පුවතක්-ගං ඉවුර අසල ගසක පුංචි දැරියකගේ මළ සිරුරක්
නිසලව ගලනු බැරි අද නම් පෙර සේම
උස්ස උස්සා ගසමි කැළඹුණු පතුලේම
ඉස්සි ඉස්සී තපින ඉවුරේ තිස්සේම
මානා උන් කොකුනි තෙපි කණ වීද...
අම්මාටත් හොරෙන් අරන් ආ සුදු නෙළුම
දෙබොක්කාවේ ගසා පෙති විසි කර ගඟට
රන් කිරි උරා බිවු දෙතොල් හප කර යසට
පැන ගිය වන සතා එනතුරු රකිමි මම...
කිසා ගෝතමියට එදා කියා දුන් බුදු බණ
අහන් උන් සුළගේ බුම්මාගෙන නොයිද
අබැටක් හොයාගෙන එවාපන් දොරකොඩට
සුදු නෙළුම් පෙති එක් කරනු බැරි අම්මාට...
අද දවස තිස්සෙම විලි රුදා විඳ අහස
හය්යෙන් ගත් හුස්ම වැදූ පසු මහ වැස්ස
වැදී හිත ගැස්සුනා වෙනදාටත් වැඩිය
දුක හිතී අම්මා නොකියූ කතා ගැන...
උස්ස උස්සා ගසමි කැළඹුණු පතුලේම
ඉස්සි ඉස්සී තපින ඉවුරේ තිස්සේම
මානා උන් කොකුනි තෙපි කණ වීද...
අම්මාටත් හොරෙන් අරන් ආ සුදු නෙළුම
දෙබොක්කාවේ ගසා පෙති විසි කර ගඟට
රන් කිරි උරා බිවු දෙතොල් හප කර යසට
පැන ගිය වන සතා එනතුරු රකිමි මම...
කිසා ගෝතමියට එදා කියා දුන් බුදු බණ
අහන් උන් සුළගේ බුම්මාගෙන නොයිද
අබැටක් හොයාගෙන එවාපන් දොරකොඩට
සුදු නෙළුම් පෙති එක් කරනු බැරි අම්මාට...
අද දවස තිස්සෙම විලි රුදා විඳ අහස
හය්යෙන් ගත් හුස්ම වැදූ පසු මහ වැස්ස
වැදී හිත ගැස්සුනා වෙනදාටත් වැඩිය
දුක හිතී අම්මා නොකියූ කතා ගැන...
දෙව්රංඟි
පෙබරවාරි 8, 2015
පෙබරවාරි 8, 2015
Last edited:



