අම්පාර එල්.බී ෆිනෑන්ස් ආයතනය තුල ගණුදෙනු&#3482

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
අම්පාර එල්.බී ෆිනෑන්ස් ආයතනය තුල ගණුදෙනු&#3482

අම්පාර එල්.බී ෆිනෑන්ස් ආයතනය තුල ගණුදෙනුකරුවෙක් ගිනිතබා ගනී.

මීට සුළු මොහොතකට පෙර අම්පාර නගරයේ පිහිටි එල්.බී ෆිනෑන්ස් ශාඛාව තුලදී සිරුරට පෙට්ට්‍රල් හළාගනිමින් පුද්ගලයෙක් ගිනි තබාගෙන තිබේ.එයින් ආයතනයට ද දැඩි හානි සිදුව ඇති අතර පිළිස්සුනු පුද්ගලයාගේ තත්වය බරපතල බව අම්පාර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
තමාට අයත් ත්‍රීරෝද රථයක ලීසිං වාරිකය ගෙවාගැනීමට නොහැකිවී එය සීසර්වරුන් විසින් රැගෙන යාම නිසා කළකිරීමට පත් පුද්ගලයා ආයතන කළමණාකරුවා හමුවී ඒ සම්බන්ධව කරුණු දැක්වූවත් කළමණාකාරවරයා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මොහු ගිනි තබාගෙන තිබේ.
එල්.බී ෆිනෑන්ස් ආයතනය මෙරට අංක එකේ ධනපතියා වන ධම්මික පෙරේරා නොහොත් කැසිනෝ ධම්මිකට 100%ක් අයිති සමාගමකි.අනෙක් ලීසිං කොම්පැණිවලට සාපේක්ශව ඉහළ පොලී වාරිකයක් මෙම ආයතනය අය කරනු ලබන අතර ලංකාවේ පාරිභෝගික අලෙවියෙන් පසු සේවය ගැන ලොකු පම්පෝරි ගසන ඩේවිඩ් පීරිස් සමාගම ඇති කරගෙන ඇති ගිවිසුමක් මගින් අසරණ අහිංසක මිනිස්සුන්ගේ ලේ,ඇට නහර උරා බොයි.

ජායාරූප අද පුවත්පතෙනි.
sourcehttp://slnewsbook.blogspot.com/2015/03/blog-post.html
 
Last edited:

Cat-Voice

Member
Mar 2, 2015
13
2
0
ලීසිං එකක් දානවනං පිළිගත්තු බැංකුවකට සම්බන්ධ අයතනකයින් දාන්න. පීපල්ස් ලීසිං වගේ. මේ LB ෆිනෑන්ස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් වගේ ගිනි කාක්කෝන්ගෙන් වාහන ගන්න එපා. අන්තිමට පොඩ්ඩක් බැරි උනොත් වාහනෙත් නෑ, මේ යන විදියට ජීවිතෙත් නැති වෙයි.

අනික ඔය ලීසිං කොම්පැනි කාරයෝ මුලින් කියන්නේ වාරික කීපයක් ගෙවන්න බැරි උනත් අවුලක් නෑ, අපි වාහනේ ගෙනියන්නේ නෑ, අපේ අරමුණ වාහනේ අයිතිය පාරිභෝගිකයටම ලබා දීම වගේ වැල් බයිලා. ඒ වගේ පාරිභෝගිකයා ඉස්සරා කෙබර අදින කොම්පැනිගේ මැනේජරම අර පාරිභෝගිකයා එලියට යනකන් ඉදලා ලියුම ගහනවා වාහනේ උස්සන්න කියලා.
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pissu yakek
    wisaduma marena eka nemei
    Leasing karayonta nam kelawanna one gini ganan gannawata
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆිනෑන්ස් වලින් වාහන සීස් කරන එක නම් බලු වැඩක්. දවසක් මම දැක්ක තමන්ගෙ දරුවව පාසල් ගෙනියන තාත්ත කෙනෙක්වයි ළමයවයි එලියට ඇදල දාල වාහනේ (ඩිමෝ බට්ටෙක්) අරන් ගියා.
     
    Cat-Voice

    Member
    Mar 2, 2015
    13
    2
    0
    ෆිනෑන්ස් වලින් වාහන සීස් කරන එක නම් බලු වැඩක්. දවසක් මම දැක්ක තමන්ගෙ දරුවව පාසල් ගෙනියන තාත්ත කෙනෙක්වයි ළමයවයි එලියට ඇදල දාල වාහනේ (ඩිමෝ බට්ටෙක්) අරන් ගියා.

    වාහන උස්සන්න එන එවුන්ගේ ඇට දෙක තලන්න ඕනි ටොප්කොල්ලෙක් දම්මලා.
     
    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    මචන්ලා මෙතන තියෙන කමෙන්ට් වලින් මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. කවුරුහරි මම වැරදිනම් නිවැරදි කරන්න​.

    කිසිම කොම්පැනියක් අපි ලඟට අැවිත් අපිට බලෙන් ලීසින් දෙන්නෙ නැහැනෙ. අපි තමා අපිට ඕනෙ උනහම කොම්පැනි ලඟට ගිහින් වැඳ වැටිල ලීසින් ගන්නෙ.

    අපිට ලීසින් දෙන වෙලාවෙදි ලීසින් කොම්පනි එක අපිට විස්තර කරල දෙනවනෙ අපිට ගෙවන්න තියන ගනන් හිලවු. ඉතින් ඒ වෙලාවෙදි අපි ඒවට කැමති වෙලානෙ ඒක ගන්නෙ. ඉතින් ඊට පස්සෙ පොරොන්දු උන විදිහට ගෙවන එක අපේ වගකීම​. මොකද ලීසින් කොම්පනි එක රැඳිල තියෙන්නෙ අපි ආපහු ගෙවන පොලිය මත​. ලීසින් කොම්පනි එකෙත් ඉන්නව අපි වගෙ සිය ගනනක් පඩියෙන් ජීවත් වෙන​. ඉතින් කොම්පනි එක වහන්න උනොත් කී දෙනෙක්ගෙ රස්සා නැති වෙනවද​?

    ඉතින් හොඳම එක තමා කොම්පනි එකක් පොලී වැඩියෙන් ඉල්ලනවනම් අඩු තැනක් හොය ගන්න එක​. එහෙම නැතුව ගත්තට පස්සෙ ගෙවන්නෙ නැතුව මේ වගෙ වැඩ කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ
    :no::no::no::no::no:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ලීසිං එකක් දානවනං පිළිගත්තු බැංකුවකට සම්බන්ධ අයතනකයින් දාන්න. පීපල්ස් ලීසිං වගේ. මේ LB ෆිනෑන්ස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් වගේ ගිනි කාක්කෝන්ගෙන් වාහන ගන්න එපා. අන්තිමට පොඩ්ඩක් බැරි උනොත් වාහනෙත් නෑ, මේ යන විදියට ජීවිතෙත් නැති වෙයි.

    අනික ඔය ලීසිං කොම්පැනි කාරයෝ මුලින් කියන්නේ වාරික කීපයක් ගෙවන්න බැරි උනත් අවුලක් නෑ, අපි වාහනේ ගෙනියන්නේ නෑ, අපේ අරමුණ වාහනේ අයිතිය පාරිභෝගිකයටම ලබා දීම වගේ වැල් බයිලා. ඒ වගේ පාරිභෝගිකයා ඉස්සරා කෙබර අදින කොම්පැනිගේ මැනේජරම අර පාරිභෝගිකයා එලියට යනකන් ඉදලා ලියුම ගහනවා වාහනේ උස්සන්න කියලා.

    :yes::yes::yes:
    Best is I guess to go with Peoples Leasing! As far as I know they are not that inhuman. (I got a friend working at Peoples Leasing and he used to say this!)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :angry: ඔය ෆිනෑන්ස් කාරයෝ ඔහොමම තමා..... ජරාම තවත් එකක් තමා සෙන්ට්‍රල් ෆිනෑන්ස්..... කිසිම පහසුකමක් නෑ..... දවසක් ලේට් උනත් ගහනවා පත දඩයක්..... :angry:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මීට සුළු මොහොතකට පෙර ගිනි තබා ගත් පුද්ගලයා ජීවිතක්ශයට පත් වී ඇති අතර ඔහු අම්පාර රෝහල් මංසන්ධියේ පදිංචි කරුවෙක් බවට වාර්තා වේ.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මචන්ලා මෙතන තියෙන කමෙන්ට් වලින් මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. කවුරුහරි මම වැරදිනම් නිවැරදි කරන්න​.

    කිසිම කොම්පැනියක් අපි ලඟට අැවිත් අපිට බලෙන් ලීසින් දෙන්නෙ නැහැනෙ. අපි තමා අපිට ඕනෙ උනහම කොම්පැනි ලඟට ගිහින් වැඳ වැටිල ලීසින් ගන්නෙ.

    අපිට ලීසින් දෙන වෙලාවෙදි ලීසින් කොම්පනි එක අපිට විස්තර කරල දෙනවනෙ අපිට ගෙවන්න තියන ගනන් හිලවු. ඉතින් ඒ වෙලාවෙදි අපි ඒවට කැමති වෙලානෙ ඒක ගන්නෙ. ඉතින් ඊට පස්සෙ පොරොන්දු උන විදිහට ගෙවන එක අපේ වගකීම​. මොකද ලීසින් කොම්පනි එක රැඳිල තියෙන්නෙ අපි ආපහු ගෙවන පොලිය මත​. ලීසින් කොම්පනි එකෙත් ඉන්නව අපි වගෙ සිය ගනනක් පඩියෙන් ජීවත් වෙන​. ඉතින් කොම්පනි එක වහන්න උනොත් කී දෙනෙක්ගෙ රස්සා නැති වෙනවද​?

    ඉතින් හොඳම එක තමා කොම්පනි එකක් පොලී වැඩියෙන් ඉල්ලනවනම් අඩු තැනක් හොය ගන්න එක​. එහෙම නැතුව ගත්තට පස්සෙ ගෙවන්නෙ නැතුව මේ වගෙ වැඩ කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ
    :no::no::no::no::no:

    Agreed 100% :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිනිහෙක් මැරෙන්න තියන ජරාම විදිහ මම නං දකින්නේ ඔය ගිනි තියා ගන්න එක. :(

    පවු මේ මනුස්සයා.
    ඒ වුනාට 3 විල් එකට වඩා ජිවිතේ වටිනවා.

    මැරෙනවට වඩා කරන්න දේවල් නම් ඕනේ තරම් තිබ්බා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා මෙතන තියෙන කමෙන්ට් වලින් මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. කවුරුහරි මම වැරදිනම් නිවැරදි කරන්න​.

    කිසිම කොම්පැනියක් අපි ලඟට අැවිත් අපිට බලෙන් ලීසින් දෙන්නෙ නැහැනෙ. අපි තමා අපිට ඕනෙ උනහම කොම්පැනි ලඟට ගිහින් වැඳ වැටිල ලීසින් ගන්නෙ.

    අපිට ලීසින් දෙන වෙලාවෙදි ලීසින් කොම්පනි එක අපිට විස්තර කරල දෙනවනෙ අපිට ගෙවන්න තියන ගනන් හිලවු. ඉතින් ඒ වෙලාවෙදි අපි ඒවට කැමති වෙලානෙ ඒක ගන්නෙ. ඉතින් ඊට පස්සෙ පොරොන්දු උන විදිහට ගෙවන එක අපේ වගකීම​. මොකද ලීසින් කොම්පනි එක රැඳිල තියෙන්නෙ අපි ආපහු ගෙවන පොලිය මත​. ලීසින් කොම්පනි එකෙත් ඉන්නව අපි වගෙ සිය ගනනක් පඩියෙන් ජීවත් වෙන​. ඉතින් කොම්පනි එක වහන්න උනොත් කී දෙනෙක්ගෙ රස්සා නැති වෙනවද​?

    ඉතින් හොඳම එක තමා කොම්පනි එකක් පොලී වැඩියෙන් ඉල්ලනවනම් අඩු තැනක් හොය ගන්න එක​. එහෙම නැතුව ගත්තට පස්සෙ ගෙවන්නෙ නැතුව මේ වගෙ වැඩ කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ
    :no::no::no::no::no:

    ඒක හරි...
    ගෙවුවේ නැත්තම් වාහනේ උස්සනවා කියන agreement එකට sign කරලනේ ඕක ගන්නේ.
    ඉතින් උස්සද්දීත් මුකුත් කියන්නත් බෑ.
    පුණ්‍යායතන නෙවේ කියලා ගන්න යද්දිත් දන්නවා නේ!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිහට මොලයක් තියෙන්න එපයි අවෙගශීලි වෙන්නේ නැතුව ඉන්න. ගිනිතියගත්තම ත්‍රිවිල් එක දෙනවද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,909
    113
    ලීසිං කම්පැණි එකට බැනල වැඩක් නෑ හැබැයි මේ සිද්ධියෙදි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුඟක් කොම්පැනි වලින් ෆිනෑන්ස් ගන්නකොට මිනිස්සුන්ට අත්සන් කරන්න දෙන ෆොර්ම් තියෙන්නෙ ඉන්ග්‍රිසියෙන්. කියවන්න තේරුම්ගන්න ඉඩදෙන්නෙ කලාතුරකින්. හිස් ෆොර්ම් වලටත් අත්සන් ගන්නවා. මේවා මගේ අත්දැකීම්.

    කොහොම උනත් දිවිනසා ගන්න එකනම් අනුමත කරන්න බැහැ :yes: