අම්මට_ගහලා _දිවුවා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
අම්මට_ගහලා _දිවුවා

පෙම් පළහිලව්වකින් ඇවිළි වාහන කුඩු වුණු ආනන්ද නාලන්ද ගැටුමේ ඇතුල් කතාව :angry::angry::angry:

පුතා බදාගත්තම අම්මට ගහලා දිවුවා :angry::angry:
:growl: :growl: :growl: ( video 1.16)

ටහුකන කැරියෝ නේ බන් දැන් ඉන්නේ ... ගවුමක් පස්සේ ගිහින් වලි දාගෙන දැන් මුන් අම්මලාටට් අත උස්සනවද ? තුක් නොදකින් :dull::dull::dull::dull::no::no:




කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර අතීතයේ සිට පවතින්නේ සහෝදර සම්බන්ධයකි. ඉතිහාසයේ ආනන්ද විද්‍යාලයේ පංති කාමර වැඩිවූ අවස්ථාවක ඉඩකඩ ප්‍රශ්නයක් නිසා ඊට ආසන්න ඉඩමකට ඒවා ගෙනයාමෙන් කලකට පසු වෙනම පාලනය කිරීමේ අවශ්‍යතාවක් මතුවී නාලන්දය බිහිවිය.


විද්‍යාලන්තර ක්‍රීඩා තරග පවා මෙම දෙවිදුහල් පවත්වන්නේ සුහදතාවයටය. මෙවැනි පසුබිමක් මත කලහකාරීත්වයන් ඇතිවූයේ ඉතාම විරල අවස්ථාවක පමණි. නමුත් නව පරම්පරාව තුළ මෙම සහෝදරත්වය ගිළිහී ගොස් තිබේ. මීට වසර කිහිපයක පමණ සිට ‘බිග් මැච්‘ අතරවාරයේ පවා ගැටුම් ඇති විය.


ඊයේ (15) පාසල් ඇරුණු පසු වේලාවේ පුංචි බොරැල්ල එකම යුද පිටියක් බවට පත්වූයේ මෙම දෙවිදුහල් අතර සිසුන්ගේ ගැටුමක් නිසාය.


වාර්තාවන ආකාරයට මෙම ගැටුමට මුල්ව ඇත්තේ පෙම් සබඳතාවක් සම්බන්ධ ගැටලුවකි. ආනන්ද විදුහලේ සිසුවෙකු තවත් බාලිකා විදුහලක සිසුවියක සමග පවත්වන සබඳතාවයට හරස් කැපූ නාලන්ද සිසුවෙකුට එරෙහිව මෙම ආරෝව හටගෙන තිබේ.


මෙම සංසිද්ධිය නිසා පෙරේදා (14) ආනන්ද හා නාලන්ද සිසුන් අතර ගැටුමක් මහපාරේ හටගෙන තිබී ඇති අතර ඊයේ 15 සිදුවූයේ එහි දෙවැනි අවස්ථාවයි.


ඊයේ දහවල් 1.30 ට පමණ පාසල් අවසන් වීමෙන් පසු ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් තුන්සියයකට ආසන්න පිරිසක්‌ යකඩ පොලු, පුටු කකුල්, වීදුරු බෝතල්, ගල් පොලු මුගුරු බයිසිකල් චේන් වලින් සන්නද්ධ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට පුංචි බොරැල්ල ප්‍රදේශයට ගොස්‌ ඇත.


පසුව නාලන්ද විදුහල ඉදිරිපිට නවතා තිබූ 120 කැස්බෑව හා 138 හෝමාගම ලංගම බස්‌ රථ දෙකට මුලින්ම පහර දී ඇති අතර, පසුව එහි සිටි ශිෂ්‍යයන්ටද ඉවක්‌ බවක්‌ නොමැතිව පහර දෙන්නට පටන් ගෙන ඇත.


එහිදී නාලන්ද ශිෂ්‍යයන්ද ආනන්දයේ ශිෂ්‍යයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබේ.


ප්‍රහාරයට ලක්‌ වූ ලංගම බස්‌ රථ දෙක ඇතුළු වාහන අටකටද මෙහිදී බරපතළ හානි සිදු විය. ඇතැම් වාහන එම පටු පාරේ නිවැසියන්ට අයත්ව නිවෙස් අසළ නවතා තිබුණ ඒවාය.


පැය භාගයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති ගැටුම බොරැල්ල සහ මරදාන පොලිස්‌ ඒකාබද්ධ කළ මෙහෙයුමකින් පාලනය කළ අතර, පසුව ගැටුම මෙහෙය වූ ශිෂ්‍යයන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගන්නා ලදී.


සිද්ධියට අදාළව කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 8 දෙනකු සහ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධියෙන් තුවාල ලද 6 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.


අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ඊයේ සවස මරදාන පොලිසියට කැඳවීමට කටයුතු කර තිබිණි. මෙම ගැටුම සම්බන්ධයෙන් විදුහල් දෙකේ විදුහල්පතිවරුන් සහ ගුරු මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර විසඳුම් ගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
hane yakune :(

dan hadena ewun inne hela rap padanamei mara kalli walai okai bn waradda dukak parajayak daraganna bh samajayen hamawelema kiyanne balakaranne wairayen idapan kiyana eka
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපිත් ඕන තරම් ගහගෙන ඇති අපිට ගහපු එකෙක් ට අයෙත් ගහද්දි උගේ කෙල්ල හිටියොත් කෙල්ල ඉස්සරහවත් ගැහුවේ නැහැ ,අම්ම පුතාව බද ගත්තම අම්මට ගහල දිව්වා කියන්නේ ,ගහපු උන් පොන්න යෝ සෙට් එකක් අනිවා කට්ටිය සෙට් එක ළඟ ඉන්ඳී රගන පොන්න බල්ලෝ සමාජෙට අපු දවසට ලේ පෙරෙන්න කන්න වෙන්නේ ඔය විදිහට දගලුවොත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආනන්දෙ උන් සුද්ද කරනව නෙවෙයි. නමුත් මට දැන ගන්න ලැබුනු ආකාරයට නාලන්දයේ සිසුන් පසු ගිය අවස්ථා 2කදී ආනන්දයේ සිසුන්ට පෞද්ගලික පංති වලදී සහ දුම්රියේ දී හොකී පිති ආදියෙන් පහර දී ඇත. ආනන්දයේ මාගේ රෝගීන් වන සිසුන් පවසන්නේ ඉවසලා ඉවසලා අන්තිමේ දී ඇදලා ඇරි බවකි....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Big match season එකේ හොද ආතල් ටිකක් තියෙයි වගේ..
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පාසල් මිශ්‍ර පාසල් බවට පත් කොට මේ අසහනය නැවැත්විය යුතුයි. ඇත්තටම බන් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනම වෙන් කරලා උගන්නන එකෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? ගෙදරදි අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක ගෙදර ඉන්නවනම්, බස් එකේදි ගැහැනු පිරිමි එකට යනවනම්. ඔෆිස් වල ෆැක්ටරි වල ගැහැනු පිරිමි එකට වැඩ කරනවනම් ඇයි ඉස්කෝල වල විතරක් බෙදීමක්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ ඉස්කෝලවලත් වලි යනවා.හැබැයි අම්මලාට ගහන්නේ නෑ බන්.


    ගොඩක් වෙලාවට ඒ කොල්ලො හිතල අම්මට ගහන්න නැතුව ඇති බන්.. ලමයට ගහනකොට අම්ම ලමයව cover කරන්න ඇති.. එතකොට පාරක් 2ක් වදින්න ඇති බන්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආනන්දෙ උන් සුද්ද කරනව නෙවෙයි. නමුත් මට දැන ගන්න ලැබුනු ආකාරයට නාලන්දයේ සිසුන් පසු ගිය අවස්ථා 2කදී ආනන්දයේ සිසුන්ට පෞද්ගලික පංති වලදී සහ දුම්රියේ දී හොකී පිති ආදියෙන් පහර දී ඇත. ආනන්දයේ මාගේ රෝගීන් වන සිසුන් පවසන්නේ ඉවසලා ඉවසලා අන්තිමේ දී ඇදලා ඇරි බවකි....

    :yes:පෙරේදා නාලන්දේ ලමයි ආනන්දේ බස් එහෙක ගිය පොඩි එවුන්ට ගහලා. ඒකේ රිටන් එක තමයි අයියලා අරන් තියෙන්නේ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පාසල් මිශ්‍ර පාසල් බවට පත් කොට මේ අසහනය නැවැත්විය යුතුයි. ඇත්තටම බන් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනම වෙන් කරලා උගන්නන එකෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? ගෙදරදි අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක ගෙදර ඉන්නවනම්, බස් එකේදි ගැහැනු පිරිමි එකට යනවනම්. ඔෆිස් වල ෆැක්ටරි වල ගැහැනු පිරිමි එකට වැඩ කරනවනම් ඇයි ඉස්කෝල වල විතරක් බෙදීමක්
    ඕක ලංකාවෙ ඉස්සර ඉදලම තිබ්බ පුරුද්දනෙ බන්. ඉස්සර පිරිමි ළමයි විතරක් පංසලේ ඉගන ගත්ත. ගෑනු ළමයි ගෙවල්වල හිටිය. දැන් තමා ඔය ඔෆිස්වලවත් දෙගොල්ලො එකට වැඩ කරන්නෙ. ඉස්සර ඔක්කොම කරේ වෙන වෙනම.