අමතක කරන්න නරකයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අමතක කරන්න නරකයි

1. අළුත් ආණ්ඩුව පත් උනාට පස්සේ ගෝඨාභයව කොමිසමකට මුල් වතාවට කැඳවුවිට විපක්ෂ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක් සංවිධානය කලා. ඒක බොදු බල සේනාව පැරණි සිංහ කොඩිය (කොළ තැඹිලි තීරු නැති) අරගෙන ආවා. අන්තිමට විකෘති කල ජාතික කොඩියක් භාවිතා කලා කියලා මන්ත්‍රීවරු විශාල ගාණකට නඩු දැම්මා මම දන්න තරමින් අදටත් ඒ නඩුව ඉවර නෑ
2. මෑතකදී එළියට ආපු /සිංහලේ/ ව්‍යාපාරය ඔය කියන කොඩිය අරගෙන කොළඹ ඉදන් නුවරට රථ පෙළපාලියක් යනවා. පොලීසියෙන් පොඩි පොඩි බාධක තිබ්බත් අර විපක්ෂ මන්ත්‍රීවරුන්ට වෙච්ච දේ මේ අයට උනේ නැහැ.
3. එක්නැලිගොඩ නඩුවට කඩා වැදුනු බොදු බල සේනාව ඉතාම ඕනෑකමින් අත්තඩංගුවට පත්වෙන විදිහට වැඩ කරනවා. (මේක නොදැන උසාවියේ දැගලුවා කියන එක පිළිගන්න බෑ වගේම උසාවියේ එසේ හැසිරීමෙන් ඒ රණවිරුවන්ට සහනයක් ලැබෙන්නේ නැති බවත් නොදැන ඉන්න විදිහක් නෑ) ඊට අමතරව දිවයින පුවත්පත පළ කරපු විදිහට මේ රණවිරුවන්ට විරුද්ධව සාක්ෂි නැති තත්වයක් උඩ මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන වෙලාවේ මේ විදිහට බොබසේ මැදිහත් වීමත් ප්‍රශ්නයක්.
දැන් මේ 1 හා 2 සිද්දි අතර තව වැදගත් දෙයක් වෙනවා. ඒ තමයි ගෝඨාභයගේ නායකත්වයෙන් අළුත් පක්ෂයක් හැදෙන බවට රාවයක් පැතිරීම. ගෝඨාභයට ගහන්න තියන හොඳම දේ තමයි ඔහු සිංහල ජාතිවාදියෙක්ය කියන එක. දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට ඒ බය නැවත ඇඟට දැනෙන රංගනයක් මේ දවස්වල /සිංහලේ/ හා බොබසේ හරහා සිද්ද වෙනවා. ගෝඨාභය දේශපාලනයට සුදුසුද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ උනත් තමන්ගේ බලය වෙනුවෙන් දෙමළ මුස්ලිම් ජනයා තමන් ගාවම දිගටම තියා ගන්න එජාපය ප්‍රමුඛ හංස සන්ධානය ජාතිවාදය පාවිච්චි කරනවා කියලා හිතන එක වැරදි නැහැ.
(2 හා 3 සිදුවීම අතරතුර බොබසේ හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් තිබුනු බවත් අමතක කරන්න නරකයි

කට්ටිය සීපා අමතක කරන්න එපා.... පොඩ්ඩක් කල්පනා කරන්න...බෞද්ධ චීවරයක් අත්තඩංගුවේ බව ඇත්ත... එකට විරුද්ධව හඬ නගමු... මේ වෙලවී පොඩ්ඩක් හිතපල්ලා.. රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද තියෙන්නේ???
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
12439005_10208443732195097_7987680962605696049_n.jpg