අමතක වුණ ලේවැල්ල සංගිලි පාලම

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අමතක වුණ ලේවැල්ල සංගිලි පාලම

    1566194809-bridge_L.jpg


    මහනුවර සහ දුම්බර මිටියාවත යා කරමින් ඉංග්‍රීසි පාලන යුගයේ මහවැලි ගඟ හරහා ඉදි කරනු ලැබූ ලේවැල්ල සංගිලි පාලම වෙනුවට නව පාලමක් ඉදි කරනු ලැබීමෙන් පසු මෙම සංගිලි පාලම දැඩි ලෙස අබලන්ව දිරාපත් වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙයි.

    ඉංග්‍රීසි පාලන සමයේ දහස් ගණනක් ජනතාවට දුම්බර පෙදෙස්වලට ඉතා පහසුවෙන් එහා මෙහා යාම සඳහා ඉදි කරනු ලැබූ මෙම පාලම කාලය ඇවෑමෙන් ප්‍රමාණයත් නොවීම නිසා හිටපු ජනාධිපති ඩී.බි.විජේතුංග මහතුන්ගේ සීමාවේ නව පාලමක් ඉදි කරනු ලැබ ඇති අතර එයත් සමඟ එහි තිබූ මෙම ඓතිහාසික පාලම අතහැර දමා ඇති බවද වාර්තා වේ.

    දැනට දැඩි ලෙස අබලන්ව ඇති මෙම පාලම සංරක්ෂණය කරන ලෙසත් මෙම පාලමට සමගාමීව ඉංග්‍රීසන් විසින් මහවැලි ගඟ හරහා ඉදි කරනු ලැබ ඇති අනෙකුත් පාලම් සංරක්ෂණය කරමින් තිබෙන බවත් අද දෙරණ වාර්තාකරු පැවසීය.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    දොඩම්වල හල්ලොලුව පාලමටත් ඔය දේම වෙයි තව ටික කාලයකින්.