අමනුෂ්‍ය දෝෂ වළක්වන්න නිවෙසේදීම පිළිවෙත්
අමනුෂ්‍ය දෝෂ කෙරෙහි යොමු වී තිබීම අප සමාජයෙන්ම හඳුනාගත හැකි ප්‍රකට ලක්‍ෂණයකි. මස්, මාළු, බැදුම් හෝ එවැනි බැදුමක් වෙනත් ස්ථානයට රැගෙන යෑමේදී දෙහි කොළ හෝ ගෙඩි සහිතව රැගෙන යෑමට අපගේ වැඩිහිටියන් පුරුදු වී ඇත්තේ එවැනි අමනුෂ්‍ය දෝෂවලට බියෙනි. මේ නිසා අමනුෂ්‍ය දෝෂ යනු මොනවාද ඒවා හඳුනාගන්නේ කෙසේද යන්න මෙන්ම ඒ සඳහා සුදුසු ප්‍රතිකාර මොනවාද යන්නත් කෙරෙහි අවධානය යොමු කරමු.
මනුෂ්‍ය ලෝකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.
ප්‍රේත ලෝකය
අසුර ලෝකය
නිරය
ඵමෙන්ම මනුෂ්‍ය ලෝකය හැර භූත කොටස් 8ක් හඳුනාගත හැකිය. මෙය පෙළගැස්සීමේදී ඉහළින්ම වැජඹෙන්නේ දේව කොට්ඨාසයයි. භූත කොටස්
යක්‍ෂ
ප්‍රේත
භූත
පිසාච
කුම්භාණ්ඩ
මළ යක්‍ෂ
මළ ප්‍රේත
මළ ගෙවල ප්‍රේත
යනුවෙන් වර්ග කිරීමකට ලක්වෙයි. මීට අමතරව මේ අමනුෂ්‍ය කොට්ඨාසවලද විවිධ වර්ග කිරීම් හඳුනාගත හැකිය. එමෙන්ම මීට සාපේක්‍ෂව මළ ගිය ඥාතීන්ද අමනුෂ්‍ය යටතට ගැනේ.
භූත විද්‍යාවට අනුව මනුෂ්‍ය වර්ගයාට අමනුෂ්‍ය බලපෑම් එල්ල විය හැකි කාරණා රැසක් වෙයි. මින් ප්‍රධාන වන්නේ,
කන කෑමකදී විශේෂයෙන් මස්, මාළු, බිත්තර, බැදුම් හෙවත් පුලුටු ආහාර.
බොන බීමකදී
ඇඳුම් මාරු කරන ස්ථානයකදී
එක් මංසලකදී
දෙමංසලකදී
තුන්මංසලකදී
සොහොන් පොළකදී
අමනුෂ්‍ය දෝෂ පිළිබඳ සාකච්ඡා කරන විට අපගේ ශරීරයට එවැනි දෝෂයක් ඇති වී තිබේ නම් එය නිවැරැදිව හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මෙවැනි රෝග ලක්‍ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
හිසේ කැක්කුම්
වමනය
ඔක්කාරය
අජීර්ණ
වැනි රෝග ලක්‍ෂණ මූලික වශයෙන් හඳුනාගත හැකි වුවත් මෙහිදී අවධානය යොමු කළ යුතු විශේෂ කාරණය වන්නේ මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ පමණින් අමනුෂ්‍ය දෝෂයක් යැයි සිතිය නොහැකිය. වෛද්‍ය උපදෙස්වලට යොමු වී ඉන් ප්‍රතිකාර ලැබුවද සුවයක් නොමැතිව අවස්ථාවල ඇදුරකු හා ශාස්ත්‍රඥයකු වෙත යන ආතුරයාට අමනුෂ්‍ය දෝෂයක් තිබේද යන්න නිශ්චිතව හඳුනාගත හැකිය.
මෙහිදී මූලික වශයෙන් අමනුෂ්‍ය දෝෂවලින් හටගන්නා රෝග ලක්‍ෂණ වෙන වෙනම හඳුනාගත හැකිය.
ප්‍රේත දෝෂය
විටින් විට බඩ එළියේ යෑම.
බඩේ කැක්කුම.
බඩේ කොරය.
හුස්ම ගැනීමේ අපහසුතා.
භූත දෝෂය
ශරීරය කැසීම වැනි ආසාත්මිකතා.
වමනය.
නින්ද නොයෑම.
කම්පනය.
විකාර දෙඩවීම.
උණ තත්ත්වයන්.
පිසාච දෝෂය
කෙට්ටු වීම.
විටින් විට ආහාර ගැනීම.
ආහාර පිළිවෙළකට නොගැනීම.
ඔක්කාරය.
විටින් විට බඩ එළියේ යෑම.
කුම්භාණ්ඩ දෝෂය
හොරි, දද, කුෂ්ඨ වැනි රෝගී ලක්‍ෂණ.
පාචන තත්ත්වයන්.
පිරිසුදුකම ප්‍රතික්‍ෂේප කිරීමද මේ අමනුෂ්‍ය දෝෂයේ ලක්‍ෂණයකි.
මළ යක්‍ෂ දෝෂය
අවලස්සනය.
මුහුණ අඳුරු පැහැ ගැන්වී ඇත.
නිතරම තනියම කතා කරයි.
කෙට්ටු වීම.
අධික හිසරදය.
විටින් විට උණ ගැනීම හා වෙව්ලීම.
මළ ප්‍රේත දෝෂය
අපිරිසුදුකම.
අපිරිසුදු දෑ ආහාරයට ගැනීම (පිළුණු ආහාර වැනි)
දින ගණන් නිදි වැරීම.
කායික අසනීප (දෙපා, අත්, බෙල්ල වැනි ස්ථානවල කැක්කුම්.
මළ ගෙවල ප්‍රේත දෝෂය
කුෂ්ඨ රෝග
උමතු රෝග.
පාචන රෝග.
අධික හිසරදය.
විකාර දෙඩවීම.
අම්ල පිත්තයට
මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබට නිවෙසේදීම කරගත හැකි ප්‍රතිකාර කිහිපයකි. විශේෂයෙන් හිසේ කැක්කුම්, වමනය, ඔක්කාරය, අජීර්ණ වැනි දෝෂයන් පවතින විට දෙහි මැතිරීමෙන් මෙවැනි තත්ත්වයන් වළක්වා ගත හැකිය. මෙහිදී ආතුරයා අම්ල පිත්ත රෝගයෙන් පෙළේ නම් දෙහි මතුරා තේ හැන්දක් පමණක් පානය කිරීමට සලස්වන්න. මේ ආතුරයාට උගුර දැවිල්ල හෝ පපුව දැවිල්ල නොමැති නම් ඇඹුල් පහ දීමෙන් වළකින්න. අම්ල පිත්ත රෝගය නොමැති අයට ඇඹුල් පහ මතුරා දීමෙන් මේ රෝගී තත්ත්වයෙන් මිදීමට හැකියාව තිබේ. ඇඹුල් පහට ඇඹුල් ෙදාඩම්, යටිනාරං, යකිනාරං, අන්නාසි, නාරං ඇතුළත් වේ.
මෙයාකාර අමනුෂ්‍ය දෝෂ පහත සඳහන් මන්ත්‍රයෙන් මැතිරීමෙන් සුවයක් අත්කර ගත හැකිය. මේ සඳහා දෙහි, ඇඹුල් පහ, තැම්බුම් හොඳි, විනරාජ කසාය, පස්පංගුව ආදිය ප්‍රයෝජනයට ගත හැකිය.
කිරි බොන්නෙ නැති දරුවන්ට
මේ මන්ත්‍රය කීමේදී මාපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල ආධාරයෙන් ආතුරයාගේ උදරයේ පිටතින් ආමාශය තිබෙන ස්ථානය අල්ලා මැතිරීම කළ යුතුයි. කිරි නොබොන දරුවන්ට තිබෙන කිරි අමියාව වළක්වා ගැනීමට මවු කිරි හෝ පිටි කිරි මේ මන්ත්‍රයෙන් මැතිරීම කළ හැකිය.
ඕං වඩුවෙල් කිලම්බු ධාරණි
ධාරණි යක්‍ෂ යක්‍ෂ වින ඉගිළ වර වර
ඒස්වහ--
ඕං සෙන්පත් කොල්ලුම් අඩි නඩි
කොල්ලුම්
බත් අජීර්ණ බුලත් අජීර්ණ මාංස
අජීර්ණ කිරි අජීර්ණ
එහි ඒං ඒස්වහ--
අධික හිසරදයට
අධික හිසදරය තිබෙන අයට සුදුසු මන්ත්‍රයක්ද තිබේ. හිසට දමන ඕනෑම තෙල් වර්ගයක් මෙහිදී ප්‍රයෝජනයට ගත හැකිය. පොල් තෙල් ස්වල්පයකට පිරිසුදු අමු කහ කැබැල්ලක් එකතු කිරීමෙන්ද මෙය සකස් කරගත හැකිය.
ඕං අපේ මංගල බිසවුන් වහන්සේ
එරං පල්ලක්හි දහය රස්නයක් උෂ්ණයක්
කරවිය කියා සිටින වේලාවේදී
මංගල බිසවුන් වහන්සේ මතුරුවෝය
ආලෝක බිසවුන් වහන්සේ මතුරුවෝය
දඟ සවන් වහන්සේලා පිසදා මතුරුවෝය
මේ මන්ත්‍රය අපගේ ගුරුවරු පන්සීයක්
අතගසා මැතුරූ
අනුභාවයෙන් අදත් මොහුගේ
හටගත් උණ හිසරද අව්ලුම්
වේව්ලුම් අළුබාසියා කරමි
මේ මන්ත්‍රයෙන් මතුරා ගත් තෙල් හිසට දැමීමෙන් හිසේ කැක්කුම්, පීනස රෝග, ඉරුවාරදය වැනි රෝගී තත්ත්වයන් මෙන්ම වාත, පිත, සෙම යන තුන්‍ෙදාස් සමනය වේ. එමෙන්ම මානසික ආතතිය වළක්වා ගැනීමට මෙය දිව්‍යමය ප්‍රතිකාරයකි.
යම් පුද්ගලයකුට තිබෙන අමනුෂ්‍ය දෝෂයන්හි ස්වභාවය අවබෝධ කර ගැනීම අතිශය වැදගත් කරුණකි. ප්‍රධාන වශයෙන් ඇල්මක්, බැල්මක්, දිෂ්ටියක් යනාදී වශයෙන් මෙය වර්ග වේ. ඇල්මක් හෝ බැල්මක් නම් නිවෙසේදීම ප්‍රතිකාර කරගත හැකි වුවත් දිෂ්ටියක් නම් දෙහි මැතිරීම වැනි දෑවලින් සුවපත් භාවයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ සඳහා මන්ත්‍ර ශාස්ත්‍රඥයකුගේ සහාය පැතීම අත්‍යවශ්‍ය වෙයි.
වර්තමානයේ අමනුෂ්‍ය දෝෂවලට ප්‍රතිකාර කිරීමේදී මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වන ආකාරය හඳුනාගත හැකි වුවත් මෙවැනි දෝෂ නිට්ටාවටම සුවපත් කිරීමට මනෝ විද්‍යාඥයන්ට හැකියාවක් නොමැත. ඒ සඳහා මන්ත්‍ර ශාස්ත්‍රඥයකුගේ සහයෝගය අවශ්‍ය වේ.

කියක් ගන්නවද කියලා... මොකෝ මනෝ වෛද්‍යවරයෙකුටත් බැරි වැඩක් කියලා නේ උඹ කියන්නේ 

