විහිදේ දැයි නිශ්චිතව සොයාබලා නැහැ

    නිල්වලගල ගුහාවේ එක් කොනක ගලේ පිහිටීම වෙනස් වෙනවා...

    මන්ද කළුගල රතු හා ලා කහපාටින් යුක්ත වීමයි....

    ඒවා ස්වභාවිකවම පිහිටීමක් වූ අතර සමස්ථ ගුහාවෙන්ම එම ස්ථානය පමණක් එලෙස දැකිය හැකි වීම විශේෂයි...

    මේ නිල්වලගල ගුහාව ඇතුළට ගිය පසු ඇසක් වැනි හැඩය හොඳින් දැකගත හැකි අතර ළඟාවීමට ඇති දුෂ්කරතාව නිසා සතුරු උවදුරු වලින් බේරී සිටීමට මෙය කදිම ස්ථානයක් බව බැලූ බැල්මට පේනවා...

    තවද මෙතැනට දුර ඈත කඳුවැටි හා ප්‍රදේශ දැකගත හැකි අතර විටෙක මෙය ඔත්තු බැලීමට යොදාගත් ස්ථානයක් බවට ද උපකල්පනය කළ හැකියි...

    කොළඹ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි අල්ගම ප්‍රදේශයේ නිල්වලගල කුඩා කදු මුදුනේ ප්‍රපතයේ සැගවී තිබෙන මේ ගුහාවට යනවා කියන්නේ හරි අවධානම්...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ලංකාවේ ගුහාවක්, ගස් බෙනයක්, වලක්, සිදුරක් තිබ්බොත් අනිවා කවුරුහරි පොරක් එකේ හැංගිලා ඉදල තියනවා. ප්‍රධාන බුවා නැත්නම් එයාගේ බලුකුක්කෙක් හරි එකේ ඉදල තියනවා. :lol::lol:
     
    • Like
    Reactions: netudara

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ලංකාවේ ගුහාවක්, ගස් බෙනයක්, වලක්, සිදුරක් තිබ්බොත් අනිවා කවුරුහරි පොරක් එකේ හැංගිලා ඉදල තියනවා. ප්‍රධාන බුවා නැත්නම් එයාගේ බලුකුක්කෙක් හරි එකේ ඉදල තියනවා. :lol::lol:

    Ai thawa Rawana ehemath inna puluwan :)
     
    • Like
    Reactions: netudara