අම්තාබ්ගේ රහස් 70ක්!

අම්තාබ්ගේ රහස් 70ක්!

බොලිවුඩයේ මහා නළු අමිතාබ් බච්චන් පසුගියදා සිය 70 වැනි උපන්දිනය සැමරුවේ තම දූ දරුවන් මුනුපුරු මිනිබිරියන් සහ අමුත්තන් 900 ක් පිරිවරාගෙන මහත්

උත්සවාකාරයෙනි. ඒ සමඟම ඔහු පිළිබඳ බොහෝ දෙනා නොදත් කාරණා 70 ක් ද අන්තර්ජාලයට එක් කොට තිබිණි. මේ එම කාරණා 70 යි.

av-18.jpg


1. ඔහු භාරතයේ ප්‍රකට කවියකු වූ ශ්‍රී හරිනිවාෂ් රායි බච්චන්ගේත් තේපි බච්චන්ගේත් පුත්‍රයා ය. පවුලේ වාසගම ශ්‍රීවාස්තම් වුවත් ඔහුගේ පියා එය වෙනස් කොට බච්චන් යන්න වාසගම ලෙස යොදා ගත්තේ ය.

2. පියා ඔහුට මුලින් ම ඉන්කියුලාබ් (විප්ලවය) යන නම තබන්නට අදහස් කරගෙන සිටියත් පසුව එම අදහස වෙනස් කොට අමිතාබ් (කෙළවරක් නැති දක්ෂතා) යන නම තැබුවේ ය.

3. අමිතාබ් ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබාගත් තැනැත්තෙකි. වරෙක ඔහු ඉංජිනේරුවකු වීමට කැමැති වූයේ ඉන්දීය ගුවන් හමුදාවට බැඳෙන අපේක්ෂාවෙනි.

4. නළුවකු වීමට පෙර ඔහු ෂෝ ඇන්ඩ් වොලස් නෞකා සමාගමේ විධායක නිලධාරියකු ලෙස ද බර්ඩ් සහ සමාගමේ බ්‍රෝකර්වරයකු ලෙස ද රැකියාවන්හි නියැළී තිබේ.

5. පළමු රැකියාවෙන් ඔහු ලැබූ පළමු වැටුප ඉන්දීය රුපියල් 500 කි. ඔහුගේ උස අඩි 6 අඟල් 2 කි. හින්දි සිනමාවේ උසම නළුවා ඔහු ය.

6. සිනමා නළුවකු වීමට පෙර ඔහු සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ හඬ පරීක්ෂණයකට සහභාගි වූයේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වීමේ අරමුණෙනි. කටහඬ රළු වැඩි නිසා ඔහු තෝරා නොගැනිණි.

7. ඔහු සිනමාවට සම්බන්ධ වූයේ 1969 දී මිර්නාල් සෙන්ගේ ‘භුවාන් ෂෝමේ’ චිත්‍රපටයට පසුබිම් හඬ සපයමිනි.

8. ඔහු රඟපෑ පළමු චිත්‍රපටය ‘සාත් හින්දුස්තානි’ ය.
img2300.jpg

9. පළමු චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහුට ගෙවනු ලැබ ඇත්තේ ඉන්දීය රුපියල් දහසක් පමණි.

10. හොඳම නැඟී එන නවක නළුවා ලෙස ඔහු පළමුවරට ෆිල්ම් ෆෙයාර් සම්මානයක් ලබා ගත්තේ ‘සාත් හින්දුස්තානි’ රඟපෑම් වෙනුවෙනි.

11. මස් මාංශයෙන් තොර අමිතාබ්ගේ ප්‍රියතම පානය තේ ය.

12. පසුගිය වසර 43 ඇතුළත ඔහු චිත්‍රපට 180 කට වැඩි ප්‍රමාණයක රඟපා තිබේ.

13. ‘බොලිවුඩ්’ යන වචනයට බෙහෙවින් අකැමැති අම්තාබ් ඒ වෙනුවට යොදන්නේ ‘හින්දි චිත්‍රපට කර්මාන්තය’ යන්නයි.

14. පසුගිය වසර 30 පුරා ඉන්දියාවේ සිටින සෑම ඉරිදා සන්ධ්‍යාවකම ඔහු තම ජල්සා බංගලාවෙන් පිටතට පැමිණ රසිකයන් මුණ ගැසෙයි.

15. අමිතාබ් සතු බංගලා තුනකි. ප්‍රතීක්ෂා, ජල්සා සහ ජනක් එම බංගලා තුනයි. ජනක් ඔහු පාවිච්චි කරන්නේ තම කාර්යාලය ලෙසිනි.

16. අමිතාබ් දෑතම හුරු පුද්ගලයෙකි. ඔහුට දකුණතින් මෙන් ම වමතින් ද ලිවීමට පුළුවන.
38728-amitabh-bachchan1.jpg

17. ඔහු දිල්ලියේ කිරෝරි මල් විද්‍යාලයේදී විද්‍යා විෂයයන් සේම කලා විෂයයන් ද හදාරා තිබේ.

18. හින්දි සිනමාවේ වඩාත් රූමත්ම නිළිය ලෙස අමිතාබ් නම් කරන්නේ වගීඩා රෙහ්මාන්වය.

19. අමිතාබ් රඟපෑ එකම කළු සුදු චිත්‍රපටය ‘සාත් හින්දුස්තානි’ ය.

20. මේ දක්වා ඔහු චිත්‍රපට 30 ක තමා වෙනුවෙන් ම පසුබිම් ගී ගයා තිබේ.
0.jpg

21. හින්දු සිනමාවේ ද්විත්ව චරිත වැඩියෙන් ම රඟපා ඇත්තේ ඔහු ය. එය ලෝක වාර්තාවක් ද වීමට ඉඩ ඇත. ‘මහාන් චිත්‍රපටයේ ඔහු ත්‍රිත්ව චරිත රඟපෑවේ ය.

22. ලන්ඩනයේ මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරුණු ආසියානුවකුගේ පළමු ඉටි පිළිමය ලෙස ඔහුගේ ඉටි පිළිමය වාර්තා පොත්වලට එක්ව තිබේ.


av-17.jpg


23. බීබීසී ගුවන් විදුලිය මඟින් සිදු කළ මත විමසුමකදී සහස්‍රයේ නළුවන් ලෙස චාලි චැප්ලින්, ශ්‍රීමත් ලෝරන්ස් ඔලිවියර් හා මාලන් බ්‍රැන්ඩෝ යන නම් අතරට අමිතාබ්ගේ නම ද එක්විය.

24. ‘සංජීර්’ (1973) චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූවක් වූ අතර එතෙක් අමිතාබ් රඟපෑ පළමු චිත්‍රපට 12 ම අසාර්ථක ඒවා වූයේ ය. කාට අසුබ වූවත් 13 අමිතාබ්ට වාසනාව ගෙන ආවේ ය.

25. සංජීර් චිත්‍රපටයේ රඟපෑමට පෙර ඔහු ජයා බහදූරි සමඟ රඟපා තිබුණේ වැඩි ජනප්‍රියත්වයක් නොලැබූ චිත්‍රපට දෙකක පමණි. සංජීර් තිරගත වීම අරඹා මසකට පසු 1973 ජූනි 2 දා ඔවුහු විවාහ වූහ.
amitabh-and-jaya-wedding-celeb-weddings-5982532-373-341.jpg

26. සැබෑ ලොවේ දීත් අඹු සැමියන් වූ අම්තාබ් - ජයා යුවළ ‘එක් නසාර්’ චිත්‍රපටයේ සිට ‘කබි කුෂි කබිගම් (2001) දක්වා වසර 30 ක් තිස්සේ එකට රිදී තීරයේ රඟපා තිබේ.
Amitabh-Jaya.jpg


27. දෙවියන් ලෙස ද (ගෝඩ් තුසි ග්‍රේට් හෝ) අවතාරයක් ලෙස ද (බූත්නාත්) භූතයකු ලෙස ද (ඇලඩින්) ඔහු රඟපා ඇති අතර ලොව වෙනත් කිසිම නළුවකු සිය ජීවිත කාලය ඇතුළත එම චරිත තුන රඟපෑ නැත.

28. අමිතාබ් ඇඳුම රෝගයෙන් පෙලෙන්නෙකි.

29. අමිතාබ් සතු මෝටර් රථ ගණන 11 කි. ලෙක්සස් වර්ගයේ රථයක් බීඑම්ඩබ්ලිව් රථ තුනක් හා මර්සිඩීස් බෙන්ස් රථ තුනක් ඊට ඇතුළත් ය.

30. ලෙක්සස් වර්ගයේ රථය ඔහුගේ ප්‍රියතම රථය වන අතර එය වෙඩි නොවදින්නකි.
ABLexus.jpg

31. ෆෝමියුලා මෝටර් රථ ධාවන තරගවලට යොදාගන්නා ටයර් එම රථයට යොදා ඇති අතර එක් ටයරයක මිල ඉන්දීය රුපියල් ලක්ෂ 2.5 කි.

32. අත් ඔරලෝසු එකතු කිරීම අමිතාබ්ගේ විනෝදාංශයකි. එක් ඔර්ලෝසුවක් ඔහු එක් වතාවකට වඩා පාවිච්චි නොකරන බවක් ද කට කතා වලින් පැවසෙයි. ඔහු වඩාත් කැමති ‘ලෝන්ගිනස්’ වර්ගයේ අත් ඔර්ලෝසුවලට ය. ඒ එක් ඔර්ලෝසුවක මිල ඉන්දීය රුපියල් ලක්ෂ 2 ඉක්මවයි.

33. පෑන් එකතු කිරීම අමිතාබ්ගේ තවත් විනෝදාංශයකි. මිල අධික පෑන් දහස් ගණන් ඔහුගේ එකතුවේ ඇතැයි පැවසෙයි.
Parker-Amitabh-bachan.-300x180.jpg

34. 1995 ලෝක රූ රැජන තරගයේ එක් විනිශ්චයකාරවරයකු වූයේ අමිතාබ් ය.

35. ස්විස්ටර්ලන්තය ඔහු කැමැතිම විදෙස් රටයි.

36. ලන්ඩනය ඔහුගේ ප්‍රියතම නගරයයි.

37. 2012 ජූලි 27 දා ඔහු ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිවිමේ ගෞරවය ලැබුවේ ය.
Amitabh%20Bachchan%20to%20carry%20Olympic%20torch%20(4).jpg

38. වෙළෙඳ දැන්වීමක් රූගත කිරීම සඳහා දින 10 කට ඔහු වරෙක අය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 10 කි.

39. ඔහුගේ දරුවන් වූ ශ්වේතා සහ අභිෂේක් කුඩා කල ඔහු සිය පාසල් වෙත පැමිණෙනවාට කැමැති වී නැත. ඒ එසේ පැමිණි විට පාසල්වල විශාල ඝෝෂා හා කලබල ඇති වන බැවිනි.

40. ඔහුගේ දියණිය ශ්වේතාගේ සැමියා නිකිල් නන්දි ගේ මව හින්දි සිනමාවේ බල කණුවක් වූ රාජ් කපූර්ගේ දියණියකි.

41. ප්‍රතීක්ෂා සහ ජල්සා යනු ඔහුගේ බංගලා තුනෙන් දෙකකි. ඒ දෙකේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 160 ඉක්මවයි.
Amitabh’s+Luxury+Home+Furniture+for+Ash+and+Abhi+1.gif

42. එම බංගලා දෙකේ බිමට අතුරා ඇති පි¼ඟන් ගඩොල් ඉතාලියෙන් ගෙන්වනු ලැබූ ඒවා වන අතර නාන කාමරවල උපකරණ සියල්ල ප්‍රංශයෙන් හා ජර්මනියෙන් ගෙන්වන ලද ඒවා ය.

43. අමිතාබ් සිය ඇඳුම් කට්ටල පිළිබඳ බෙහෙවින් උනන්දු වෙයි. පසුගිය වසර 30 පුරා ඔහුගේ ඇඳුම් කට්ටල සකසන්නේ ‘ගබානා’ නමැති මැහුම් විශේෂඥයන් ය.

44. ඔහුගේ ඇඳුම් කට්ටල සඳහා රෙදි ඉතාලියෙන් ද මසන්නට නූල් ප්‍රංශයෙන් ද අල්ලන්නට බොත්තම් ජර්මනියෙන් ද ආනයනය කරනු ලැබේ.

45. හොලිවුඩ් නළු බෲස් විල්ස් වරෙක ප්‍රකාශ කළේ අමිතාබ් බච්චන් ඕනෑම හොලිවුඩ් නළුවකුට වඩා ජනප්‍රිය සහ දැවැන්ත අයෙකි කියා ය.

46. 2001 ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා චිත්‍රපට උලෙළේ දී ‘සියවසේ නළුවා’ යන නාමයෙන් අබිතාබ්ට ගෞරව කෙරිණි.

47. 2003 දී ප්‍රංශය ඔහුට ගෞරව කළේ එරට චෝෂ්විලෙ නගරයේ පුරවැසිකම ලබා දෙමිනි.

48. 2009 දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත තාක්ෂණ සරසවිය ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමුව ද ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.

ඒ ඕස්ට්‍රේලියාවේ දී ඉන්දීය ශිෂ්‍යයන්ට ජාතිවාදය මුල් කරගෙන හිරිහැර සිදුවනවාට විරෝධය පෑමක් ලෙසිනි.

49. සිනමාවට කළ සේවය වෙනුවෙන් 1984 දී ඔහුට පද්ම ශ්‍රී සම්මානය ද 2001 දී පද්ම භූෂණ සම්මානය ද පිරිනැමිණි.

50. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඉතිහාසයේ ඔහු විවිධ සම්මාන සඳහා 37 වතාවක් නාම යෝජනා ලබා තිබේ.
Amitabh-Bachchan-Nutan.jpg


51. විවිධ අංශයන්ගෙන් ඔහු දිනා ඇති ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණන 14 කි.

52. බොම්බේ ටූ ගෝව (1972) සිට අක්රී රාස්ටා (1986) ගතවූ වසර 15 දී සෑම වසරකම ඔහුගේ එක් චිත්‍රපටයක් හෝ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවා ඇත.

53. ඔහු රඟපෑ පළමු හොලිවුඩ් චිත්‍රපටය බාස් ලුහර්මාන් ගේ ‘ග්‍රේට් ගැට්ස්බි’ ය.

54. රඟපෑ හින්දි චිත්‍රපට වැඩි ගණනකදී ඔහුට ලැබී ඇති නම ‘විජේ’ ය.

55. අම්මා ඔහුට ආදරයෙන් අමතා ඇත්තේ ‘මුන්නා’ යනුවෙනි.

56. ‘ෂූට් අවුට් ඇට් ලෝකන්ද්වාලා’ චිත්‍රපටයේ දර්ශන 23 කට පැය පහක් ඇතුළත දෙබස් කවා ඔහු කාර්මික ශිල්පීන් මවිතයට පත් කර තිබේ.

57. ‘ගුඩ්ඩි’ (1971) චිත්‍රපටයේ පටන් මේ දක්වා මෙම මහා නළුවා චිත්‍රපට 12 ක සුළු චරිත රඟපා තිබේ.

58. සත්ත්ව අයිතිවාසිකම් සුරැකීම උදෙසා ක්‍රියාකාරීව පෙනී සිටින්නෙකි.

59. ඔහු රඟපෑ චිත්‍රපට දෙකක් පමණක් මේ දක්වා තිරගත වී නැති අතර අනාගතයේ කිසිම දිනෙක ද ඒවා දැකගන්නට නොලැබෙතැයි පැවසේ. ඒවා අම්ජඩ් ඛාන් ගේ ‘ලම්බුජි තින්ගුජි’ සහ කාදර් ඛාන් ගේ ‘ජාහිල්’ යන චිත්‍රපට දෙක ය.

60. මේ දක්වා අමිතාබ් චිත්‍රපට 27 ක ගරු රඟපෑම් කර තිබේ.

1. අමිතාබ් රඟපෑ චිත්‍රපට කිහිපයකම පසුබිම් සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඒ.ආර්. රහ්මන් වුව ද ඔහු මෙතෙක් අමිතාබ්ගේ ගීතමය ජවනිකාවක ගීතයකට තනු නිර්මාණය කර නැත.

62. ඔහු මාධ්‍ය විසින් තම මිනිබිරිය ආරාධ්‍යා ‘බේටි බී’ යනුවෙන් හඳුන්වනවාට අකැමැති ය. ඔහු ඇය හඳුන්වන්නේ ‘බිටියා’ ලෙසිනි.

63. අමිතාබ් ගේ ‘ජල්සා’ බංගලාවේ ඔහුට චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් සිප්පිගෙන් ලැබුණ ත්‍යාගයකි.

64. ‘කූලී’ (1983) චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර අමිතාබ් මාරාන්තික තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අවදියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ජනතාවට දන්වන්නට විශේෂ කලාප මුද්‍රණය කිරීමට පුවත්පත්වලට සිදුවිය.
220px-Coolie83.jpg

65. එම තුවාල ලැබීම නිසා එතැන් පටන් අද දක්වාම අමිතාබ් සිරුරේ මාංශ පේශිවල ආබාධයකට ප්‍රතිකාර ලබයි.

66. ජයා බච්චන් සිය සැමියා අම්තාබ්ව හඳුන්වන්නේ ‘නිතර හුදෙකලාව සිටින්නට කැමැති අයෙකි’ කියා ය.

67. සිනමාවට පිවිසි මුල් අවධියේ ආර්ථික අපහසුතා නිසා අමිතාබ් මුම්බායි හි වීදියක බංකුවක් මත රාත්‍රි කිහිපයක් ගත කර තිබේ. එම වීදියෙන් ගමන් කරන විට තමන් හා යන අයට ඔහු අදත් මහත් ආඩම්බරයෙන් එම බංකුව පෙන්වයි.

68. ‘ලගාන්’ චිත්‍රපටයට පසුබිම් හඬ සැපයුවද අමිතාබ් මෙතෙක් අමීර් ඛාන්ගේ නිෂ්පාදනයක රඟපා නැත.

69. සුනිල් දත්, සංජේ දත්, අජේ දේව්ගන්, අනිල් කපූර්, ජැකී ෂෙරෝෆ් හා ෂාරුක් ඛාන් යන නළුවන් නිපැයූ චිත්‍රපටවල ඔහු රඟපා තිබේ.
Amitabh-Bachchan-Shahrukh-K.jpg

70. ළඟදීම දිනෙක ඔහුට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයාගෙන් ජංගම දියවැඩියා පරීක්ෂණ ඒකකයක් ත්‍යාග ලැබීමට නියමිත ය. ‘අම්තාබ්’ යන නම යොදා එම සායනය ජනතා සන්තක කිරීමට අමිතාබ් තීරණය කර තිබේ.
8076524995_f6f192abdc_z.jpg

source:-dhinamina
මචන්ස්ලා අමිතාබ්ගේ ජීවිතයෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. අනිත් එවුන්ටත් දැනගන්න bump, comment එකක් දාලම යන්න!
 
Last edited: