Most probably No.ලංකාවේ ඉතින් 5mil ක විතර assets තියෙනවා. (ගෙවල් දෙකක්)
ජොබ් එකක් තියෙනවා. කාර් නැ. ඔච්චර තමයි.
ලංකාවේ මුලික අවශ්‍යතා නැනේ බන්.
උබට දැන් තියෙන info තිබ්බා නම් උබ යන්නේ නැද්ද ?
මගේ පෞද්ගලික අදහස. වැඩේ තියෙන්නේ අනාගතේ මොන වගේද කියලා අපි දන්නේ නෑනේ.
පිට රටක ගිහින් settle වෙලා ළමයි මොන්ටිසෝරි/ඉස්කෝල වලට යන්න ගත්තට පස්සේ ආයේ වෙනස් වෙන්න අමාරුයි.
සමහර අය පිටරට ජීවිතේට කැමති, සමහරු එච්චරම නෑ, එක එකාගේ රුචි අරුචි කම් වෙනස්නේ.
පිට රටක ගිහින් ඔලුව ගහගෙන ඉන්න එකත් සැහෙන ගේමක්, ක්‍රම වෙනස් නිසා.
ලංකාවෙන් ගියාම දෙමව්පියන්, පොඩි කාලේ ඉඳන් උදව් කරපු නෑදෑයන් වගේ අයගෙන් වෙන් වෙන්න වෙනවා. ඒ වෙනුවට සුව පහසු ජිවිතයක්, ලංකාවේ ඉද්දි කරන්න බැරි වෙන දේවල් (travelling, invesment etc .) වගේ දේවල් ලැබෙනවා.
මට කියන්න ඕන උනේ, මේ කාලේ තියෙන රැල්ලට අහු වෙලා ක්ෂණික තීරණ ගන්න එපා කියන එක විතරයි.

