අම්නේ අම්නේ දෙකේ පරණට ඌවා වෙලා

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව අද (08) කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.

    ඒ, YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ
    හසලක තුෂාර සංජීව ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.

    පවර් හවුස් පුද්ගලික සමාගම ගොනුකළ එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, කොළඹදී පැවති මෝඩාභිමානය නම් වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරියව ඉකුත් මැයි 28 වනදා අත්අඩංගුවට ගැනුණු බවය.

    පසුව ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු ජුලි 06 වනදා ඇයට කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කෙරුණි.

    නතාෂා එදිරිසූරිය යන අයට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබුණි.

    ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ.

    ඒ අනුව අද දෙරණට අපහාස කිරීමට සහ අපහාස වන අයුරින් දිගින් දිගටම ප්‍රකාශයන් හෝ ප්‍රචාරයන්, වැඩසටහන්, කරුණු ඉදිරිපත් කිරීම කරගෙන යෑමට විත්තිකරුට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක මුදල සහ එම මුදල මත පැමිණිල්ලේ දින සිටි තීන්දු ප්‍රකාශයේ දින තෙක් නෛතික පොලියද එකී තීන්දු ප්‍රකාශිත සම්පූර්ණ මුදල මත එකී මුදල ගෙවා නිම කරන තෙක් නෛතික පොලිය ද සමග අය කරදෙන ලෙසත් ඉල්ලා ඇත.

    මෙම නඩුකරය ගොනුකරමින් අද දෙරණ තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්ය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලුදෙනා ද වළක්වාලනු ලබන ස්ථීර ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.

    මෙම නඩුව අසා තීන්දු කරන තෙක් පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලුදෙනා ද වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

    නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි මහත්මියගේ උපදෙස් මත නීතිඥ සාලිත පෙරේරා, නීතිඥ අකිල අලුත්වත්ත සමග නීතිඥ ශමිත් ප්‍රනාන්දු පැමිණිලිකාර අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.


    https://sinhala.adaderana.lk/news/190564
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දෙරණ විතරයි බුදු දහම රකින්න වැඩ කටයුතු කරන්නෙ කියල බයියන්ට දැනෙනකොට බූරු කිරි තනට උනනව ඇති
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    409000671_3725128961052210_7131962923337425731_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    මොන TV චැනල් එකක්වත් බලන්නේ නෑ මුන්ගේ පොයි අහන්නෙත් නෑ.

    මුංට කට්ටක් නං සෙට් වෙයි. අර පරීක්ෂණ මේ පරීක්ෂණ කියල වද දෙන්න ගත්තාම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    ගුගල් ලොක්ක ලංකාවේ එකෙක් නම් ඌව මරල ආණ්ඩුවෙන් මේවෙනකොට ☝️ :-D
    අර චමත් කාරයත් ලංකාව දිහා බලනේත්වත් නැත්තේ ඕක නිසා වෙන්න ඇති.
     
    • Sad
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    මොන TV චැනල් එකක්වත් බලන්නේ නෑ මුන්ගේ පොයි අහන්නෙත් නෑ.

    මුංට කට්ටක් නං සෙට් වෙයි. අර පරීක්ෂණ මේ පරීක්ෂණ කියල වද දෙන්න ගත්තාම

    delete ට හොදටම රිදිලා නිසා තමා මේ කෙලින්නේ...

    delete ට හරියට පීආර් කැම්පේන් එකක් වත් කරගන්න බෑ මුන් හැමදාම රෙදි ගලවන නිසා.. :baffled:
     
    Last edited: