“එක මෝටර් සයිකලයක් ආවාම ඇති නේද…” කියා තමා ඇසූ විට “මැඩම්, මේක ස්විට්සර්ලන්තයවත්, ස්වීඩනයවත්, නොර්වේවත් නෙවෙයි…” කියා ආරක්ෂක ප්‍රධානීන් තමාට පැවසූ නිසා තමාට කරන්නට දෙයක් නැතැයිද, ආරක්ෂක වාහන පිරිවරාගෙන එන්නට වී ඇතැයිද මාලිමාවේ උගත් බුද්ධිමත් අගමැති හිනා වෙමින් පවසන වීඩියෝවක් දුටිමි. පව් නේද අනේ එයා… හරි ඌර්තල්… ඒ සුරංගනා කතා කට ඇරගෙන අසා සිටින අර මෝඩ වහලුන් ඒවාට අත්පොළොසන් දෙන ආකාරය විනෝදජනකය.
- මේ වීඩියෝවේ තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ජනාධිපතිගේ මෝටර්කේඩ් එක: https://www.youtube.com/watch?v=hAfrFFclXnU
- මේ වීඩියෝවේ තිබෙන්නේ ස්වීඩනයේ අගමැතිගේ මෝටර්කේඩ් එක: https://www.youtube.com/watch?v=mGeGvTzh8_M
- මේ වීඩියෝවේ තිබෙන්නේ නොර්වේ ජනාධිපතිගේ මෝටර්කේඩ් එක: https://www.youtube.com/watch?v=jSqQkeDJQow
වලව්වේ ළමාතැනීලාට පස්ස තියන් යන්න ලොකු රථගායක් තිබෙන බව අපි දනිමු. අපිට නම් ඔය රථ වාහන ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. වාහන ගැන වද වෙන්නේ හත්මුතු පරම්පරාවටම ගොන් කරත්තයක් හෝ නොතිබූ නිර්ප්‍රභූ ගොඩේ ජේවීපීකාරයන්ට සහ සුඛෝපභෝගී වාහන නැතුව ඉන්න බැරි වංශවත් වලව්කාර ප්‍රභූන්ට පමණී. අප කියන්නේ තමන්ගේ ගාය සාධාරණීකරණය සඳහා අතේ කෝට් වෙන පච ගහන්න එපා කියා පමණී. ස්ව්ටිසර්ලන්තය හෝ ස්වීඩනය, හෝ නොර්වේ හෝ වෙනත් ඕනෑම යුරෝපීය රටක හෝ ආරක්ෂක තත්ත්වය ගැන අබමල් රේණුවක අවබෝධයක් තිබෙනවා නම් ඔය වගේ බොරු කියන්නේ නැත.
ඒවායේ වසර ගණනාවක සිට අධි ආරක්ෂක තත්ත්වයන් (Hightened Security Level) ප්‍රකාශයට පත් කර තිබේ. ඉස්ලාම්වාදී සහ අන්ත දක්ෂිණාංශික ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල විය හැකි බවට ඔවුන්ම නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. නොදන්නා ඉලව් ගැන ප්‍රකාශ කිරීමට පෙර අඩුම තරමින් එහි නිරවද්‍යතාවය Google කර හෝ බැලිය යුතුය.
මෙහි තිබෙන හාස්‍යජනකම දෙය නම් ලංකාවේ අගමැති මෙලෙස ජනතාව රැවටීම නොවේ. මාලිමාවේ දේශපාලකයන් කොහොමත් “අවබෝධයෙන්” බොරු කියන බව උගන්ඩා උරාණී පිළිගත්තාය. නමුත් අප මෙහි දකින විශේෂත්වය වන්නේ තමන්ගේ රථගාය වෙනුවෙන් තමන්ගේ ආරක්ෂක ප්‍රධානීන් කිසිම හිරිකිතයක් නැතිව ප්‍රසිද්ධියේ පාවා දුන් හැටිය. “මට කරන්න දෙයක් නැහැ… ඒගොල්ලෝ තමයි කිව්වේ…” කියා ඇඟ බේරා ගැනීම වලව් පැලැන්තියේ ජන්ම ගතියයි. විජිත සහෝදරයා නම් කිසිදාක එහෙම තමන්ගේ සගයන් පාවා දෙන්නේ නැත. ඔහොම පාවා දුන් පසු ඔවුන්ගෙන් ලැබෙන ආරක්ෂාව ගැන නම් අප දන්නේ නැත.
මේ සියල්ලෙන්ම වෙන්නේ අර රාජ්‍ය සේවකයන්ට දෙනවා කිව්ව වැඩි පඩි කෑල්ලවත් ගෙවා ගන්න බැරුව දහ අතේ ණය වෙවී රහසේ කඳුළු සලන රටක් වටින සිංහල බෞද්ධ ජනනායක ජනාධිපති සහෝදරයාගේ මුහුණේ දැලි ගෑවීම පමණී. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2024 ඔක්තෝබර් 26
