ow ehema karapayi,amma ova hithe hiyagena inne,uba ehema kiyapan,adama samava ganin,kal ganna epa

ow ehema karapayi,amma ova hithe hiyagena inne,uba ehema kiyapan,adama samava ganin,kal ganna epa

මම සමාව ඉල්ලුවා. මන් කිව්ව මන් අම්මට බැන්නේ අම්මත් එක්ක තිබ්බ තරහකට නෙමේ මේ දවස් වල තියෙන ප්‍රශ්න නිසා කියලා

මම සමාව ඉල්ලුවා. මන් කිව්ව මන් අම්මට බැන්නේ අම්මත් එක්ක තිබ්බ තරහකට නෙමේ මේ දවස් වල තියෙන ප්‍රශ්න නිසා කියලා

Man nam puluwan tharam paule ayawa sathutu karawanna thama try eka denne. Samahara welawata randu anam manam athiwenawa eth ewa thawakalikai.
Man ubata kiyanne puluwannam hamba karana kiyen kiyan hari paule ayawa thrupthimath karanna balapan.
Ethakota ubath ube weda gena thurpthimath wenawa gedara ayath sathutui
anith eka thama arthike paththen gaththoth thiyena wiyadam adu karanna try karanawata wada ube adayama wadi karanna try karapan.
තරහා ගියාම බැනෙනවා.
මචන් මන් මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.
මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.
ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.
ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.
මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.
මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.
මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා
oka Sira ganna epa bn, ammata monawa hari sathutu hithena deyak gihin dipan. ita passe yalu karaganin
යකෝ තෝ වගේ මෝඩ මූසලයෙක්
කුලී වැඩ කරලා සහ දුක් විදලා ඒ මනුස්සයා උබව හැදුවට ද යකෝ මූසලයි කිව්වෙ.
උබ තාම ජීවතුන් අතර ඉන්න එකම හේතුව ඒ මනුස්සයා.එයා උබව හදා ගත්තෙ නැත්නම් උබ මැරිලා
එහෙව් කෙනාට මූසලයි කිව්ව තෝ නම්.

oka Sira ganna epa bn, ammata monawa hari sathutu hithena deyak gihin dipan. ita passe yalu karaganin
1. මට හිතෙන දේ කියන්නම් මචං.
ඔයාට තියෙන ලොකුම අවුල ඔය බෑන්ක් ලෝන් එකේ අවුලයි. මම එහෙම කියන්නේ ඔයා ඒක ගොඩක් රිප්ලයි වල මෙන්ෂන් කරලා තියෙනවා. ඔක්කෝටම කලින් ඒක විසද ගෙන ඉන්න බලන්න. ඇත්තටම ඔයාට ඔය ලෝන් එක ඕනිද නැද්ද කියලා තීරණය කරන්න. අපි ඔය ලබා ගන්න දේවල් වල ඉවර වීමක් නැ. අපිට ලැබෙන්න ලැබෙන්න අපේ ආසාව වැඩි වෙනවා විතරයි. අපිට ජීවත් වෙන්න ඔය දේවල් අත්අවශ්‍යම නෑ. ඔයා අදහන ආගම පැත්තෙන් ටිකක් කල්පනා කරලා බලන්න. දැන් තියෙන සමාජ තත්වෙත් එක්ක බැලුවම ඔයා හරි යන්නත් පුලුවන්. මට හිතෙන දේයි මම කිව්වේ.
2. අනික ඔය අම්මලා කියන අය නම් බන් අදහන්න වටින කට්ටියක්. අම්මට සම කරන්න මේ ලෝකේ කවුරුත් නෑ. අම්මලා ලමයි ගැන තරහ හිතේ තියන් ඉන්නේ නෑ. ඒක නිසා අම්මත් එක්ක ටිකක් වෙනදට වඩා හොදින් ඉන්න. පොඩි කෝලමක් එහෙම කරලා අම්මව හිනා ගස්සලා ඉන්න. එයා කැමති කෑම බීමක් එහෙම අරන් දීලා ශේප් කර ගන්න. එතකොට එයාම තේරුම් ගන්නවා මෙහෙම කරන්නේ එයාගෙන් සමාව ගන්න තමයි කියලා. අනික අම්මලා පුතාලට කොහොමත් ආදරෙයි බන්.
අම්මගෙන් සමාව ගනින් බං. එහෙම බැරිනම් අම්මට වෙනදට වැඩිය ආදරේ පෙන්නපං... අම්ම කියන්නෙ ලෝකයක් බං... මගෙ අම්මා අපි අතර නෑ... එයාගේ අඩුව ගොඩක් දැනෙනවා බං..... එයාලා අපිව උස් මහත් කරන්න කළ දේවල් දැනෙන්න උඹ තාත්තා කෙනෙක්ම වෙන්න ඕනා...
අම්මා තරම් මේ ලෝකේ වෙන වස්තුවක් තියනවද ?
අම්මලා කවදාවත් තමන්ගේ පුතාට වයිර කරන්නෙත් නැහැ ,තරහව තියන් ඉන්නෙත් නැහැ ..
වදින්න බැරිනම් ඉබල හරි සමාව අරන් ,අයෙත් ඒ වචන නොකියන්න වග බලාගන්න ..
ඉස්සෙල්ල තමන් ගැන හිතන්න ,උඹ වගේ මුසලයෙක් හදන්න අම්ම කොයි තරම් පව් කරන්න ඇතිද ?
( අපි එතන ඉදල හිතුවොත් කොහොමද )
.
හැරිලා බලලා ,අම්මා අවුරුදු 05 -10 වෙනකන් හරියට දින හොයල ,බලලා ,වෙලාවට .නියමිත ( පෝලියෝ ,ගලපටලය තව ගොඩක් තියන ,INJECTION ටික නොගැහුවනම් අපි දිහා බලන්න එක සහෝදරයෙක්,ගැනියෙක්,නෑදෑයෙක් බල්ලෙක්වත් නැහැ ..
වෙන මුකුත් ඕනේ නැහැ මේ කරපු දේම ඇති ,අම්මට ජිවිත කාලෙටම ආදරෙන් සලකන්න .
අම්මට බැනපු එකටයි උබට හෙල්ප් කරන්න advice දීල තිබ්බා නේ , සිරාම ටිකක් තිබ්බා..
උබ කේන්ති යන එකට විසදුමක් හොයපන් .. සාමන්යෙන් කේන්ති යන්න එක්කෝ උබ තනියෙන් පාලුවෙන් ඉන්න ඕනේ , නැත්නම් ඔක්කොම දමලාගහලා යන්න හිතෙන ටයිප් වෙන්න ඕනේ.
බලපන් පොඩ්ඩක් එලියට එන්න , කිරිය එකට හොදම තැනක් හිතට එන්නේ මොනාද කියලා දාපන් , බැනපන් හිතේ තියෙන ඔක්කොම මේකේ කියපන්; මේකේ ඉන්න එකෙක්වත් උබව දන්නේ නැති නිසා කිසිම අවුලක් වෙන්නේ නෑ නේ
පොඩ්ඩක් රිලැක්ස් වෙයන් , පලයන් පොඩි නිවාඩුවක් උබයි අම්මයි විතරක් නම් ඉන්නේ අම්මත් එක්ක පල කොහේ හරි පොඩි රවුමක් ගහලා එන්න; හොද හොටලෙකින් කාපන් , උබ ආස දෙයක් කරපන් (අම්මා බන් පටන් ගද්දි සල්ලි අපරාදේ අනම් මනම්, ඒ උනාට ඒ මිනිස්සු ආසයි බන්. මන් අත් දැකීමෙන් කියන්නේ ඔහොම මන් ගියපු එකක පොටෝ එකක් එයා print කරලා තියාගෙන ඉන්නවා තාම)
ඉදලා හිටලා එහම වෙනසක් කරපන්, උබ ආසා දෙයක් ඇති මොනාම හරි ඒ දේ කරපන්.
කේන්ති ගන්න එක සාමාන්‍යයි බන්, මටත් එහම්මමයි, ඒ වෙලාවට කරන්න දෙයක් හොයාගනින්. මන් නම්කරන්නේ තනියම කියවන එක ,bathroom එකට ගිහින් ෂවර් එකත් ඇරලා හිතේ බනින්න ඕන ඔක්කොම කියවලා එන්නේ . කේන්ති ගිය ගමන්ම ගහලා දාල යනවා ...
thawa bala bala inne monawada gihin ammawa ibala karala samawa ganin
Umba maara ponnayekne hutto
Umbata salli prasna athi une amma musa nisada?
Ammata ohoma wela tiyenne umbe musala kamata kiyala umbata hithune nadda?
