අම්මගෙ රෙද්ද

Huzain

Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.

    මේකයි කතන්දරේ..

    දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.
    ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට.

    ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බස් එක ඇතුලෙ. ඔය යන අතරෙ බස් එක පොලොසියෙන් නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ.

    පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු. ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල.

    ඉතින් කොල්ල කියල, "අම්මගෙ රෙද්ද"කියල.
    කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි.
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    ela ela.. yah yah... ekath thada wela kiyala aththe hehhe.. ammage redda kiyala .. meka mata mail eka apu ekak ban.. EK ekath ekka sher karaganna hithuna
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    smiley-laughing024.gif
    පට්ටටටටටට........................
    smiley-laughing024.gif


    19745025.jpg