මේ කාලවල, සහිතය උසස් කළා නිර්මාණ පොත් ලියවුනේ නැ.
හොද කාලවල තමයි පොත් නිර්මාණ වැඩි වැඩියෙන් නිර්මාණය වුනේ
උසස් මෘදුකාංග හැදුනා ලංකාවේ, සංගීතයට තාක්ශනේ එකතු උනා වැඩි වැඩියෙන්, ගහ වටේ දුවලා මල් පදුර යටින් රින්ගලා පඩිපෙල දිගේ දුවගෙන එනවට වැඩිය උසස් දෘශ්‍ය නිර්මාන බිහිඋනා..
බටේකට කට තියලා සින්දුවක් කියනවට වඩා අති උසස් තත්වටේ ශ්‍රව්‍ය නිර්මාන බිහිඋනා උපරිම තලේකට දියුනු උනා..
ගෙවල් ඇතුලේ කොල අතු එල්ලලා ෆිල්ම් හදනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කැමරාව අරන් එලියට ආවා අන්තිමට වස්තිලා වගේ අලුත් කොල්ලෝ කැමරාව ක්වාඩ්කොප්ටරේ එල්ලුවා.. වස්තියත් වැඩ්ඩා ලෙස්ටරුත් වැඩ්ඩාකම්පියුටර් වොයිස් භවිතය අව්ලක් නෙමේ, ගල් රෝල තියන් අලියන්ගෙන් පාර තලන්න ඕනේ නෑ, කඩදාසි තියන් පුස්කොල කුරුටුගාන්න ඕනෙත් නෑ
තබ්ලාවට තල තලා කඩදාසි පිටු පිරවීමම පමනක් නෙමේ ඒ ඒ ශේත්රයේ දියුනුව කියන්නේ. ඉදිරියට යෑම කියන්නේ, නිර්මාන බිහිවීම කියන්නේ
තට්ටේ පෑදුනා හම රැලි වැටුනා කියල ප්‍රවීන වෙන්නේ නෑ කොන්ඩේ ජෙල් කරලා ටැටූ එකක් ගැහුවා කියලා ඌ ගන්ජා මතේ ආතල් දෙනවා වෙන්නෙත් නෑ. කවදාවත් ඒ යුගේ මෙකට වඩා හොදයි කියන්න යන්න එපා.
මටනම් චාමර වීරසිංහ නව යුගයේ අමරදේව කෙනෙක්.... අමරදේව පරන යුගයේ චාමර වීරසිංහ කෙනෙක්




