"අම්මා" කවි බණේ පසුබිම් කතාව

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    "අම්මා" කවි බණේ පසුබිම් කතාව

    "අම්මා" කවි බණේ පසුබිම් කතාව



    සිතතුළ ඇති කරුණා නැත නිම්මා

    මාගේ දුක්ගිනි නැතිකර දැම්මා
    පෙන්වූවා ලොව්තුර ගුණ සම්මා
    මගේ පණයි මගේ ආදර අම්මා

    සුමිහිරි හඬින් ගැයෙන ඉහත කවි බණ ඔබට මේවනවිටත් මගතොටේදී, බස්රථයේදී නිතර ඇසී ඇතුවාට සැකයක් නැහැ. ලංකාව පුරා ඉතා සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් මව් ගුණ ගායනා සහිත එම කවි බණ ගායනා කොට තිබුනේ මාකඳුර පඥාසාර හිමිනම විසිනි.

    ලංකාව පුරා ජනප්‍රියත්වයට පත් එම කවි බණ රචනා කොට ගායනා කිරීම පිටුපසද බොහෝදෙනෙක් නොදත් කතාවක් තිබේ.

    පහතින් දැක්වෙන්නේ පඥාසාර හිමිනම විසින් ඒ පිළිබඳව අදහස් දැක්වූ අයුරුයි.

    "මගේ අම්මාට දැන් වයස අවරුදු 73 ක්. පසුගිය දවස්වල ඇය හුඟක් ලෙඩ වෙලා අසාධ්‍යය තත්වයට පත්වෙලා හිටියා. වාර්තා වලට අනුව ඇයට ලෙඩක් තියෙනවා කියලා හොයාගන්න බැරිවුනා.අන්තිමට මම අම්මාව කොළඹට ගෙනාව. ඇයට කන්න බැරුව ඇඳේ ඉන්නකොට මට දරාගන්න බැරි දුකක් ආව.

    ඒ අතරේ මම ප්‍රාර්ථනාවක් කළා අම්ම සුව උනොත් ඒ වෙනුවෙන් හැමදාමත් වටිනා පිංකමක් කරනවා කියලා. පන්සලේ බෝධිය අසලට ගිහිල්ලා අම්මාට සෙත් කවියක් කිව්වා. ඒ ගිහින් ඇවිත් අම්ම ඉන්න ඇඳ ගාව හිටියම මට නොදනිම නින්ද ගිහින්.

    එතකොට මට හීනෙන් වගේ ඇහුන අම්මා "පුතේ පුතේ" කියල කියනවා..මම ඇහැරිලා බලනකොට අම්ම මගේ ඔලුව අතගානවා.මට අදහා ගන්නත් බැහ. අපේ අම්ම දැන් හොඳින් සුවෙන් ඉන්නව. එදා අම්ම වෙනුවෙන් සිදුකල ප්‍රාර්ථනය ඉටුකරන්න ඇය ගැන පදවැල් කීපයක් ලිව්වා..මේ ප්‍රාර්ථනාවයි අද සීඩී තැටියක් ලෙසින් මුළු රටපුරාම රැව් දෙන්නේ..

    මේ සීඩි තැටිය කරන්න පෙර මම විවිධ තේමා ඔස්සේ කවි බන සීඩී 90 ක් විතර කරලා තියෙනවා. එත් අම්මා සීඩී පටන් තමා මාව මුළු රටම අඳුර ගත්තේ.මේකට හේතුවකුත් තියෙනවා. මෙතක් නිකුත් කල කවි බණ වලට වඩා මෙයට පසුබිම් සංගීතයකුත් යොදාගෙන තිබෙනවා.

    ඊටත් වඩා ලෝකයේ තියෙන මිහිරිම වචනය තමා අම්මා කියන්නේ. ඒ වචනයේ තියෙන බලය මෙය ජනප්‍රිය වෙන්න එක හේතුවක්.

    පැවිදි වූ හැටි
    මම කවි නිර්මාණ කරන්න එළඹුණේ මම මහන උනාට පස්සේ. මම මහන උනේ අවරුදු 12 දී. අපේ ගම ගාල්ලේ යක්කලමුල්ලේ. පවුලේ පිරිමි පස් දෙනයි, අක්කල දෙන්නයි. මම බාලයා. ඒ කියන්නේ බඩ පිස්සා.. අම්මා එම්. කේ දයාවතී. අපි සාමන්‍යය ගොවි පවුලක්.තාත්තා කලේ ගොවිතැන. කව්රුවත් හිතුවේ නැහැ මගේ තිබුන දඟකාරකම් එක්ක මම මහන වෙයි කියලා. එත් දවසක් වතුරුදුවේ ආරණ්‍යයට දානයක් දෙන්න ගියාම ඒ හාමුදුරුවන්ගේ පින්වත් බව දැකල මහන වෙන්න හිතුනා. කව්රුත් බලකලේ නැහැ. මම අම්මටයි තාත්තටයි කියල මහන වුනා.

    අම්මා සීඩී පටය පිළිගැන්වූ හැටි
    මේ සීඩි පටිය පිළිගන්වන්න තරම් හැකියාවක් මට තිබුනේ නැහැ. මගේ මුල්ම සීඩි. ඒක ගෙනිහින් දුන්නේ මගේ අම්මටයි. මට ඒ අවස්තාව අදටත් මැවිලා පේනවා. අම්මා සී.ඩී එක දාගෙන ගේ අතුගාන්න පටන් ගත්තා. මුල්පද ටික ඇහෙනකොට අම්මගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙනවා. "ඇත්තටම රත්තරන් පුතේ මම උඹව හැඬුවේ පපුවට තුරුළු කරගෙන" කියලා අම්මට කියවුනේ මම පවිදිවෙලා කියන බවත් අමතක වෙලා.. "

    උපුටා ගැනීම:33000V
     
    • Like
    Reactions: DAMER and rm1980

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුදුම හිත නිවන කටහඬක් තියෙන හාමුදුරුවෝ නමක්.මේ කවි ඇහෙනකොට ඇස් වලට කඳුලු එනවා.හාමුදුරුවන්ගේ අම්මට පිං මේ වගේ බුදු පුතෙක් බිහිකලාට.තව තවත් මේ වගේ හිත නිවෙන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:)tfs
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සමහරු මේක දකින්නේ මහ බොලද වැඩක් කියලා. අම්ම කවපුවා, නාවපුවා, ඉස්කෝලේ ඇරලපුවා මේවා සාමාන්‍යය දේවල්, ඔයිට වඩා දේවල් බුදු දහමේ තියෙනවා අරව මේවා ගොඩක් කට්ටිය කියනවා.. ඒත් මෙතන වෙනම කාරනාවක් තියෙනවා. දැන් සමාජයේ බොහෝ දෙනෙක්ට අමතකයි දෙමාපියන් තමන්ට කරපුවා. මේ කවි බණෙන් හැමෝටම ඒ පොදු යටගියාව මතක් කරලා දෙනවා. දැනටමත් දෙමාපියන් වෙලා ඉන්න අයටත් හොද ආදර්ශයක් දෙනවා. හැමෝටම වාගේ මේක හිතට දැනෙන්නේ මේකේ කියැවෙන දේවල් පොඩි කාලේදී අම්මලා එයාල වෙනුවෙන් කරලා තියෙන නිසා. වදලා කුණු බක්කියක දාලා ගිය අයටයි පොඩි කාලේදී අම්මගේ ආදරයක් නොලැබුන අයට යි නම් මේක විකාරයක් වගේ පේනවා ඇති.


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    මේ කවිබණ කීපසැරයක්ම අහලා තියෙනවා..හැබැයි අදයි පසුබිම් කතාව දැනගත්තේ..
    :)