අමරදේවයන්ගේ අන්තිම කැමැත්තට පයින් ගැසීම
ආරංචි ඇතිනෙ අමරදේව මාස්ටර් තමන්ගේ මිනිය වෛද්‍ය විද්‍යාලෙට දෙන්න, අවමඟුල චාම්ව ගන්න කියලා අන්තිම කැමැතිපත්රයෙක් කියලා තිබ්බා කියලා. මුලින් ඒ විදියට කරන්න ඉඳලා දැන් නිදහස් චතුරස්රයේ අවමගුල් උත්වසයක් තියලා ආදාහනය කරන්න යනවලු.
අමරදේව කියන්නෙ රටක් වටින ගාන්ධර්වයෙක් ඒකෙ ආයෙ දෙකක් නෑ. උපරිම ගෞරවේ හිමිවිය යුතු අයෙක්. ඒත් එතුමාගෙ අවසන් කැමැත්ත වත් ඉටු නොකර මේ විදියට එක එක දේශපාලුවන්ට එක දාගන්න කරන එක කොච්ච්ර සාධාරණද? ඒක එතුමාගේ දේහයට පවා කරන අගෞරවයක් එක අතකට. මට ඇහුණා පවුලේ අයගෙ කැමැත්ත අරංය මේවා කරන්නෙ කියලා. ඒත් බං පවුලේ අයට උනත් අවසන් කැමැත්තට එහා ගිය දෙයක් කරන්න ඉඩ දෙනවා නම්. අනේ මන්දා? දේශපාලන ලොක්කොන්ගෙ බලපෑම් වලට බෑකියන්න බැරිවෙන්නත් ඇති බාග වෙලාවට. මොකද ඒ මිනිස්සු මීට පස්සෙ ජීවත්වෙන්න ඕනනෙ මේරටේ.
මට අර මාදුළුවාවේ හාමුදුරුවන්ගෙ අවමඟුල කරපු හැටිත් මතක් වුනා. උන්වහන්සෙගෙත් අවසන් කැමැත්ත උනේ වෙන දෙයක්. වැඩ කෙරුණේ රට්ටුන්ට ඕන විදියට. අනේ මන්දා මොනවා උනත් මේකෙන් බුදුදහමේ එන එක අනිත්‍යතාවයක් හොඳටම පේනවා. තමන්ට තම ශරීරය අයිති නෑ. අවුමතරමේ තමන් මියගිය පසු තමන්ට ඕන විදියට තමන් අතහැර යන ශරීරයට අවසන්කටයුතු පවා කරවා ගන්න බෑ. ඉතින් ලෝක අනිත්‍ය ගැන කවරනම් කථාද?
මා මළ පසු සොහොන් කොතේ...
දුක් ගීයක් ලියනු මැනවි...දුක් ගීයක් ලියනු මැනවි...
නන්නාදුනනා ඔබගේ...අත් අකුරින් ලියනු මැනවි....
දුක් ගීයක් ලියනු මැනවි...දුක් ගීයක් ලියනු මැනවි..
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි...
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..
මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය හින් හඩින් මට කියාවි.
මුළු ලොවක් පෙම් කළ මහා ගාන්ධර්වයානෙනි....
ඉතින් අවසරයි තාවකාලිකව නික්ම යන්නට...

සසර වසනතුරු නිවන් දකිනතුරු,
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා...

Last edited: