අම්මා ගෙදර නවත්තන් ඉන්න බඩ තඩි මනුස්සයා ?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,927
    4,330
    113
    අම්මා ගෙදර නවත්තන් ඉන්න බඩ තඩි මනුස්සයා ?

    "අම්මා ! අම්මා .. මේ බලන්නකෝ.."
    රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටි තරුණිය එක්වර පුදුමයෙන් හඩ තලන්නට වූවාය. කිරිහොද්දක් හැඳිගාමින් සිටි මව පොල්කටු හැන්දද රැගෙන සාලයට දිව ආවාය.
    " මේ බලන්න අම්මා. අර අපේ ගෙදර නැවතිලා ඉන්න බඩ තඩි මනුස්සයා ටී වී එකේ පෙන්නනවා"
    තරුණිය විමතියෙන් මෙන් අත දිගු කලාය.
    " අයියෝ ඔනෙලා. මම බය වෙච්ච තරමක්. අර කිරිහොද්දත් කැටි ගැහෙනවා ළමයෝ ඔයාගේ වැඩ නිසා "
    මව රූපවාහිනිය දෙස බලමින් අවවාද කරන්නීය.
    " ඒත් අම්මා ! .. " තරුණිය නෝක්කාඩු ස්වරයෙන් පවසන්නට විය.
    " ඒ මනුස්සයා මොකටද අපි යන යන ගෙදරට එන්නේ. කලින් ගෙවල් වලත් හිටියා. මේ ගෙදර ගත්තාම ඒකටත් ආවා "
    ඇය හඬන්නට මෙන් අම්මාගේ ඇඟේ එල්ලුණාය.
    "මොකටද අම්මා දන්නේ නැති මිනිස්සුන්ව ගේ ඇතුළේ තියා ගන්නේ .. මගෙ යාලුවොත් හිනාවෙනවා අපේ ගෙදරට මහසෝන වගේ උස මහත මනුස්සයෙක් යනවා එනවා කියලා.. " ඇය මවගේ උරහිසේ මුහුණ සඟවා ගත්තාය.
    " ඔනෙලා ... " මව වඩාත් බැරෑරුම් ස්වරයෙන් ඇමතුවාය.
    " අනේ අම්මා ! අපි එයාව දන්නේවත් නෑනේ. අඩුම ගාණේ වචනයක් වත් කතා කරන්නෙත් නෑනේ." දියණිය මුරණ්ඩු ස්වරයෙන් පැවසුවාය.
    " මුරකාරයෙක් ඕනෙම නම් අපි වෙන කෙනෙක් ගමු. මෙයාගේ මරුමුස් පාට වැඩියි අම්මා " අනතුරුව ඇය කකුලෙන් සිමෙන්ති පොළව හාරන්නට විය.
    "මතක නැද්ද අනේ අපි බලපු බොඩිගාර්ඩ් ෆිල්ම් එක" ඇයගේ මුහුණ රතුවන්නට විය. " ඒකේ බොඩිගාර්ඩ්ට හිටියේ සල්මන් ඛාන්"
    "ඔයාට පිස්සුද ළමයෝ" මව තරමක් නොරිස්සුමෙන් හඬ නැගුවාය.
    " මට නෙමෙයි. අම්මටයි පිස්සු." තරුණිය කෝපයෙන් දෙවුර ගැස්සුවාය.
    " අඳුනන්නේ නැති මනුස්සයෙක්ව ගේ ඇතුළේ දාගෙන ඉන්නේ අම්මනේ " ඇය සිහින් හඬින් කෑ ගැසුවාය.
    " අඩුම ගාණේ උයන්න පුළුවන් මිනිහෙක් නම් කමක් නෑ. අපිට තිබ්බා කුස්සියේ වැඩ ටික ඒ මනුස්සයට දෙන්න" ඇය බලාපොරොත්තු සහගතව මව දෙස බැලුවාය.
    " ඔනෙලා !" මව කෝපාවිෂ්ට වූවාය.
    " විකාර කියවන්න එපා ළමයෝ. ඒ ඔයාලගේ තාත්තා. එයා මේ රටේ විදේශ කටයුතු ඇමති. ඔයාලා එක්ක කතා කර කර ඉන්න එයාලට වෙලාවක් නෑ"
    මව තම ලජ්ජාසහගත මූණ දියණියගෙන් වසං කරමින් මෙසේද පැවසුවාය.
    " එයා බිසී ඔනෙලා. එයාලා යහපාලනේ කියලා එකක් ගේන්න රෑ දවල් නැතුව වැඩ! "

    - සහන් කසීර වික්‍රමසිංහ -
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    bump.gif