අම්මාගේ වියෝව ...
සාලයෙන් ඇසෙන මහ හඬ දරාගත නුහුණු බැවින් මම "ඌට්ටුව" ද ගසාගෙන (ඇඟිල්ල ඉරීම එකළ අප බොහෝ දෙනෙකුට උරුම ව තිබූ පුරුද්දකි.) සාලය දෙසට සෙමෙන් සෙමෙන් පිය මැන්නෙමි. දොර රෙද්ද මෑත් වත් ම විලාපය කන් බිහිරි කරවන තරම් උස්ව නැගී ගියේ මා වික්ෂිප්ත කරමිනි. නමුත් මට එය එතරම් ප්රශ්නයක් වූයේ නැත්තේ මේ සිදුවන්නේ කිමෙක්දැයි පැටලිල්ල ලිහා ගනු රිසියෙන් පෙලුණු නිසාවෙනි. සාලයේ මා නන්නාඳුනනා ගැහැණුන් විසල් පිරිසක් සිටි අතර, ඔවුන් අතරින් තද දුඹුරු පැහැ කිසිවක් සාලය මැද්දෑවේ තිබෙණු මට යාන්තමට පෙනෙන්නට ගත්තේ ය. අමුතු සැර සුවඳක් සහ පොලිෂ් සුවඳක් එකට මුසු ව නැහැය විද ගෙන ගිය ඒ සුවඳ කිමෙක්දැයි මට නිනව්වක් නැත්තේ එවැනි සුවඳක් මින් පෙර විඳ නැති නිසා ය.
සාලයේ වූ දේ වටා සිටි කාන්තාවෝ එකිනෙකා එය මට පෙනෙන්නට සලස්වමින් යන්තම් එහාට මෙහාට වෙනු මට පෙනේ. එවකට මගේ උසේ තරමට උඩකින් තැබුණු මේ අමුත්ත තවමත් මට කුමක්දැයි වටහා ගත නොහැකි ය. දුඹුරු පාට මේ අමුත්ත පෙට්ටියක් මෙන දැන් මට පෙනෙයි. ඒ මතින් යාන්තමට සුදු පාට කිසිවක් තිබෙනු ද මට පෙනෙයි.
මම සාලයේ සිටින් කාන්තාවන් හඳුනා ගන්නට ඔවුන්ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමි. නමුත් පැහැදිලි ව හඳුනන කිසිවකු ඒ අතර නැත. කඳුළු පුරාගත් දෙනෙතින් බර ව ඔවුන් මදෙස එක සීරුවට බලා සිටිති. මට කිසිවක් වැටහෙන්නේ නැත. කිසිවක් තෝරා ගන්නට ද නොහැකි ය.. මම සාලය පියමං කොට ඉදිරි දොර දෙස ගෑටුවෙමි. පියවර කිහිපයක් ගාටමින්, පය අද්දමින් ගිය මම යළි ආපසු හැරී බලමි. කාන්තාවෝ සියල්ලෝ ම දැඩි නිශ්ශබ්දතාවයකින් යුක්ත ව මදෙස බලා සිටිනු මම දකිමි. ඒ අතරින් කෙනෙක් දැඩි ව හුස්ම ඉහළට අල්ලමින් හූල්ලනු ද, කඳුළු පිසිනු ද මට පෙනෙයි..
යළි දොර රෙද්ද මෑත් වෙමින් තවත් කෙනෙක් එළියට ගාටයි. ඒ ලොකු නංගී ය. ඇ ද මේ මහා විලම්බෑසියෙන් විපිලසර ව සිටින්නී දෑස් ලොකු කර ගෙන විමසුම් මුහුණින් යුතු ව දොර රෙද්ද අල්ලාගෙන නතර වූවා ය. එසැණින් එතැනට පිනූ කෙනෙක් ලොකු නංගී ද වඩා ගෙන අර මහ අමුත්ත අසළට ගියා ය..
මඳ වේලාවක් නිහඬ ව ගෙවී ගියේ ය. ලොකු නංගී ද වට පිට බලමින් සිටින්නේ මේ සිටින්නන් හඳුනා ගන්නට උත්සාහ කරමිනි. සියල්ලෝ ම දැඩි නිශ්ශබ්දතාවයක් රකින්නේ ඈයි දැයි මම කල්පනා කරමි..
මොහොතක් නිහඬ ව ගෙවි ගියේ ය. මඳක් එහාට මෙහාට ඈඹරුණු ලොකු නංගී දෑස් පුංචි කරගෙන, මුහුණ ද බෙරි කර ගෙන "නැගිටින්නකො අම්මේ" යැයි කීවා ය.
එසැණින් මුළු මහත් වූ චක්රාවාටය ම දෙදරවමින්, අකනිටා බ්රහ්ම ලෝකයට ද ඈසෙන තරම් මහා හඬකින් යළි විලාප හඬ පැතිර ගියේ මා ද භය බිරාන්ත කරමිනි. දැන් ලොකු නංගී හඬන්නේ කිසිවක් තේරුම් ගෙන නොව මේ මහා හඬට බිය පත්ව යැයි මට සිතිණ.
මම කිසිවක් ම නොදැනෙන්නෙකු ලෙසින් හෙමි හෙමින් ඉස්තෝප්පුවට පිය මැන්නෙමි.
අදත් මළ ගෙදරකදී මට කිසිවක් නොදැනෙන්නේ ද ඒ නිසා ම විය යුතු ය.
මන්ද ඒ සාලයේ පෙට්ටියක් මත වැතිර නිදන්නේ මගේ අම්මා යැයි කිසි දා ක විස්වාස කරන්නට මම අකමැති බැවිනි..!!!
http://magekathandara.blogspot.com