අඩුම වයස 25ක් හරි ඊට අඩු නම් ස්ටුඩන්ට්( ස්ටුඩන්ට් වීසා එක පීආර් එක ගන්න් බලන් දාපු උන් ගැන මේ කියන්නේ ) එකකින් රට යන එක කමක් නෑ. ඊට පස්සේ ස්ටුඩන්ට් දාන් යනවා කියන්නේ එහෙ ගිහිල්ලත් ලංකාවේ වගේම ආර්ථික ප්‍රශ්න වලට මූන දෙන්නයි වෙන්නේ.
ලංකාවේ කේස් එකත් එක්ක යුක්රේනෙට ගියත් හොඳයි වගේ කතාවල් නිසා ලංකාවේ උන්ගෙ ඔළු හේදිලා තියෙන්නේ උන්ගේ ජීවිතේ තියන් හැම ප්‍රශ්නෙටම හේතුව ලංකාවෙ ඉපදුන් එක කියලා. තමුන්ගෙ නොහැකියාව තේරුම් නොගෙන රට යන එක විසඳුම කියල හිතන උන් ඉන්නවා.
මූ විතරක් නෙවෙයි මගේ නෑදෑ කෙනෙකුත් ඉන්නවා කැනඩා යන්න හදන. ගෑනියි මිනිහයි දෙන්නම හොඳ රස්සාවල් කරන්නේ. ලෝන්, සල්ලි ප්‍රශ්න නෑ. එක පොඩි එකයි ඉන්නේ. පොඩි එකා ඉන්ටනැශනල් ඉගෙනගන්නේ. ගෑනිට ස්ටුඩන්ට් දාලා යන්න් හදන්නේ. ඇයි යන්නෙ ඇහුවම "අපිට වගේ නෙවෙයිනේ බන් දරුවට අනාගතයක් තියෙන්නෝන නේ" කියනවා. ඕවට ඉතින් නිකන් ඔළුව වනන එක විතරයි කරන්න තියෙන්නේ. ළමයට අනාගතයක් හදන්න කලින් ඌ අවුරුදු 4ක් 5ක්වත් අඩුම උගේ අනාගතේ හදාගන්න මහන්සි වෙන්න වෙනවා රට ගියාට පස්සෙ.
රට යන උන්ට නම් කියන්න තියෙන්නෙ කිසිම රටක් perfect නෑ. ලෝකේ කොයි රටෙත් ඇවරේජ් මිනිහෙක් නම්, සල්ලි කියන ප්‍රශ්නේ තියනවා. ඕනම රටක ඇවරේජ් එකට උඩින් ඉන්න කෙනෙක්ගෙ purchase power එක වැඩියි. එහෙම තත්වයක් තියන මිනිහෙක්නම් නිකන් බොරුවට යන්නම්වාලේ රට යන එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න වැඩිවෙන එක.