අම්මාගේම නොවන දුව - ශී්ර දේවි දුව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අම්මාගේම නොවන දුව - ශී්ර දේවි දුව

    අම්මාගේම නොවන දුව


    ජාන්වී කපුර් දකින ඕනෑම කෙනෙකු කියන්නේ ඇය අම්මාගේම දුව බවය. එයට හේතුව ජාන්වි ගේ පෙනුම ශී්ර දේවි ගේ රුවට බොහෝ සෙයින් සමාන වීමයි.

    2018-02-05-ent-21.jpg


    ‘‘පෙනුමෙන් සමාන වුණාට ර`ගපෑම්වලින් දෙන්නා එක සමාන නෑ.. දුව ඇගේ අම්මා අනුකරණය කරන කෙනෙක් නෙමෙයි.. ඇය උත්සාහ කරන්නේ ඇගේම ශෛලියක් ගොඩ න`ගා ගන්න.. ඒක හු`ගක් හො`ද දෙයක්.. කවදා හරි දවසක ඇය ඇගේ අම්මා වගේම ප්රතිරූපයක් බොලිවුඞ් සිනමාවේ ගොඩ න`ගා ගන්නවා කියලා මට විශ්වාසයි..’’
    ශාසනක් කයිතාන් ගේ ධාදක් චිත්රපටියෙන් නිළියක ලෙස දොරට වඩින සිය දියණිය පිළිබ`දව ආඩම්බරයෙන් එසේ කියන්නේ බොනී කපුර්ය. ඇය බුද්ධිමත් මෙන්ම තමන් කරන දෙයට අවංක වන හා ඒ දෙය වෙනුවෙන් කැප වෙන අයෙකු බැව් ඔහු කියයි. ඇය හාපුරා කියා ර`ග පාන්නට ගිය දිනයේ බොනී සහ ශී්ර දේවි ඇය කැටුව උදයිපූර්වලට ගියහ.
    ‘‘ඉස්සර වෙලාම ගීතයක දර්ශනයක් ර`ග පාන්න තිබුණෙ.. ජාන්වි ඒක හරි අපූරුවට කළා.. ඊට පස්සෙ ර`ග පෑව ඒවත් මං දැක්කා.. ඇයට හො`ද අනාගතයක් තියෙනවා කියලා මම තීරණය කළේ ඒවා දැක්කට පස්සෙ..’’
    මේ ආඩම්බරකාර තාත්තා කියන්නේය.
    ඉෂාන් කත්තර් සමග ජාන්වි ර`ග පාන ධාදක් චිත්රපටිය සයිරාත් නම් වූ මරාති චිත්රපටියේ නැවත නිෂ්පාදනයකි.
    ‘‘අම්මලා තාත්තලාට සල්ලි තියෙනකොට දුවලගෙ අනාගතේ හො`ද වෙන එක අහන්න දෙයක් නෑනෙ..’’
    උපහාසයෙන් එසේ කියන්නෝ ද සිටිති.


    2018-02-05-ent-22.jpg



    amma
    https://en.wikipedia.org/wiki/Sridevi
     
    Last edited:
    • Like
    Reactions: MarshMello