අම්මා ගැන කතා කරමු.....

DK119

Junior member
  • Nov 3, 2008
    221
    12
    18
    Colombo, Srilanka.
    අම්මා ගැන කතා කරමු.....

    අම්මා,මව,මෑණියන්,ජනනි,මාතා,මෑණී.......අම්මා කියන වචනය අපට අර්ත දක්වන්න පුලුවන්ද?

    ජීවවිද්‍යාත්මක මව

    මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ.

    නියමිත කාලය තුළ සිදු වූ බවට උපකල්පනය කළ විට පිළිසිඳගැනීමේ සිට උපත සඳහා ප්‍රමාණවත් තරම් වර්ධනය වන තුරු ම ගර්භය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ කුසෙහි දරාගෙන සිටීම සිදු වේ.
    සාමාන්‍යයෙන් ළදරුවා ඉපදුණු විගස ම ක්ෂීරණ ක්රිකයාවලිය තුළින් මව්කිරි නිපදවීම ආරම්භ වේ. මව්කිරි ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්රඉතිදේහ සඳහා ප්රමභවය සේම, දරුවකුගේ ජීවිතයේ මුල් වසර හෝ ඊට වඩි කාලයක් සඳහා එකම ප්රුභවය ද වේ


    ජීවවිද්‍යාත්මක නොවන මව


    ජීවවිද්‍යාත්මක මව හැරුණු කොට විශේෂයෙන් යම් කාන්තාවක් දරුවකු උස් මහත් කිරීමේ සමාජ භූමිකාව සපුරන්නේ නම් බොහෝ විට මව යන්න ඇයට ද භවිතා කළ හැකි ය.

    එනම් සාමාන්ය යෙන් දරුවෙකුගේ පියාට ජීවවිද්යාවත්මකව සම්බන්ධයක් නැති භාර්යාව අපත්යගර්යමකාරක හෝ ධාත්රීා මවකි. දරුවකුගේ පළමු මවට අමතර ව තමාට ජීවවිද්යා ත්මකව අයත් නොවන දරුවකු රැකබලාගන්නා කාන්තාවන්ට ද ඇතැම් සන්දර්භයන්හීදී "වෙනත් මව" යන යෙදුම භාවිතා වේ.


    අන්වාදේශ මව


    සාමාන්ය වශයෙන් ජීවවිද්යාදත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.

    මෙලෙස ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.
    වත්මන් ප්රමජනන තාක්ෂණයේ ප්රකගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.


    සමාජයීය භූමිකාව


    ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්රිමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. මාතෲත්වයේ සමාජයීය භූමිකාව හා අත්දැකීම ස්ථානීය වශයෙන් විවිධ වේ."දරුවන් සුරකිමු" සංවිධානය ලෝකයේ රටවල් පෙළගැස්වීමේදී ස්කැන්ඩිනේවියානු රටවල් දරුවන් ජනිත කිරීමට වඩාත් ප්රටවේශම් ප්රරදේශ බවත්, අප්රිැකානු අනු සහරා රටවල් ප්ර වේශම් අඩුම ස්ථාන බවත් සොයාගෙන ඇත.

    මෙම පෙළගැස්මේ අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට සාපේක්ෂ්ව, මුල් ස්ථාන දහයේ රටවල මවක් ගර්භණීභවායේදී හෝ දරු උපතේදී මියයාමේ 750 ගුණයක ප්රවවණතාවයක් පවතින බවටත්,අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට, පළමු උපන්දිනය උදාවීමට ප්ර‍ථම තම දරුවා මියයාම දැකීමේ 28 ගුණයක වැඩි ප්රේවණතාවයක් පවතින බවටත් මෙම අධ්ය0යනය තර්ක කරයි.
    දරුවන්ගේ සංස්ලේෂක හා සංවාදාත්මක රටාවන් උද්දීපනය කිරීමට පියාට වඩා මව සුදුසු වේ.



    ළමුන්ගේ කතාබහ සඳහා වූ දායකත්වය පිළිගැනීමට පියාට වඩා සුදුසු මවයි. මව්වරු දරුවන්ට කතා කරන ආකාරය බොහෝ තරුණ දරුවන්ට ඔවුන්ගේ කථනය තේරුම්ගැනීමේ ප්රුයත්නවලදී පියවරුන්ට වඩා සුදුසු වේ. ආචාරධර්ම මතභේද හා මාතෘත්වයේ සමාජ අර්ථයට සුවිශේෂී වෙනස්කම් මතු කරමින් 1970 වර්ෂයේ සිට කෘතිම ගැබ්ගැන්වීම් මගින් ස්වභාවික වයස් සීමාවන් ඉක්මවා ගැබ්ගැනීමට හැකියාව ලබා දී ඇත. කෙසේවුවත් මෙය බටහිර ලෝක ප්රවජාවගේ දැඩි නැඹුරුවක් පවතින පදවියකි. බටහිර ලෝකයෙන් පිටත කෘතිම ගැබ්ගැන්වීම සඳහා, මූලික සෞඛ්යාගරක්ෂාව, කාන්තා සෞඛ්යබය, ළදරු මරණ අවම කිරීම සහ පෝලියෝ, මැලේරියාව, බෝවන උණ වැනි තර්ජනාත්මක රෝග වළක්වාගැනීම සමඟ සංසන්දනය කළ විට, බොහෝ දුරට අඩු ප්රරමුඛතාවයක්, වැදගත්කමක් හෝ වටිනාකමක් පවතී. එසේම 1970දී පමණ කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳ බටහිර ආකල්ප වෙනස්වීම ඇරඹිණි. ස්ත්රී්න්ට ශ්රවමහමුදාව තුළ වැඩි අවස්ථාවක් ලබාදුන් අතර, වැඩි ස්ත්රීරන් ප්රැමාණයක් පසු වයස්වලදී පළමු වරට මවක් වීම මෙහි ප්ර්තිඵලය විය. මෙම ප්ර්වණතාව 1990දී උච්ච වූ නමුත්, එතැන් සිට පියා ප්ර ධාන උපයන්නා වීමත්, මව නිවස හා දරුවන්ගේ වගකීම භරගැනීමේ සාම්ප්රදායික දැක්මට නැවත අවතීර්ණ විය.



    සමාන පද හා පරිවර්ථන


    ළදරුවකුගේ ඉතා ප්රරකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්රුබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි.

    හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්යවවහාර වන වෙනත් වදන් මෙසේ ය.

    • මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්රිමකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තය
    • මමා, මමී - මහා බ්රි්තාන්ය්ය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්රේයලියාව, නවසීලන්තය, අයර්ලන්තය
    • මා, මමී, මැමී - නෙදර්ලන්තය, අයර්ලන්තය, වේල්ස්
    • මා, අම්මා, මාතා - ඉන්දියාව, ශ්රී ලංකාව



    අපි හැමෝම බිහි වෙලා තියෙන්නේ අම්ම කෙනෙකුගෙන් තමයි. ජීව විද්‍යාත්ම
    ව සොයා ගිහින් බැලුවත් අපි හැමෝම ගේම අම්මා වෙන්නේ අප්‍රිකාවේ මීට අවුරුදු දහස් ගණනකට කලින් ජීවත් වුණු Homo ගණයට අයත් මිනිස් අම්මා කෙනෙකුගෙන් මොකද අපේ ශරීරයේ සෛල වල තියෙන මයිටොකොන්ඩ්‍රයා අපට උරුම වෙන්නේ අපේ මවගෙන්, ඒ කියන්නේ අපි හැමෝටම තියෙන මයිටොකොන්ඩ්‍රයම එකම එකක්මයි.ඒකද දන්නේ නෑ අපි හැමෝම එක මවකගේ දරුවෝ කියන්නේ....අනේ මන්ද?


    අම්මා,කොතරම් සුන්දර වචනයක්ද? ලෝකය පවතින්නේ හිරුගේ අව්රශ්මයත් මවගේ කිරි වලින් බවනම් ඇත්ත....

    ඇයි අපි අම්මට මෙතරම් ආදරේ
    ? අපි ඉපදුනාට පස්සේ කියන මුල්ම වචනයත් අම්මා.මගේ ජීවිතයේ නම් සමීපතම චරිතය තමයි අම්මා.මම ජීවිතයේ මේ තරම් දුරක් ඇවිත් යම් කිසි දෙයක් ළඟා කරගෙන තියෙනවනම් ඒකෙන් 50% මගේ අම්මට හිමි විය යුතුය.

    අම්මා කියන්නේ පුදුම හිතෙන චරිත
    යක්,අපි සතුටු වෙනකොට හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්නත්, අපි දුක් වෙනකොට හදවතින්ම අපිත් එක්ක දුක්වෙන්නත් පුලුවන්,එකම පුද්ගලයා විදියට මම දකින්නේ අම්මා විතරයි.ඒ තරම්පුදුම බැදිමක් අම්මා තමන්ගේ දරුවො එක්ක තියෙනවා.

    අම්මා කෙනෙකුගේ ගතිගුණ ගැන ලියලා ඉවර කරන්නත් බෑ.කතා කරලා ඉවර කරන්නත් බෑ.ඇයි ඒ? මටත් හිතා ගන්න බෑ.

    අම්මා ගැන කතා කරන්න ආවට
    වචන එන්නේ නෑ,

    අම්මා ගැන උතුම් චරිතයක් මට ජීවිතයේ හමුවෙලා නෑ.ඒ තරම් ජීවිතයට සමීප වෙච්ච පුද්ගලයෙක් මට ඉදලත් නෑ.මාහට අසීමිතව ආදරය කරන,හැම අවස්ථාවකදීම මා හා සිටින එකම පුද්ගලයා තමයි අම්මා.ඊළඟ ආත්මයෙදීත් මම අම්මාගෙම පුතෙක් වෙලා ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...


    අම්මා ගැන ඔබට හිතෙන අදහස්
    මව් ගුණ ගීත මෙතන comment එකක් විදියට දාල යන්න.















     
    Last edited: